IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මරණ තර්ජන ගැන මන්ත්‍රීවරුන් දෙදෙනකුගෙන් කතානායකට පැමිණිලි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මරණීය තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු   දෙදෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ (9) වරප්‍රසාද ප්‍රශ්න  මතු කළහ.

මෙසේ වරප්‍රසාද ප්‍රශ්න මතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර සහ  දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු වෙති.

වසන්ත යාපා බණ්ඩාර මහතාට මරණීය තර්ජන එල්ල වී ඇතැයි පැවසෙන්නේ  අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පෙරය. තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එම ඡන්ද විමසීමට පසු මරණීය තර්ජන එල්ලවී ඇතැයි කියති.

අනුප්‍රාප්තික  ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට පෙර ඉකුත්දා 13 වැනිදා තමාට  කිසියම් පුද්ගලයකු තර්ජනය කර බැන වැදුණු බවත්  මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මකවී නැති බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් පැවසීය.

තමාට මේ තර්ජනය ආවේ පසුගිය ජනාධිපතිවරණයදී ගත් තීරණය නිසා දැයි සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ  මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පොලිස්පතිවරයාට දැනටමත් යොමුකර ඇති බවයි.

ඉන් අනතුරුව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පැවසුවේ පසුගිය ජුලි මස 29 වෙනිදා තමාටද කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙන් තර්ජනය කළ බවයි.

හෘද සාක්ෂියට එකඟව වැඩ කරන පුද්ගලයකු වන තමා මේ තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත්  පැවසීය.



අදහස් (0)

මරණ තර්ජන ගැන මන්ත්‍රීවරුන් දෙදෙනකුගෙන් කතානායකට පැමිණිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site