IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ.
 
පසුගිය 10 වැනිදා අදාළ දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි.
 
පවතින වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්ය. ආරක්ෂිත ක්රිමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව ද සඳහන්.
 
ජර්මනියේ මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් එක් ලක්ෂ 80,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති අතර මරණ 8365ක් සිදුව තිබේ.
 
සමස්ත ආසාදිතයින්ගෙන් එක් ලක්ෂ 60,000ක පමණ පිරිසක් මේ වන විටත් පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.


( ගාඩියන් ඇසුරෙනි  )
 
(125)



අදහස් (8)

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

Ashan Monday, 25 May 2020 03:31 AM

මම සිංහල භාෂාව ගැන බොහෝ දේ නොදනිමි. නමුත් මෙහි යම් අවුල් සහගත බවක් දැනේ.

:       0       101

BamunuarachchiMonday, 25 May 2020 06:37 AM

මොකක්ද අවුල 180000 ආසාදිතයෝ 160000ක් සුවවෙලා කියන එකද? නැතිනම් "සෞඛ්‍යය" වචනයද?

:       0       22

samanthi Monday, 25 May 2020 04:02 AM

ඉතින් මෙහෙම තියෙද්දී ජර්මනිය සාර්ථකව කොරෝනා පාලනය කරනවා කියලා පුවත් පළවෙන්නේ මොකද? අපේ ලංකාව ඊට වඩා හොඳයිනේ... නවසීලන්තය, ෆින්ලන්තය සහ තව සමහර රටවල් එක්ක ජර්මනියත් මුල් පිටුවේ....

:       6       22

සේන Monday, 25 May 2020 05:42 AM

මෝහය මිනිසා අන්ධ කරයි.

:       0       10

Bamunuarachchi Monday, 25 May 2020 06:33 AM

තවමත් දෙවියන් විශ්වාස කරන මිනිස්සු ඉන්නවනේ... දෙවියන්ව මැව්වේ මිනිසා කියලා තේරුම්ගෙන නැහැ...

:       0       255

Nuwan Monday, 25 May 2020 06:45 AM

දෙවියෝ දුන්නු තෑගි ගත්තු තවත් කස්ටියක්!

:       0       34

de silva berlin Monday, 25 May 2020 07:49 AM

සමන්ති මහත්මියගේ ප්‍රශ්නයට පිළිතුරු - ජර්මනියේ කොරෝනා රෝගීන් 180000 සොයාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 160000 පමණ සුව කර තිබෙනවා. මරණ 8000 පමණ තිබෙනවා දැනට 12000 පමණ ප්‍රතිකාර ගන්නවා. ජර්මනිය කියන්නේ ජනගහනය මිලියන 8,2 ජිවත්වන වර්ග කිලෝමීටර් 3,57386 විශාල රටක්. ඔවුන් කොනා පාලනය කළේ ඇදිරිනීතිය නොදමා යම් යම් සිමා පමණක් පනවමින් සහ පුරවැසියාගේ මුලික ඓතිවාසිකම් විශාල ලෙස ආරක්ෂා කරමින් වීම විශේෂත්වයක්. කොරෝනා කල සිමාව තුළ ඔවුන් පිටරට සිටි ජෙර්මන් පුරවැසියන් සියලුදෙනාටම රටට පැමිණෙන්න ඉඩ ලබාදුන්නා. විදේශිකයන් සදහා දේශ සිමා වැසුවත් අරාබි රටවල් කළා මෙන් මෙහෙ සිටි විදේශ ශ්‍රමිකයන්ට විදේශ සංචාරකයන්ට රටෙන් පිටවන ලෙස බලකිරීමක් සිදුවුනේ නැහැ. කොරෝනා පාලනයට රටේ හමුදාව යොදා ගැනීමක් සිදුවුනේ නැහැ. අදාල සෞඛ්‍ය අංශ සහ පොලිසිය පමණි මෙම කටයුතු වල නිරතවුනේ. කොරෝනා මර්ධන කටයුතු වල නිරතවුන පොලිසිය, සෞඛ්‍ය අංශ සහ රජයේ නිලධාරීන් සදහාත් නිරෝධායන නීති රීති පිළිපැදීම අනිවාර්ය කළා. එමනිසා ඔවුන් අතරේ විශාල කොරෝනා පැතිරීමක් සිදු වුනේ නැහැ.

:       36       32

de silva Monday, 25 May 2020 11:16 AM

සමහරු මම දමපු අදහසට විරුද්ධ බව පෙනෙනවා... නමුත් එ්ක තමයි සත්‍ය තත්වය, කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ දැඩි ලෙස ඇඳිරි නීතිය සහ තහංචි දමලත් ලංකාවේ කොරෝනා අාසාධිතයින් මෙපමණ ප්‍රමාණයකට වැඩිවෙන්න හේතුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දීපු ආරක්ෂක උපදෙස් සහ ආණ්ඩුව විසින් දමපු නීතිරීති, ආරක්ෂක, සෞඛ්‍ය අංශවල සාමාජිකයන් විසින්ම නොපිලිපැදීම, දැන් ලංකාවේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 90%ක් පමණ කොරෝනා මර්ධනයට දායක වුණු රජයේ සේවකයන් හෝ ඔවුන්ගේ සමීපතයන්, මෙවැනි තත්වයක් ජර්මනියේ දකින්නට නැහැ... ජර්මනියේ කොරෝනා සහ අනෙකුත් සිවිල් නීතිරීති මෙහෙ රජය නායකයාගෙන් පටන්ගත්තාම සාමාන්‍ය පුරවැසියා දක්වාම කාටත් පොදුයි.. මෙම රටවල් දියුණු වීමේ රහසද තිබෙන්නේ මෙතැනයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site