හිරාන් ප්‍රියංකර ජයසිංහ
මුලතිව් නයාරු මුහුදු වෙරළෙන් මුහුදු ගොස් අතුරුදන් වූ හලාවත කරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ කඩලුර් ආසන්නයේ පොලිසියක රඳවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔවුන්ගේ ඥාතීහු පවසති.
හලාවත කරුකුපනේ පදිංචිව සිටි මිල්රාජ් මිරැන්ඩෝ (50), නිදුර්කන් මිරැන්ඩෝ (24) සහ එම්මනුවෙල් මිරැන්ඩෝ (48) යන තිදෙනා පසුගිය 12 වැනිදා අලුයම නයාරු වලින් මුහුදු ගොස් ඇත. මිල්රාජ් සහ එම්මනුවෙල් සහෝදරයන් වන අතර නිදුර්කන් මිල්රාජ්ගේ පුතනුවන්ය.
දින 10 කට ආසන්න කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි මෙම ධිවරයින් ඉන්දියාවේ වේලක්කන්නි මැණියන්ගේ දේවස්ථානය ආසන්නයේ පිහිටි නඩලුර් පොලිසියක රඳවා සිටින බවට තොරතුරු ඇතැයි ඥාතීහු කියති.
ඔවුන් ගිය සතිස් පුතා නමින් සිංහලින් සඳහන් කර ඇති නිල් කහ පැහැති යාත්‍රාව නඩලුර් වෙරළේ ගාල් කර තිබෙන ඡායාරූප අද තමන්ට ලැබුණු බව ද ඥාතීහු පවසති.
මේ පිරිස හැකි ඉක්මණින් ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලති.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ පොලිසියක රඳවාගෙනලු