(සුජිත් හේවාජුලිගේ )

ඔමික්‍රෝන් සැර  කොරෝනා වයිරසය  ආසාදනයවූ ආසාදිතයින් තවත් 160 දෙනෙකු සොයා ගෙන ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ලංකාදීපයට පැවැසීය.

මෙම ඔමික්‍රොන්  නව ආසාදිතයන් පිරිස හමුවී ඇත්තේ  කොවිඩ්  ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල  182 ක්  පරික්ෂා කිරීමේදී බවද  හෙතෙම සඳහන් කළේය.