(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය හෙට (9) පස්වරු 1.00ට ආරම්භ කෙරේ.
මෙම විවාදය හෙට අනිද්දා (10) සහ ලබන 12 වැනිදා පැවැත්වේ.
සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින් හෙට (9)පාර්ලිමේන්තුවේදී මුලින්ම අදහස් දක්වන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් ලබාදෙන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. මෙම විවාදය ලබාදීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට පසුගිය 3 වැනිදා ඉදිරිපත් කළේය.
මේ අතර අයවැය සංශෝධිත පනත් කෙටුම්පත ( 2022) පාර්ලිමේන්තුවට හෙට (9) ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එමෙන්ම විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා (10) ඉදිරිපත් කෙරේ.
පාර්ලිමේන්තුව හෙට (9) සවස 1.00ට රැස්වීමට නියමිත අතර විවාදය සවස 4.30 දක්වා පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුව අනිද්දා ( 10) සහ ලබන 12 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා රැස්වීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග අහෝසි වූ කාරක සභා සභා නැවත ස්ථාපනය කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රනයවන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (Committee of Selection) පත්කිරීමද හෙට (9) දින සිදු කෙරේ.
මෙම තේරීම් කාරක සභාව පත්කර ගත් පසුව පාර්ලිමේන්තු කමිටු කඩිනමින් පිහිටවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
231
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට