(නිමල් ජයරත්න)

පොලොන්නරුව බකමූණ  යාය 25 ගම්මානයේ සුසාන භූමියට වැනි දා දහවල් 12 ට කාන්තවන් දෙදෙනෙකු ඇතුල් වී සොහොන් කොත්මත බලි පූජා කරමින් සිටියදී කාන්තාවන් දෙදෙනකු අත්තඩංගුවට ගත් බව බකමූණ පොලීසිය පවසයි.

යාය 25 ගම්මානයේ පොදු සුසාන භූමියේ මීට සති දෙකකට පමණ පෙර වළදමා තිබූ සොහොන් කොතක සහ පැරණි සොහොන් කොතක් ස්ථාන දෙකකින් හාරා යම් කිසි දෙයක් ඇතුල් කර තිබේ.

සොහොන් කොත් මත මැටි වලින් සෑදූ මිනිස් රූපවලට සමාන රූප යොදාගනිමින් පහන් පත්තු කරමින් සිටි පිරිසක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් එය දැක ගම්වාසීන්ට දැනුම්වත් කර ඇත.

පසුව ගම්වාසීන් පැමිණ එය සොයා බලා බකමූණ පොලීසියට මේ බව දන්වා තිබේ.