IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විත්තිකරුවකුට අසනීපවී ප්ලාස්ටික් පිස්තෝල නඩුව කල්යයි

දිලීප් ජයසේකර සහ චන්ද්‍රසේන ගමගේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා හම්බන්තොට මාගම්පුර වරායේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේතු මංත්‍රිවරුන්   පිරිසට    හම්බන්තොට වරාය පරිශ්‍රයේදී ප්‍රහාරයක් එල්ල කිරීම ගැන නඩු   විත්තිකරුවකු  සිහිසුන්ව  ඇදවැටීම හේතුවෙන් නඩු විභාගය මැයි මස 15 වන දින දක්වා කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න හා ආර්.යෝගරාජන් මහත්වරුන්    ඇතුළු කණ්ඩායමක්  2014 අප්‍රේල් 17 වැනි දා  නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගොස්  හම්බන්තොට වරාය පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේ බිත්තර හා ගල් මුල් ප්‍රහාරයක් එල්ලවීය.

මෙම සිද්ධියට අදාලව එවකට හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර මහතාට ද,   පේමසිරි පරණමාන, තුවාන් රම්සාන්, මදුෂ නිලාන් හා බිංදු ශ්‍රි වර්ණසිංහ යන පිරිසටද එරෙහිව  චෝදනා 29ක් යටතේ  නඩු විභාගය පැවැත්වෙයි.

මෙම සිද්ධියට අදාලව පැවැත්වෙන  නඩු විභාගය 26 හා 27 යන දෙදින  එක දිගට පැවැත්විමට මිට පෙර දෙපාර්ශ්වයේම කැමැත්ත අනුව තීරණය වි තිබුණු අතර ඒ අනුව පළමුව 26 වැනි දින පැවති නඩු විභාගයේදි සිද්ධියට අදාලව අජිත් පී පෙරේරා හා ආර්.යෝගරාජන් යන මහත්වරු සාක්කි දුන්හ.  

අද (27) දිනයේද නඩුව විභාගයට ගනිමින් ඉරාන් වික්‍රමරත්න මහතාගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකෙරුණි.  පෙරවරු  11ට පමණ අදාල නඩු විභාගය ආරම්භ කෙරුණු අතර ඉරාන් වික්‍රමරත්න මහතාගේ සාක්ෂිය ලබා දෙමින් සිටි අතරවාරයේ දහවල් 12.30ට පමණ විත්ති කූඩුවේ සිටි පළමු වැනි විත්ති කරු එකවර විත්තිකූඩුව තුළ ඇදවැටිම හේතුවෙන් නඩු විභාගය මිනිත්තු 30ට කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඒ අනුව පස්වරු 01ට නැවත නඩුව කැඳවු අතර එහිදී විත්තිය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ   තුසිත අලුත්පටබැදිගේ මහතා අධිකරණයට දැනුම් දුන්න්නේ විත්ති කූඩුව තුල අසනිප වී  ඇදවැටුණු පළමු විත්ති කරු වන පේමසිරි පරණමාන යන අය  ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බවයි.   ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා ඒ බව උසාවි පොලිස් නිළධාරී වරයාගෙන්ද විමසීමක් කළ අතර උසාවි පොලිස් නිළධාරීයා රෝහල් පොලිසිය මගින් ඒ බව තහවුරු කරගෙන තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ රෝහල් ගත කෙරුණු විත්තිකරු සම්බන්ධයෙන් මීලග නඩු දිනයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා අද දින රෝහල් ගත කෙරුණු පළමු විත්තිකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මීළඟ නඩු දිනයේදී මහාධිකරණය වෙත ලබා දෙන ලෙස හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

 නඩු විභාගය මැයි මස 15 වැනි දිනට කල් තැබිණි.

ඉරාන් වික්‍රම රත්න, අජිත් මාන්නප්පෙරුම හා නලින් බණ්ඩාර යන මහත්වරුන්ට මීළඟ දිනයේ සාක්කි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මෙම සිද්ධිය වූ දිනයේ හිටපු නගරාධිපති එරාජ් මහතා පිස්තෝලයක් අතැතිව සිටි අතර ඔහු පසුව කීවේ එය ප්ලාස්ටික් පිස්තෝලයක් බවයි.   



අදහස් (1)

විත්තිකරුවකුට අසනීපවී ප්ලාස්ටික් පිස්තෝල නඩුව කල්යයි

Ajith Nissanka Tuesday, 27 March 2018 02:12 PM

අධිකරණ ක්‍රියා මාර්ග වලට යනකොට ලෝකේ නැති ලෙඩ මේගොල්ලන්ට හැදෙනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site