IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


“ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වන්න”

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා ගොඩනගාගෙන ඇති ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයට නැවතීමේ තිත තැබීම සඳහා ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්න දිනතම දිනයේ ජනාධිපතිවරණ පවත්වන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (22) පැවසීය.


“මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුණි ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වනු මැනවි” යැයි ද ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටියේය.

  
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස් ජනතා සභා මාධ්‍ය හමුවේදී අද එසේ පැවසීය.   වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බවත් එහි ප්‍රතිපළයක් ලෙස ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවන් රැසක් ක්‍රියාත්මක වන බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.

 
ජනාධිපතිවරයා ආරූඩ කරගෙන සිටින එම ආඥාදායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ, මැතිවරණ සිතියමෙන් ඉවත් කර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ දිනය ඔහුගේ සාක්කුවට දාගෙන ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා පාර්ලිමේන්තු තුළ සමච්චලයට ලක්කරමින් ස්වාධින කොමිෂන් සභා සියල්ම සමච්චලයට ලක්කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.  



අදහස් (1)

“ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වන්න”

SAM Thursday, 22 February 2024 06:33 PM

SLFP පක්ෂයට සම්බන්දව වසර 15ක් පමණ දේශපාලනය කල මොහුට මේවනවිට එම පක්ෂය වැසිකිලියක් / කසිකිලියක් මෙන් පෙනෙන්නට පටන් ගෙන ඇත සහ රාජපක්ෂලාව තේරුම් ගැනීමට අපහසුවූ බව සමාජ මාධ්‍යට ප්‍රකාශ කර සිටි. "පක්ෂ සහ නයකයන විවේචනය" මොහු පමණක් නොව මේවනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ, පක්ෂ නායකයන් සමග එක්ව සිටි ආණ්ඩු කිහිපයක ඇමති තනතුරු දරු සහ පක්ෂ මාරු කරනා දේශපාලකයන්ගේ පොදු කියමක් / ප්‍රකාශයක් බවට පත්කර ගෙන තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site