IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


’’වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ’’

(යොහාන් භාසුර)

වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද (7) පැවසීය.

වී ගබඩා 40 කට අධික සංඛ්‍යාවක් වී මිලදීගැනීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවත් අස්වැන්න නෙළීම ඉහළයත්ම රජයේ කොටස ගොවි ජනතාව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා කීය.

රජය ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද කී ඒ මහතා වී සහ සහල් පිළිබඳ සියලු‍ම අංශවලින් කළ අධ්‍යයනයකින් පසුව වී මිල තීරණය කිරීම හේතුවෙන් සහල් සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.



අදහස් (15)

’’වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ’’

Akila Friday, 07 February 2025 06:11 PM

අපරාදේ අපේ බදු සල්ලි, අපෙන් වියදම් කරලා පොහොර අඩුවට දෙනවා. බෙහෙත් ටික, වතුර දෙනවා. කෘෂි උපදෙස් දෙනවා අන්තිමට ගිනි ගණන් දීලා හාල් ගන්නවා.. මම හිතන්නේ නැහැ මාලිමාවේ උන්දැලාට කොන්දක් තියනවා ඇති කියලා වී දුන්නේ නැති අයට විරුද්ධ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න..

:       12       68

Asela Friday, 07 February 2025 06:25 PM

රජය විවිධ සහනාධාර ලබාදුන්නත් ගොවීන් තමන්ගේ වී විකුණලා පාඩු ලැබුවේ නැහැ. මෙය ශ්‍රී ලාංකිකයකුගේ ස්වභාවයයි. ඒ වෙනුවට රජය කළ යුත්තේ වී මිලදී නොගෙන සහල් ආනයනයේදී සාධාරණ මිලකට මිල අඩු කිරීම සඳහා මිල සූත්‍රය සහ තරගකාරීත්වය එන්නත් කර මිල පාලනය කිරීමයි. ඒ නිසා රජය, ගොවීන් සහ පාරිභෝගිකයා යන දෙදෙනාම පාරිභෝගික සමාජය තුළ සිටින්නේ කොතැනකදැයි දනිති. දේශීය ගොවියන්ට අනවශ්‍ය ආදරයක් අවශ්‍ය නැහැ. ගොවීන් සහ අතරමැදි ගැනුම්කරුවන් එතරම් අහිංසක නැත.

:       4       48

S,p,bandara Friday, 07 February 2025 06:32 PM

ඇයි නුඹලනේ ඇඬුවේ...? ගොවියට වී විකුණාගන්න බෑ කියලා.

:       3       32

යෝගා Friday, 07 February 2025 06:51 PM

රජයේ උපරිම මිල තීරණය කරන්න ඇත්තේ ඩඩ්ලි වෙන්න ඇති. මහ මෝල්කාරයෝ උපරිම මිලට වඩා රුපියල් පහක් වැඩිපුර දීලා වී ගන්නවා. ඉදිරියේදී නියඟය සහ විදේශීය හේතු මත විදුලි ගාස්තු වැඩිවෙනකොට ඩඩ්ලි කියනවා සහල් නිෂ්පාදන වියදම වැඩියි කියලා. අන්න එතකොට අනුර මේසෙට ගහල සහල් පාලන මිල වැඩි කරනවා. සරලයි නේද?

:       17       34

de silva Friday, 07 February 2025 08:39 PM

අන්තිමට වුනේ සහල් මිල ඉහල ගිය එක පමණි

:       1       30

Suranga Saturday, 08 February 2025 03:13 AM

විදේශයකින් සහල් ගෙන්වීම නිසා ජනතාවට බරපතළම ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා එකක් කන්න අදින්න පිටරටින් එනතුරුම බලාසිටින්න වෙනවා සහල් එවන රටකට ස්වාභාවික හේතුමත රටතුල ආහාර හිගයකුත් ඇති වෙනවා ගොවිතැන රැකියාවක් ලෙසට කරන පවුල් ලක්ෂ ගණනකට රැකියා නැතිවෙනවා රටේ විනිමය නැතිවෙලා භාභාණ්ඩාගාරය හිස් වෙනවා ඉතින් නොමිලේ පොහොර හා වතුරදීලා ගොවීන් දිරිමත් කලොත් ඒ කියන ප්‍රශ්න විසදෙනවා

:       7       4

de silva Saturday, 08 February 2025 07:39 AM

අන්තිමට වුනේ සහල් මිල ඉහල ගිය එක පමණි... මේ විකාර නවත්වලා කැමැති කෙනෙකුට සහල් පිටරටින් ගෙන්වන්න ඉඩ දෙන්න. එම සහල් කිලෝ එකට වලට රුපියල් 20 ක පමණ බද්දක් ගහන්න. එම බදු මුදලින් ගොවියාට පොහොර සහනාධාරේ දෙන්න. එතකොට හැම පැත්තම බැලන්ස් වෙනවා.

:       1       6

sanath Saturday, 08 February 2025 07:47 AM

මොන සහනාධාරේ දුන්නත් අන්තිමට ගොවියා කරන්නේ ඩඩ්ලි, මිත්‍රපාල, සිරිපාල ගම්ලත් වැනි මහා පරිමාණ සහල් මාෆියා කාරයෙකුට සහල් විකුණන එක... පාරිභෝගික අපි අමාරුවේ වැටෙනවා.. දුප්පත් මනුස්සයාගේ දරුවට කන්න බොන්න නැති වෙන එක.. ඔය විකාර පැත්තක දමලා කැමැති කෙනෙකුට සහල් පිටරටින් කැමති ඉඩ හැරලා, රුපියල් 10-15 පමණ සාධාරණ බද්දක් එකට ගහලා මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න.. දරුවාට කන්න බොන්න දෙන්න බැරි වුණොත් දුප්පත් අඩු ආදායම්ලාභී මිනිස්සු නැවතත් රාජපක්ෂ හොරුන්ට පවා ඡන්දේ දෙන්න පෙලඹෙන්න පුළුවන්.. ආණ්ඩුව එම තත්වයට මිනිස්සු ඇදලා දමන්න එපා. අර නන්දසේන ජනපතිතුමා ගත්තා වගේ මෝඩ තීරණ ගන්න එපා...

:       0       9

Nishan Saturday, 08 February 2025 07:58 AM

හාල් මිල වැඩි කරලා වී මිල අඩු කළේ කාගේ සාක්කු පුරවන්නද කියලා දැන් පැහැදිලියි.

:       1       7

Lalla Saturday, 08 February 2025 10:36 AM

වෙළඳාම රජයට කරන්න බෑ කියලා තේරෙනවා නොවේද? ගොවීන් කැමැත්ත පෞද්ගලික වෙළඳාමට.. වෙළෙන්දෝ ඔවුන්ගේ කුඹුරු සී සෑම බිත්තර වී සැපයුම කෘෂි රසායන ද්‍රව්‍ය සහ අවසානයේ අස්වනු නෙලීමත් කරන තැන් තියෙනවා. ඉඩම පොහොර වාරි ජලය ආණ්ඩුව සපයනවා. අවසානයේ කෑ ගහන ගොවි සංවිධානවල සාමාජික කට්ටිය මොනවාද කරන්නේ... මේ තමා වී ගොවිතැන...

:       4       7

සෙනෙවිරත්න Saturday, 08 February 2025 11:39 AM

රජයට බිස්නස් බැරිය කියන අයට කියන්නෙ. මේක රටේ හැමෝගෙම වැඩක්, ආකල්පමය වෙනසක් අවශ්‍ය වැඩක්, රජයටත් පහසුයි එහෙම වුණොත් මුදලාලිලා හාල් මිල නියම කරාවි. හැබැයි ජනතාව රජයට දොස් කියන්න එපා, ගොවියනුත් සියලුම අලකළංචි රජයට කියන්න එපා. මුදලාලිලා එක්කම විසඳාගන්න. ජලයට මිලක් අයකරන්න වාරි මාර්ග නඩත්තුව කරනවාට... මේකෙ අවසානයක් දැකිය යුතුයි..

:       6       6

ඩී. ජේ. කේ. ද සිල්වා. Saturday, 08 February 2025 01:07 PM

අළෙවි මණ්ඩලයට වී ලබාදෙන අයට පමණක් පොහොර හා විවිධ ආධාර ලබාදෙන බව ආණ්ඩුව කීවොත්...!

:       3       8

බදුගෙවන ජනතාව Saturday, 08 February 2025 01:24 PM

දැං ඉතිං වාරි ජලය වගා හානි පොහොර බේත් තෙල් සහනාධාර සියල්ල ඔය වී මිලට ගන්න පුද්ගලික මුදලාලිගෙන්ම ඉල්ල ගන්න. අපිට බදු ගෙවාගෙන ගිනි ගණන් වලට හාල් ගන්න ඕනෑ නෑ. රටින් ලාබෙට කන එක රටට විශාල ධනයක් ඉතුරු කරගන්න පුළුවන්...

:       0       7

Thinuli Sehansa Saturday, 08 February 2025 04:16 PM

අපේ බදු මුදල්වලින්දෙන සියලු සහනාධාර නවතා දැමිය යුතුයි. වගාහානි පවා‌ වී මෝල් හිමියගෙන්ම‌ ලබාගන්නා ලෙස සියලු ගොවීන්ට දැන්විය යුතුයි.

:       0       5

ගුණරත්න Saturday, 08 February 2025 05:57 PM

අපි නම් ඔහොම වෙනවා කියල දැනගෙන හිටියා, මොකාද 120 ට වී විකුණන බූරුවා, පුද්ගලික සමාගම් ගොවි බිමටම ඇවිත් ආණ්ඩුවේ මිලටත් වැඩියෙන් වී අරන් යනවා නම් ආණ්ඩුවේ ගබඩා පිරෙන්නේ නැහැ කවදාවත්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට
2025 මාර්තු මස 19 55 0

මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණ


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2025 මාර්තු මස 19 141 0

වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන ’’බුද්ධ රශ්මි වෙසක් කලාපය’’ මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීර


වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්
2025 මාර්තු මස 19 650 0

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය ප


දින අටක් මන්ත්‍රී අර්චුනාගේ කට වහයි
2025 මාර්තු මස 19 647 0

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්‍රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කි


මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්
2025 මාර්තු මස 19 167 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි.


දේශබන්ධු මාතර අධිකරණයට ?
2025 මාර්තු මස 19 3002 11

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 925 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 334 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site