
(රෝෂන් තුෂාර)
බුදු දහමට,ගෞතම බුදුන් වහන්සේට නිග්‍රහයක් වන අන්දමින් ලියා ප්‍රසිද්ධ කර ඇති "බුදුන්ගේ රස්තියාදුව" කෘතිය මගින් අපහාසයෙන් ඔබ්බට ගිය අපරාධමය වරදක් අනාවරණය වන බව හිටපු ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා හමුවේ සාක්ෂි දෙමින් (08) පැවසීය.
සිදුහත් කුමරුගේ උප්පත්තිය අවඥාවට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලෝක වාසී බෞද්ධ ජනතාව තුල කලකිරීමක් ඇතිවන අන්දමින් ලියා ඇති කෘතිය මගින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ වගන්තිය උල්ලංඝනය කරන බැවින් ඊට දඬුවම් ලබා දිය යුතු බවත් විජයදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව තුළ තවත් ආගම් තිබෙන බවත්, වෙනත් කිසිදු ආගමකට එරෙහිව මෙවැනි පොතක් ලිය වී නොමැති බවත් පැවසූ රාජපක්ෂ මහතා එහෙම ලී ලිව්වොත් මොකද වෙන්නේ කියා ඒ ලියන අය දන්නා බවත් පැවසීය.
සාක්ෂිකාර විජයදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේදී හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පොතෙහි කර්තෘ කේ.කේ ශ්‍රීනාත් යන අයට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී එසේ පැවසීය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විත්තියේ සාක්ෂි මෙහෙයවීය.
විත්තිය මගින් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
බුද්ධත්වය කියන උතුම් තලයට පත්වීමට සාරාසංකල්ප ලක්ෂයක් පෙරුම් පිරුව බව සඳහන් වෙනවා.මේ කෘතිය අනුව හැම තැනම යන රස්තියාදුකාරයින්ට මේ තලයට පත්වෙන්න පුළුවන් කියලා හැඟවෙනවා.බුදු හාමුදුරුවන්ගේ ගෞරවය නැති කරලා තියෙනවා.හීන බලලා රහත් වෙන්න ,බුදු වෙන්න බැහැ.මේක බෞද්ධ දර්ශනය අවඥාවට ලක් කිරීමක්,බෞද්ධ සාහිත්‍යය බෞද්ධ ඉතිහාසය දන්න ඕනෑම සවිඥානික පුද්ගලයෙකුට මේ කෘතිය කියනකොට වැටහී යනවා මේ ලියලා තියෙන්නේ බුදුන් ගැනද එහෙමත් නැත්නම් සාමාන්‍ය උපතක් ගැනද කියලා.මේක මගේ හිතලූවක් අනුව පවරපු නඩුවක් නෙවෙයි.පැමිණිල්ල ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව නීතිපතිවරයා විසින් අදාළ කෘතිය මගින් අපරාධ මා වරදක් සංස්ථාපනය වන බවට සනාථ කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පොලිසිය මගින් ගොනු කළ නඩුවක්.
පොත ලියල තියෙන්නෙ සිද්ධාර්ථ කුමාරයා ගැන නෙවෙයි වෙනත් සාමාන්‍ය දරුවෙක් පිළිබඳව යනුවෙන් විත්තිය ඉදිරිපත් කරන යෝජනාව කිසිසේත් පිළිගන්න බැහැ. බුදුහාමුදුරුවෝ රස්තියාදු කාරියෙක් යන්න සමාජගත කරන්න මෙම ග්‍රන්ථය ලියල තියෙනවා.විත්තියේ පවසන පරිදි මේක මගේ දැක්ම නෙවෙයි .මෙතන නඩුවක් තියෙනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුව දැකලා තියෙනවා.ඒ අනුවයි මේ නඩුව පවරා තිබෙන බව සාක්ෂිකාර රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
සැකකාර කේ .කේ ශ්‍රීනාත් සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
සාක්ෂිකරුට ඉදිරි දිනයේ දී අධිකරණය පෙනී සිටින ලෙසට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 18 දිනට නියම කළේය .
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’බුදුන්ගේ රස්තියාදුව’’ කෘතිය බුදු දහමට නිගාවක්
වින්සන්ට් කජ්ජා Monday, 08 December 2025 07:53 PM
බෞද්ධ ධර්මයට අනුව මේ නඩුව දාපු පුද්ගලයා රට සහයෝගෙන් කාපු අපරාධකාරයෙක්. නමුත් බුදුන් වහන්සේ අද සිටියානම් මේ දෙදෙනාටම මෛත්‍රී සිතින් සමාව දෙනු ඇත.
arwMonday, 08 December 2025 09:43 PM
නමුත් ලංකාවේ සිටින තලේබාන් බෞද්ධයින්ට අවශ්‍ය මෛත්‍රිය, සමාව දීම නොවේ.
දේශප්‍රිය Monday, 08 December 2025 07:56 PM
බුදුහාමුදුරුවන්ට අපහාස කරලා ලියපු පුද්ගලයා වෙනුවෙන් පෙනීසිටින නීතිඥයා කවුද බලන්න. ප්‍රභල ජේවීපීකාරයෙක්. පොඩ්ඩක් හිතලා බලන්න.
සමන් විමල් Monday, 08 December 2025 08:22 PM
මටත් නිරීක්ෂණය වුණා. ගෙවනවා ඇත්තේ පල්වත්තේ ඇරමුදලෙන් වෙන්න ඇති...
සැමං ලෙමං පප්Tuesday, 09 December 2025 09:25 AM
හිතළු ඇත්ත වගේ කියන ගමේ වට්ටි අම්මා කෙනෙක්.
MD Monday, 08 December 2025 09:44 PM
"නැගිටපල්ලා නැගිටපල්ලා" බුදදහම වනසන්න පැමිණි නිරාගමික මාලිමා සෙට් ඵක එලවපල්ලා.
විපරමා Monday, 08 December 2025 10:01 PM
ඩීල්දාසයා දූෂිතම පවුල් පාලනේ අයගේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ යටගහන්න කටයුතු කරපු විදිය, රැකපු විදිය නම් රටම දන්නවා....
Pankumburage Tuesday, 09 December 2025 03:07 AM
මේකට දේශපාලනය ගාවන්න හදන අය ගැන කණගාටුයි. වැරැද්දට දඩුවම් දිය යුතුමයි.
Susil Tuesday, 09 December 2025 03:37 AM
විජේදාස සමන්ත බද්‍ර හිමිගේ වැඩ වහන්න පෙනී සිටියා.
ලුම්බිණි Tuesday, 09 December 2025 04:10 AM
බොරුවට උසාවියේ කාලය නාස්ති කිරීමක්...
gajith Tuesday, 09 December 2025 04:18 AM
තවත් නිරාගමික ජවිප කාරයෝ හැත්තක් බුකියට බැහැලා උපුල් කුමාරප්පෙරුම නීතිවේදියාට සහාය පිණිස...
Nirodha De Silva Tuesday, 09 December 2025 05:09 AM
දේවදත්තලා ඒ කාලෙත් හිටියා... මේ කාලෙත් ඊට වඩා ඉන්නවා...
Upali Ratnayake Tuesday, 09 December 2025 07:39 AM
අරාබි රටක ඉස්ලාම් ආගම ගැන ඔහොම ලිව්වානම් දැනටමත් මරලා
ඩීල් දාස Tuesday, 09 December 2025 08:35 AM
ඩීල් එක හරි ගිහිල්ලා නැහැ වගෙ.
fairoos Tuesday, 09 December 2025 12:11 PM
කෘතියේ නමට නඩුවක් දාන්න ඕන ආගමකට අගෞරව කරන්න කාටත් බෑ නේ
බුද්ධික Tuesday, 09 December 2025 01:37 PM
එතකොට අර හොරණ පැත්තෙ ශාඛ්‍ය ජනපදේ හදනව කියල කෝටි ගානක් පිල්ලි ගහපු එක?
විපරමා Tuesday, 09 December 2025 04:05 PM
මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ කරපු, ජනතාව රවට්ටපු, රටම විනාශ කරපු දූෂිතම පවුල් පාලනේ අයව රැකපු, ඩීල් දාපු අය ගැන මොකද කියන්නේ...?