
(සුජිත් හේවාජුලිගේ )
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.
"දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ.එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්" යැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.
දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේය.
ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි හෙයින් කල් තියා ඒවාට සූදානම් වන්නැයි ඉල්ලා සිටින බවත් පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’දයාසිරිට එන්න පුළුවන්: හැබැයි තනතුරු නෑ’’
chnadrani Sunday, 24 September 2023 10:54 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එක්ස්පයර් වෙලා අවසන්. මේ නාකි මරුන එකාට පන දෙන්න හදනවා.
Sanka Monday, 25 September 2023 12:11 AM
ගිලෙන නැවට නගින්න කවුද එන්නේ?
Abaran Monday, 25 September 2023 02:19 AM
උන්නැහේ හිතාගෙන ඉන්නේ ඊළඟ ඡන්දෙදි ශ්‍රීලනිප දිනයි කියලාද? කැට තියලා කියන්න පුළුවනි, ජාතික ලැයිස්තුවෙන් එකක් විතර ලැබෙයි කියලා. ඒක බෙදාගන්න විදිහ දැන්ම තියා කතාකරගන්න...
chandima Monday, 25 September 2023 04:56 AM
රට වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ එනවා වෙනුවට මේ අය චග්ගුඩු පනිනවා.
සල්ලි Monday, 25 September 2023 07:31 AM
මේවා මිනිස්සුන්ගේ ඔලුවට බලෙන් දාන්නේ ඇයි ?
Nimal Monday, 25 September 2023 07:40 AM
මෛත්‍රීගේ අරමුණු දැන් හොඳාකාරවම පැහැදිලියි. නැගී එන නායකත්වය මුලිනුපුටා පක්ෂය තවත් විනාශ කරන්නයි හදන්නේ... පුහු මාන්නයෙන් හිස උදුම්මාගෙන. රට කාලා දැම්මා මදිවට පක්ෂයත් වනසනවා.
Bunny Preena Monday, 25 September 2023 08:54 AM
ඔබතුමාත් ඔය තනතුරේ හිටියා ඇති... නව යෞවනයෙකුට ඉඩ දෙන්න. තණ්හාය ජායතී සෝකෝ...!!
nedakingonaa Monday, 25 September 2023 09:14 AM
ලැජ්ජයි යකෝ... මේ නාටකය... චික් විතරක්...!
sarath Monday, 25 September 2023 03:28 PM
දයාසිරිට පක්ශයෙ සහ රට තුල ඔබට වැඩිය ජනතාප්‍රසාදයක් තිබෙනව , නමුත් මෙඩදාපාර දෙන්නටම පාර්ර්ලිමෙන්තු එන්න ලබෙන එකක් නැහැ.