(සුජිත් හේවාජුලිගේ)

එල්නිනෝ සහ ලානිනෝ ඇතුළු විවිධ පාරිසරික බලපෑම් ඇතුළත් කාලගුණ විද්‍යා විෂය විශ්ව විද්‍යාල විෂය මාලාවට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සෙනෙවිරත්න මහතා පැවසීය

ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාලවල විෂය මාලාවන්ට කාලගුණ විද්‍යා විෂය ඇතුළත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය

එම විෂය හදාරා ඇති සිසුන් රජයේ සහ පෞද්ගලික ආයතනවල සිටී නම් ආයතනවල විවිධ තීන්දු තීරණ ගැනීමේ දී එවැනි පිරිස් වැදගත් සාධකයක් වන බව මධූර සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි.

මේ අතර එල්නිනෝ පාරිසරික සංසිද්ධියෙන් විශ්ව විද්‍යාලවල සහ පාසල්වල විභාග කටයුතුවලට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාල ආයතන සමග සාකච්ඡා කළ බව පැවසූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයිද සඳහන් කළේය.

කෙසේ වෙතත් එල්නිනෝ තත්වයෙන් පාසල් විභාග කටයුතුවලට ප්‍රබල මෙන්ම තීරණාත්මක බලපෑමක් දැනට මතුකර නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල ප්‍රබල එල් නිනෝ (El Niño) දේශගුණික තත්ත්වයක් වර්ධනය වී ක්‍රියාත්මක වෙමින් පවතී. මේ තත්ත්වය යටතේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, දැඩි නියඟ සහ විවිධ ආන්තික කාලගුණික තත්වයන් ලෝකයේ රටවල් රැසකින් වාර්තාවී ඇත.

"එල්නිනෝ" "ලානිනෝ" සරසවි පොතට (සුජිත් හේවාජුලිගේ) එල්නිනෝ සහ ලානිනෝ ඇතුළු විවිධ පාරිසරික බලපෑම් ඇතුළත් කාලගුණ විද්‍යා විෂය විශ්ව විද්‍යාල විෂය මාලාවට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සෙනෙවිරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාලවල විෂය මාලාවන්ට කාලගුණ විද්‍යා විෂය ඇතුළත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය එම විෂය හදාරා ඇති සිසුන් රජයේ සහ පෞද්ගලික ආයතනවල සිටී නම් ආයතනවල විවිධ තීන්දු තීරණ ගැනීමේ දී එවැනි පිරිස් වැදගත් සාධකයක් වන බව මධූර සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි. මේ අතර එල්නිනෝ පාරිසරික සංසිද්ධියෙන් විශ්ව විද්‍යාලවල සහ පාසල්වල විභාග කටයුතුවලට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාල ආයතන සමග සාකච්ඡා කළ බව පැවසූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයිද සඳහන් කළේය. කෙසේ වෙතත් එල්නිනෝ තත්වයෙන් පාසල් විභාග කටයුතුවලට ප්‍රබල මෙන්ම තීරණාත්මක බලපෑමක් දැනට මතුකර නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. ලෝකයේ බොහෝ ප්‍රදේශවල ප්‍රබල එල් නිනෝ (El Niño) දේශගුණික තත්ත්වයක් වර්ධනය වී ක්‍රියාත්මක වෙමින් පවතී. මේ තත්ත්වය යටතේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, දැඩි නියඟ සහ විවිධ ආන්තික කාලගුණික තත්වයන් ලෝකයේ රටවල් රැසකින් වාර්තාවී ඇත.