IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘’ජනපතිවරණය ඔක්තොබර් 17‘‘

(රංජිත් රාජපක්ෂ)

ජනාධිපති මැතිවරණය  මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

විජයදාස රාජපක්ෂ මහතා ඒ බව අද (25) දින කියා සිටියේ කඳුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පැවැත්වූ එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.



අදහස් (13)

‘’ජනපතිවරණය ඔක්තොබර් 17‘‘

siri Saturday, 25 May 2024 10:30 PM

ඇත්ත වෙන්න ඇති. මෙයා නැති ආණ්ඩුවක් නෑනේ ඉතින්.

:       0       52

රෝයි ෆෙඩ්රික්ස්Sunday, 26 May 2024 05:20 AM

නැහැ මචං එහෙම ඒවත් තියෙනවා. මතකද නාකිමයිනගෙ කාලේ විපක්ෂයේ හිටිය. එහෙම ඉදල ඇවන්ගාඩ් එකෙන් සල්ලි ගත්ත. ඊට පස්සේ හිටංගෙ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවෙලා ඇවන්ගාඩ් කාරයව බේරගත්ත. මේ පාරමොකාටද එන්න හදන්නෙ කියල දන්නෙ ඌම විතරයි.

:       0       11

Ratne Sunday, 26 May 2024 12:01 AM

මෙයා කොහොමද මැතිවරණ දින තීරණය කරන්නේ?

:       0       6

Asela Sunday, 26 May 2024 12:13 AM

කවදා ඉඳලා ද මෙයා මැතිවරණ කොමසාරිස් උනේ.

:       0       7

විජිත් Sunday, 26 May 2024 12:41 AM

ජනාධිපතිවරණයට දිනය නියම කරන එකම බලධාරියා මැතිවරණ කොමසාරිස් වරයායි. එසේ කරන්නටත් තව කල් තියෙනවා.මේ කොහේදෝ යන, එක එකාට කඩේ යන ගස් බල්ලෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන්නේ ඔක්තෝබර් මාසේ 17 කියලා....? මේවගේ උන් මුළු රටටම පිළිලයක් !!!

:       0       8

Sathyapala Sunday, 26 May 2024 02:52 AM

මේත් සිරිසේන ජාතියෙම මිනිහෙක්. වෙනස උගත්කම සහ ඉංග්‍රීසි පුලුවන්කම විතරයි.මෙලෝ රහක් නැති කපටියෙක්.

:       0       11

ජගත් ලියනගේ Sunday, 26 May 2024 07:23 AM

විජේදාස ( ඩිල්දාස ) නේද කියන්නේ . වැඩිය ගණන් ගන්න එපා .

:       0       17

Dayan Sunday, 26 May 2024 07:29 AM

ජනාධිපතිවරණයට දින නියම කිරීමට මේ සහෝදරයාට ඇති බලය කුමක්ද? ඔහුට ජනාධිපති වීමට දවල් සිහින දැකිය හැකි නමුත් ඔබ බලධාරියෙකු බව පෙන්වීමට නොයන්න.

:       0       12

සමන් එස් Sunday, 26 May 2024 07:53 AM

මෙයාල ගැන කිසිම විස්වාසයක් නෑ මිනිස්සුන්ට. හෙට කොහාට පනීද දන්නේ නෑ. වාසි පැත්තට පැන්න. රට ගැන, රටවැසිය ගැන නෙමෙයි හිතන්නේ.

:       0       22

අඹගහහේනේ රසික Sunday, 26 May 2024 08:20 AM

ඉතින් ඔයැයිත් ඒකට තරග කරනවැයි ඇමතිතුමා .දැන්මම කියන්න සමහර ඈයො අනුගාමිකයන් ගෙවල්වලට එවනවා දෙගොල්ලටම මෙච්චර කාලයක් කලානේද අරුන්ට දීපල්ලා කියලා තර්ජන කරනවා ඉතින් ඔයැයි ඉල්ලනවා නම් කලින්ම කියන්න හොදේ මහත්තයෝ

:       0       12

Perera Sunday, 26 May 2024 09:08 AM

කිසිම කෙනෙක්ගුට 51% ලැබෙන්නේ නැ තවත් අගාධයකට ළවැටෙනවා නියතයි

:       6       5

fairoos Sunday, 26 May 2024 12:29 PM

අවුරුදු 75ක සැපය ඉවරයක් කරන්න මිනිස්සු පෙලබිලා ඉවරයි

:       2       8

MohottalaSunday, 26 May 2024 02:42 PM

ඔය අවුරුදු 75 පාලනය කලේ පක්ෂ දෙක කියලා කියන්නේ fairoos අඩුම ගණනේ මොන්ටිසෝරියකටවත් ගියේ නැතුවද? බං මුලින්ම කියන්න බලන්න 1948 සිට පාලනය කළ පක්ෂ දෙකේ නායකයෝ දෙන්න කවුද කියලා. පක්ෂ දෙකේ නම් නායකයෝ දෙදෙනෙකුට වඩා ඉන්න බැහැනේ... ඊළඟට මොන පක්ෂයේ කෙනෙක් ආවත් ඔවුන්ට රාජකාරි කරන්න නුදුන්නේ රජයේ නිලධාරින් නොවෙයිද? ඊයේ, පෙරේදා විගණකාධිපතිගේ ප්‍රකාශයක් මගින් ඒක පැහැදිලි වෙනවා. ඉතින් අවුරුදු 75 න් භාගයක් නිලධාරි පාලනය කිව්වාම තියෙන වැරැද්ද මොකක්ද කියලා හිතලා බලන්න. ඊළඟට ඉතිරි අවුරුදු 38න් දෙකක් එකක් ජෙප්පෝ නැත්නම් මාලිමා පැටවුන්ගේ ක්‍රියාකාරකම් වලටත් ඉතිරි දෙකෙන් එකක් 1956 සෙල්ලම නිසා ඇතිවූ යුද්ධය වෙනුවෙන් වෙන් කළාම පක්ෂ දෙකේ අය හරියට පාලනය කරලා තියෙන්නේ ආසන්න වශයෙන් අවුරුදු 13ක් පමණයි කිව්වාම වරදක් නැහැ..

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 891 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 991 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site