කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ක්‍රීඩා ගුරුවරයකු සංගීත ගුරුවරිය බලෙන් සිප ගත් බවට පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අද අවසන් විය.
සංගීත ගුරුවරිය මේ පැමිණිල්ල කර ඇත්තේ 2011 මාර්තු 28 වැනිදාය.
පාසලේ ක්‍රිකට් හා රගර් භාර ක්‍රීඩා ගුරුවරයා සාක්කියේදී පැවසුවේ තමා ඇය සිප නොගත් බවයි.
පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම සඳහා ඇය බොරු පැමිණිල්ලක් කර ඇති බවයි.
තමා විදුහල්පති සමග ඇති සම්බන්ධයට ඊර්ෂාවෙන් මේ පැමිණිල්ල කර ඇති බවත් ඔහු කීවේය.
මෙම ගුරුවරයා කොළඹ කොටුම මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට පැවසුවේ ඇය විදුහල්පතිට නොකියා සිසුන් පිරිසක් සමග එතෙර ගිය බවයි.
ලිඛිත කරුණු දක්වන ලෙස දෙපර්ශ්වයටම නියෝග කළ මහේස්ත්‍රාත් නඩුව ලබන 13 කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වෙන අහිංසක අය නැත්නම්. (නදී)
ප්‍රේමේ මාගේ ආහාරේ.//
රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ ඇස පාදන්න ඉන්න ගුරුවරුන් ගුරුවරියන් නේද මේ? ලංකාවේ හැම පාසලකම ඔය සෙල්ලම තියනවා. කොළඹ කොහොමත් ඕක වෙන්නේ නවීන විදියටනේ. (නි)
ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. ගුරුවරිය රාගය වැඩි දෙයක් වයන්න ඇති. (නි)
ගුරුවරියන්ගේ මුණ ඉබින එකත් ක්‍රීඩාවක් කියලා හිතුවද දන්නෙ නැහැ (නි)
එහෙමත් බොරුවට නඩු දානවද ? ඕක නම් එයා කරන්නම ඇති මගේ හිතේ(නි)
මේ වැඩ වලින් අසරණ වෙන්නේ අහිංසක ළමයි (දී)
ආදරේට සිඹින්න ඇති. ඒකට මොකෝ නඩු දැම්මේ. සිප ගත්තට මුකුත් වෙන්නේ නැහැනේ. බය වෙන්න එපා ටීචර්. ඕක අල්ලලා දාන්න (නි)
ඔය දීලා තියෙන්නේ කිස් එකක්ද? නැතිනම් හග් එකක්ද? (නි)
ඉඹින්න පෙර සිතා බලනු. (ස)
ෂුවර් එකටම මේ ගුරුතුමා එංගලන්තේ ඉන්න ඇති. ආගන්තුක සත්කාරයක්නේ. ඕකට උසාවි යන්න ඕනෑද? (නි)
ඔක්කොම ඉතින් පෘථක්ජන මනුස්සයොනේ. (නදී)
ගුරු ආල හබ සදහා වෙනම උසාවි පිහිටුවීම සුදුසු යැයි මම යෝජනා කරනවා (නි)
අනේ ටීචර් ඕක අත්හැරලා දාන්න. ඔය දෙන්නටම හොද මදි නේද. (නි)
සිපගැනීම්, වැළඳගැනීම් එච්චර ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි. ඒත් ඉස්කෝලෙක ගුරුවරයෙක් ඔය වගේ දෙයක් කරාම කොහොමද ළමයින්ගේ වැරදි හදන්නේ ? ඔය වගේ අයට ලේබල් ගහලා සමාජයෙන් අයින් කරන්නයි ඕනේ. එහෙම නොවුනොත් ඕක වැඩි දියුණු වෙලා ටීචර්ලට වගේම ළමයින්ටත් ඉස්කෝලේ ඉන්න බැරිවෙයි. ඔය වගේ උදවිය හවස පන්තිත් කරනවද? ළමයින්ට දෙයියන්ගේම පිහිටයි.(නදී)
අනේ ඉතින් මොනව වෙනවද? සංගීතෙයි ක්‍රීඩාවයි එකතු වුනහම මොනව වෙනවද? (නි)
නිදහසට දී ඇති කරුණු බැලුවහම මෙයා නම් ඇය ඉඹලා තියෙන බව පැහැදිළියි. (නි)
මම දුන්නේ කිස් එකයි. ඒක උසාවියට යයි. මම දෙනවා තව එකක්. එය කේස් එක විත්ඩ්‍රෝ කර ගනී. (නි)
අයියා ක්‍රීඩාව -අක්කා සංගීතය. (නි)
ගිනි තියාගන්න තිබුනේ පොලිසි නොගිහින් .(නදී)
එකට එක කරන්න මෙයා අර රූපා කියන විදියට, නිකම් හත් පොලකම ගා ගන්නේ නැතුව.(නදී)
අනේ ඉතින් ආදරේට ඉඹින්න ඇති. ඕකට උසාවි යන්ඩ ඕනෑද? (නි)
සිප ගත්තට ඔච්චර කෙන්ති ගියේ ඇයි? අනේ සර් ඔය වගේ දේවල් වලින් ඔයාගේ පවුල් ජීවිතය සවුත්තු වෙනවා නේද? හොදට හිතලා බලලා වැඩ කරන්න. නැත්නම් එයාට පාරේ බැහැලා යන්න බැරිවෙයි. පරිසසමෙන්.(නදී)
අනේ මිස් ගණන් ගන්න එපා, ඔතන මම හිටියනං මාත් ඔය ටිකමයි කරන්නේ, ඔන්න ඔහේ අත ඇරලා දාන්නකෝ අනේ.(නදී)
"ගහන්න තිබුනේ මිස් සෙරෙප්පුව ගලවලා හොද කනේ පාරක්. " ඇත්ත දන්නේ නැතුව කතා කියන්නපා (දී)
සර්, මිස්ගෙ කනට කරල සින්දුවක් කියන්න යන්න ඈති. ඕකත් උසාවි යන්න තරම් දෙයක් නෙමේනෙ මිස්. ඔයා හරිම නරකයි. නෝටි ටිච කෙනෙක්.(නදී)
සමහර විට සර් අහිංසක ඇති.(නදී0
තොත්තුවක් ගිය දුරක්? ඔබෙන් ලැබුනු තොත්තුවේ රසයට හද පත්තුවේ කියලා තමා ටීචර් උසාවි ගිහින් තියෙන්නේ (නි)
ඕක අත්හැරලා දාන්න මිස්. (නි)
මොනවාද අප්පා මේ විකාර වැඩ වැඩ නැද්ද (දී)
ගණන් ගන්න එපා මැඩම්. කිස් එකක් මොකක්ද? (නි)
දෙයියනේ, එහෙම බැලුවොත් මට නඩු කීයක් වැටෙයිද? (නි)
බලමු බලමු මොකද වෙන්නෙ කියලා (නි)
විදුහල්පතිට නොකියා සිසුන් අරන් රට ගියේ සරි ගම පද නිස කරන්න ද නැත්නම් වෙන මොනවා හරි කරන්නද?(නදී)
මේකට අපි ගීතයක් නිර්මාණය කරමුද (දී)
විකාර කියන්නේ මේවාට තමයි
අපි නොදන්නවාද ඔය සර්ලාගේ හැටි.(ස)
ඔය දෙතොල් මත තබා දෙන්ටද ප්‍රථම හාදුව... සිංදුව මතක් වුණා මට. (නි)
මහා පුදුම මිනිහෙක්නේ
අනිත් ගුරුවරුන්ට ඉරිසියා හිතෙන්න මේ සර්ට විදුහල්පතිතුමා එක්ක තියෙන සම්බන්දෙ මොකද්ද දන්නෙ නැහැ නේද? අන්න එක හොයන්න වටිනවා. (නි)
ඒ ගුරුවරිය අපේ රටට හයියක්. කිස් එකට කැමති වෙලා සර් එක්ක ගියානම් අපේ ළමයට දෙයියන්ගේම පිහිටයි. (නි)
ගහන්න තිබුනේ මිස් සෙරෙප්පුව ගලවලා හොද කනේ පාරක්. ආයෙත් ඔය වගේ වැඩ නොකරන්න (නි)
පොලිසි ගිය එකයි වැරැද්ද. ඔක්කොම මිස්ලා එකතුවෙලා එයාට හොඳ දඬුවමක් දුන්නනම් හරි. ඕකට පොලිසි උසාවි ඕනෑ නැහැ. (ස)
දැන් මේ සර් කියන්නේ ඉරිසියාවට පැමිණිලි කළා කියලද ? (නි)
ඔය කව්රු කව්රුත් දන්නේ නැහැනේ ඉස්කොලේ ඉන්න අය කරන වැඩ...
මහලොකුවට කාන්තා හිංසනය ගැන රටම කතා කරනවා. ඒ වුනාට එළිපිටම මේ කිස් කරන්නේ? අනේ රටට ගිය කලක්... (නි)
අනේ අපොයි! ළමයින්ව ඉස්කෝලේ යවන්නත් බයයි. හෙට අනිද්දා වෙද්දී ගුරුවරු අත ඇරලා ළමයින්ව ඉබින්න ගනීද දන්නේ නැහැ. සෞදි නිතිය ලංකාවටත් ගෙනෙන්න ඕනෑ. (නි)
අනේ අපි නොදන්න අහිංසකකම.(ස)
මේ පෞද්ගලික කෝන්තරයක් ගැන කතාවක් වෙන්න ඇති ෂුවර් එකටම. ඕකට තමා කියන්නේ මාළුවා නහින්නේ කට නිසා කියලා. (නි)
අනේ චන්ද්‍රකාන්ති, ඔච්චර කේන්ති ගන්න එපා. ඉඹින්න ඇත්තේ ආදරේට. අසල්වැසියන්ට ප්‍රේම කරන්න ඕනෑ. (නි)
ගුරුවරු ඔහොම ගහ මරා ගත්තාම ළමයින්ට මොකද වෙන්නේ (දී)
අනේ ඉතින් ඕක මහදෙයක්ද? බැරි වෙලාවත් මිස් සර්ට කිස් එකක් දුන්නා නම්? (නි)
අනේ ඇත්තට, මේක අත් ඇරලා දාන්න කියන්නේ මොන කටින්ද? මෙයාලගේ ගෙවල් වල අම්මලා, අක්කලා, නංගිලා නැද්ද? (නි)
රාගදාරි සංගීතයක් උගන්නපු වෙලාවක වෙන්න ඇති (නි)
ඕවා කොලඹ 3 විතරක් වෙන ඒවා නෙමෙයි. මුළු ලංකාවේම පාසල් ගුරුවරියන්ට වෙන කරදරයක් තමයි.(නදී)
සිප ගැනීම කියන්නේ උසාවි යන්න තරම් දෙයක් නෙමෙයි. සාමාන්‍ය දෙයක්. බොහෝදෙනෙක් කරන්නේ එහෙම දෙයක් වුනාම කනට හෝ සෙරෙප්පුවෙන් ගසා ප්‍රශ්නය ඉවරයක් කරගන්න එක. (නදී)
සිප ගත්තට ඔච්චර කේන්ති ගියේ මොකෝ දන්නෙ නැහැ (නි)
ඒකනේ. අහලා ඉඹින්න එපායෑ.... (නි)
වෙන්න බැරි දෙයක්
සංගීත මිස්, ඕක අතාරින්න එපා (නි)
ඔන්න එහෙනම් අහගන්නකෝ කතාව. අර එතෙර ගිය සිසුන් පිරිසේ හිටියා එක නැහැදිච්ච කොල්ලෙක්. ක්‍රීඩා ගුරුවරයාට පොඩි ලණුවක් දුන්නා. එයා ඇම ගිල්ලා. (නි)
වරුණ බය වෙලා වගේ සෞදි නීතියට. (නි)
මෙයා අමුතු ජාතියේ සුවද විලවුන් වර්ගයක් පාවිචිචි කරන්න ඇති. ඒක නිසා සුවද බලන්න නහය ලංකරන්න ඇති.(නදී)
සෙල්ලම් සර් වුනාට සාමාන්‍ය දැනීම බිංදුවයි. එක සැරයක් කරලා නවත්තන්නේ නැතුව දෙකක් තුනක් දුන්නා නම් උසාවි යන්නේ නැහැ, හැමදාම මිස් ගෙදර. (නි)
සිප ගත්තේ නෑලු. එහෙනම් මොනවද කළේ? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අම්මෝ! මගේ ඇග කිලිපොලා ගියා (නි)
දෙයියෝ සාක්කි! (නි)
හොදයි මිස්. ඔහොම යමු. ඔය විදියේ අය ඔක්කොම එලවන්න ඕන. අපේ ඉස්කෝලේ කොහොම හරි බේර ගන්න ඕන. (ත)
මොනවා වෙන්නද ආරි සත්‍ය කවදා හෝ ජය ගනී.(නදී)
අපි නම් ඒවා දන්නවා. ඒවා ප්‍රසිද්ධ රහස්
එක නම් ඇත්ත හොර ගේමක් ද කොහෙද? (ස)
අධිකරණය නිසා මිස් බේරුණා.. නැත්නම් වෙන්නේ නිලධාරින්ට යටවෙන්න. මේ රටේ අධිකරණය තව චිරාත් කාලයක් ආරක්ෂා කර දේවා... ඔය එක දෙයක් විතරයි. තව ඕනෑතරම් ඔය වගේ දේවල් තියෙනවා. කොහොමත් ලංකාවේ පරිපාලන සේවයේ තිබෙන අඩුපාඩු ගරුඅධිකරණය හොඳින් දන්නවා. කරදරයට පත්වූ මිස් ඉතා හොඳ කාන්තාවක්. අයුක්තියට බිය නොවෙන කාන්තාවත්. වැඩේට අතගහපු ගරු සංගමයටත් සිරස විමර්ශන පිටිගල මහතාටත් මගේ අවංක ස්තුතිය... මේ ගැල රටටම කියන ලංකාදිප පත්තරේටත් මගේ අවංක ස්තුතිය...
යූක්තිය ඉෂ්ට වනු ඇත