
මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි.
මියගිය එම 550 දෙනාගෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් බව පැවැසෙයි. මොවුන්ගෙන් වැඩි දෙනා දැඩි ලෙස විජලනයට පත්ව සිටි බව ද වාර්තා වේ. දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්දනා කටයුතු සිදු කරද්දී, බොහෝ දෙනකු තෙරපී සිහිසුන් වූ බවත්, රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් සිටි බවත් සෞදි බලධාරීන් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී)
COMMENTS
මෙච්චර මිනිස්සු මැරෙනකම්... දෙවියනි ඔබ කෝ..?
මේ මැරෙන ඔක්කොම දිව්‍ය ලෝකේ යනවා නම් දැන් පහුවෙලා යන්න ඉන්න අපට එහෙ ඉඩ නැතිවෙයි