IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැප රියේ සිද්ධියෙන් පසු ලොහාන් යුවළ අතුරුදන්?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ හිටපු රාජ්‍ය අමාතය ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමත් සමගම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ යුවළ සහ පුතු ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්ගේ ජංගම දුරකතන මේ වන විට විසන්ධි කර ඇතැයි දැනගන්නට ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් බාරයට ගත් මෝටර් රථය තුළ තිබී මීට මාස කීපයකට ඉහතදී මිරිහාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත් 3 ක් පොලිස් නිලධාරීන් වෙත හමුවී ඇති අතර එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් කවුරුත් දැයි හඳුනා ගැනීම සඳහා එම වෙළඳසලට විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ගියද මාස කීපයකට ඉහතදී එම භාණ්ඩ මිලදී ගෙන තිබූ හෙයින් සීසීටිවි දර්ශනවලින් එය අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඊට අමතරව එන්ජින් සහ චැසි අංක ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම සුඛෝභෝගී මෝටර් රථය මෙරට ලියාපදිංචි කළ එකක් නොවන බවට ද මේ වන විට සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (2)

සැප රියේ සිද්ධියෙන් පසු ලොහාන් යුවළ අතුරුදන්?

Janaka Thursday, 31 October 2024 04:51 AM

ඇයි මුදල් ගෙවලා තියෙන ක්‍රමය කුමක්ද

:       0       0

chinthaka Thursday, 31 October 2024 08:50 AM

බන්ධනාගාරවලට මහ රෑ කඩාවැදිලා , සිරකරුවන්ගේ ඔලුවට පිස්තෝල තිබ්බ චන්ඩිය නේද මේ හැංගිලා තියෙන්නේ

:       1       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site