
(බී.ජී චතුරංග)
පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය, ඕමාරකඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක පුද්ගලයෙකි.
වැඩි වැදීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ වම් කකුලේ දණ හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර මේ හේතුවෙන් තුවාලකරු ශෛල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත බවද රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
තුවාලකරුගේ නිවස ආසන්නයේදී පදිංචි 19 හැවිරිදි මාළු ඇල්ලීමේ නිරත පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී වෙඩි තැබීමට භාවිතා කල ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ