
(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
මේ රටේ මහා කළබගෑනියකට තුඩුදුන් මෙම සිද්ධියක් බව පවසමින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලිමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදි.
එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුන් වන ගිහාන් කුලතුංග, (සභාපති) මංජුල තිලකරත්න, සහ ප්‍රදීප් හෙට්ටආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රනාශයට පත් කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
අනේ පව්
අන්තිමට වුණෙ අහක ඉන්න මිනිහා පෝරකයට ගියා
මනුස්සයෙක් නෙවෙයි කුම්බියෙක් මැරුවත් අපිට නම් දුකයි.
එතකොට හමුදාවට පොලිසියට අණ දුන් අය.?
එමිල් ඔබ 'බළල් අතක්' බවට පත් විය!
කරවපු අය රජ පුටුවල . අහිංසකයෙක් පෝරකයට .
අවසානයේදී කලයි කියන ප්‍රකාශය ගැන විනිසුරු මඩුල්ල අවධානය යොමු කර වඩාත් විනිවිධභාවයකින්
රටේ පවතින ඔය ගැටලුවට පෝර දාන්න යන්නේ.?
මරපු එකා නිදහස් .පැත්තක හිටපු එකා පෝරකයට.කැකිල්ලේ තීන්දුවක්
එතකොට ලැයිස්තුව දීල අණ දුන්න එවුන් ?
ඇපීල් කරනවා, දෙන්නම නිදහස් වෙනවා .
ඔව් ඉතින් බන්ධනාගාර නිලධාරීන්ට වඩා ආණ්ඩුවට වටින්නේ ආණ්ඩුවේ කුණු වැඩ කරලා දෙන පොලිස් නිලධාරීන්නේ...