
(නිමල් ජයරත්න )
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල, වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කළ මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ බව හේනානිගල වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන් මහතා පැවසීය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ එම පිරිසට එරෙහිව කරුණු ගොනු කර ඇතැයිද ඒ මහතා කීවේය.
පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කරන අයුරු දුටු බවද ඒ මහතා කීවේය.
මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සිදු කර ඇතැයිද ඒ මහතා කීවේය.
ඒ අනුව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුකරන බවද කුමාරසිරි විජේකෝන් මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැද්දෝ සත්තු මරන් කන්නැතුව බොලාගේ අහවල් එක කන්නද?
මිලියන් ගණනක් බලපු ලංකාවට ලෝකේ වටේ සන්චාරකයින්ගේ ආකර්ෂණය ගන්න බොහේ සෙයින් උදව් වුණු වීඩියෝවක්, පෙණුන විදිහට මොණරා කියන්නේ අපේ ආදී වාසීන්ගේ ප්‍රධාන දඩයමක්...!
නමට සුද්දෝ කිව්වට මස් කන්නේ තාම වැද්දො වගේ තමයි... !
මොනරා ලංකාව පුරාම බෝවෙලා තියෙනවා. වගාව විනාශ කරනවා. ඒ නිසා කෑවාට කමක් නැහැ.
වැද්දට වැද්දාගේ පාඩුවේ ඉන්න දෙන්න. හරක් වගේ පාලකයෝ එයාලාගේ ප්‍රදේශය බලෙන් අල්ලන් රක්ෂිත කරාට ජීවන රටාව වෙනස් කරන්න ඕනෑ නෑනේ. ඕනෑම රටක මෙවැනි සංස්කෘති තියෙනවා. අපේ ලිං මැඩියෝ ඕවා දන්නේ නෑ. ඉස්කෝලේ ගිය හරක්.
ලන්කාවට සන්චාරකයින් එන්නේ නැති කාලෙක කොරෝනා වලින් ලෝකයම වෙලාගන ඉන්න වෙලාවක ඔය මනුස්සයා ඇවිල්ලා වීඩියෝ එකක් කළා. එයාගේ චැනල් එකේ මිලියන 10ක් විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් ඇවිල්ලා වැඩ සටහනක් කරපු එකම වටිනවා. ඒකෙන් පෙන්නුවේ ලන්කාවේ එක එක ජන කොට්ඨාශ කන කෑමවල් ගැන ඊට කලින් සින්හල, දෙමළ සහ මැලේ අයගේ වැඩ සටහන් තුනක් කළා.. ඔය හතරවැනි එක වැදි ජනතාවගේ කෑම ගැන. අනේ මන්දා අපේ මිනිස්සු මේ මොනවා කරනවාද කියලා...
හරිනම් දඬුවම් දෙන්න ඕනෙ අවුරුදු 4-5 නිදාගෙන හිටි වනජීවී අයට..!
"මොණර මාලු උඩහල්ලේ නෙවෙද තියෙන්නේ - අපට මාලු අලකොළදෝ අදත් කුඩම්මේ..." ඔන්න ඔහොමයි ජනකවියෙ තියෙන්නේ. මේ රටේ එදා ඉඳන්ම මොණර මස් කෑවා අපේ මිනිස්සු. ආදිවාසීන් විතරක් නෙවෙයි. මේ කියන විදිහට ජනකවියාත් අත්අඩංගුවට ගන්න එපායැ පරම්පරා පිටින්...
වැද්දොන්ට සත්තු මරන් කන එක තහනම් කරලා රනිල්ගේ අස්වැසුම ලබාදෙන්න
වැදි ජනතාව බැරි නම් වෙන කවුරුන් හෝ මරාගෙන කාලා මේ මොණර කරදරය තුරන් කළ යුතුයි... දැන් ලංකාවේ සෑම ප්‍රදේශයකම මොණරු වර්ධනය වැඩි වෙලා..ඒ මදිවර වඳුරෝ, තවත් තැන්වල අලි කරදරය... මේ රටේ මනුස්සයින්ට වඩා සතුන්ට ආලේ වඩන සත්ව ජාන සහිත පල් මෝඩ මිනිසුන් රැලක් සිටින නිසා මේ සත්ව උවදුරු මර්ධනය කළ නොහැකි තත්වයකට පත්ව තිබෙනවා... සත්තු මර්ධනයට අකමැති නම්, මේ රටේ මිනිස්සු වඳවී සත්තුන්ටම මේ භූමිය අයිති වේවා යයි පතමි!! වැදි ජනතාව තව තවත් මේ රටේ වර්ධනය වේවා!!
මොණරා කියන්නේ ලංකාවේ ඒක දේශික කළු වදුරා, කොටියා, ශ්‍රී ලංකා අලියා වගේ එකෙක් නෙමෙයි දකුණු ආසියාවෙම ඉන්න කෙනෙක්, කුඹුරු කරන අය නම් දන්නවා ඇති මොනරා කරන විනාශය ගැන. ලංකාවේ අය මොනරාව මරන්නේ නැත්තේ කතරගම දෙවියන්ට ගෞරවයක් විදියට අනිත් එක සුද්ද කරපු වරදකුත් නෑ වැද්දාටත් නෑ. ලංකාවේ මුල් පුරවැසියෝ වෙන්නේ ස්වදේශික ජනතාව, වැද්දොන්ට තමයි හරිනම් ලංකාව ගැන කෙලින් කතා කරන්න පුළුවන්. මම නම් කියන්නේ එක වැද්දෙක් හරි පොලීසිය අත්අඩංගුවට ගත්තොත් පොලිස්පතිව පිටුවහල් කරන්න ඕනේ උගන්ඩාවට.
ලංකාවට හරියන්නෙ පරිසරවේදියෝ කියන එවුන් නැති දවසක
වනජිවි අයට කාල් කැවිලාද? වැද්දන්ට කුඹුරු කොටන්නද කියන්නේ
අනේ මන්දා... බුදුන් වැඩපු රටලු. බුදු බණ අදහන මිනිස්සු ඉන්නවලු. බුදු බණ අවිහිංසාවාදියි ලු. හැබැයි මොණරු වගා හානි කරන නිසා ඔවුන්ව මැරුවට කමක් නෑලු. අලි මිනිස් ගැටුමට පිළියම ලෙස අලි මරමුලු.
මැරුවේ අභය භූමියක නම්, කොහේදී මැරුවත් ආරක්ෂිත සතෙක් නම් කරලා තියෙන්නේ වැරැද්දක්...
නීතිය රටට පොදුයි.., නමුත් වැද්දා කන්නේ දඩමස්නේ.. සුද්දත් එකයි, වැද්දත් එකයි.
21,949,268 ශ්‍රි ලංකාවේ ජනගහනය (2024) 80% ලංකාවේ නීතිය 100% ක්‍රියාත්මක වුවහොත් 15,000,000 වැරැදි කරුවන් වෙති...
මොකද අමුඩෙ කොටු කොටු කරලා..?
වැද්දා සුද්දා වගේද? මී හරක් නඩේ රටට කරලා තියෙන අපරාදේ. ඒ ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද ඔවුන්ට බයේනේ. රටේ සම්පත් වගේම ජනතාවගේ අර්ථසාධකයයි, පැන්ශ්න් එකයි හොරාකාපු මී හරක්නේ... මයිනා රජ වුණාම. කොහොමද මයිනාගේ බේබීලා. ඇතුළු පවුලේ සැම රටේ දේවල් විනාස කරපු හැටි.. එකෙක් කට ඇරියාද නැහැනේ බයට. මේ මිනිස්සු වරදක් කරලා නැහැ.. විදේශිකයින් රටට ඇතුල් වෙනකොට ඒ අයට කොන්දේසි තියෙනවාද? දැනුවත් කරලාද තියෙන්නේ මේකෙ වැරැද්ද තියෙන්නේ... මහ උන්ගේ අතේ. වැද්දා හදපු පැණි ගෙනත් දෙන කොට නම් හරි ආදරෙන් ගන්නවා. මේ සක්කිලින්ට වැඩිය වැද්දෝ හොඳයි.
අපේ වනජීවී ලොක්කෝ හරි දක්ෂයි අවුරුදු හතරකට ඉස්සර මොනරෙක් කාපු එකක් අල්ලලා.
මේ මිනිස්සු වැද්දන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ. ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ දඩයමක් කරගෙන ජීවත්වෙන්නේ. මහජන දේපල හොරාකන්නේ නෑ. මිලියන ගණන් හොරකන හොරු නිදැල්ලේ. මොනරෙක් කාපු ආදි වාසියා හිරේ. පුදුම රටක්.
මේවගේ අනාදිමත් කාලයක සිට පවතින ජනකණ්ඩායම්වල සංස්කෘතික හරපද්ධතීන් වලට ඇඟිලි ගැසීමෙන් වළකින්න. ඔවුන්ට කෙටේරිය ගෙනයාමට හැකිනම් වඳවීගෙන යන සතෙක් නොවන මොනරාව දඩයම් කිරීම පිළිබඳ නීතිය සංශෝධනය කළ යුතුය.
යකඩෝ... වැද්දා දඩමස් කන්නේ නැතුව. බිරියානි කන්නද?
ඒ කාලෙ සුද්දො එන්නෙ නැති නිසා සද්ද නොකර ඉඳල හදිසියෙම නින්දෙන් ඇහැරුවනා වගේ නඩුව දාල තියෙන්නෙ.
කෝ මේකෙ ලින්ක් එක?
අද මොණරුන්ගෙන් වගාවට සිදුවන හානිය ඉතා විශාලයි. රටේ මොනර ගහනය කෘතීමව අඩු කිරීමේ කිසිම වැරද්දක් නැහැ.
වැද්දෝ නැහැ දැන් .ඉන්නේ නමින් වැද්දෝ .ඔය කමෙන්ට් කරන වගේ අය.උන් නිකන් රඟපානවා .උන් ළඟ ස්මාට් ෆෝන් ,සේරම තියනවා ,නිකන් මස් දෙන්නේ නෑ .මෙතන වැලලෙන්න හදනවා වැද්දෝ ඉන්නවා කිය කියා.ඕකුන් සේරම දැන් මොඩර්න් වෙලා ඉන්නේ
ආරක්ෂිත පක්ෂියෙක් කරන්න ඇත්තේ හේතුවක් ඇතිවනේ. මේ සතා අපේ රටේ සුන්දරත්වයේ සංකේතයක් නෙමෙයිද? අනිත් එක වාසියට විතරක් වැද්දෝ වෙලා හරියන්නේ නැහැනේ. අනිත් දේවල් ඔක්කෝම නවීන ක්‍රමයට කරලා, මොනර මස් කන්න ගියාම විතරක් වැද්දෝද? වැද්දෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොහොමද? දුකයි, අවනීතිය සාධාරනීකරණය කරන අයගේ අදහස් දැක්කාම...
වැද්දෝ මොනරා මරාගෙන කෑවාම මොකද වෙන්නේ? ඔයිට වැඩිය හොරා කාලා තියෙන්නේ මැති ඇමැතිවරුන්... ඒ අය ගැන අධිකරණ තීරණයක් ගන්න.
සමතුලිත භාවය තියාගන්න නම් මරන්න වෙනවා.
ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නේ ආදිවාසීන්ට ජීවත් වීමට තුන්වේලම හොඳ කාලා බීලා ඉඳලා ඉන්න පුළුවන් ආර්ථිකයක් හදලා දීලා සතුන් දඩයම් කිරීමෙන් ඒ ගොල්ලන්ව වළක්වා තබන එකයි. නිකන් බොරුවට නීති පොත් පෙන්න පෙන්නා දඬුවම් කරන්න හදන එක නෙවෙයි.
මොනර ගහනය පාලනය කරන්නම ඕනෑ.. සංචාරකයින්ට සල්ලි ගෙවලා මොනරෙක් දඩයම් කරගන්න දෙන්න නීත්‍යානුකූලවම...!
වැද්දෝ මුන්ට වඩා ෂිස්ට සම්පන්නයි කියලා හිතෙනවා අදහස් දැක්කාම
වැද්දන් යනු ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව වන අතර, වන සතුන් ආරක්ෂා කිරීමේ නීතිමය හේතු යටතේ මෙම පනත මගින් පැහැදිලිව පැහැදිලි කර නොමැති නම්, ඔවුන්ට ජීවත්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය පෙන්වීමට සම්පූර්ණ අයිතිය ඇත. ප්‍රසංගයේ සත්කාරකයා වන Sonny Side, ලොව පුරා ආහාර සමාලෝචන සංදර්ශන රාශියක් නිෂ්පාදනය කර ඇති ඉහළ පෙළේ සමාජ මාධ්‍ය වෘත්තිකයෙකි. ඔහු/ඔහුගේ සමාගම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන අන්තර්ගත කොටස් කිහිපයක් නිෂ්පාදනය කර වෙබ් විකාශනය කළේය. වාර්තා කරන මාධ්‍යවේදියා ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ ජීවනෝපාය අයිතීන් පිළිබඳව මනාව විමර්ශනය කර නෛතික පදනම තහවුරු කර නොමැති නම්, මෙම වාර්තාව දේශපාලන අභිප්‍රේරිත සහ අසමතුලිත වාර්තාවක් ලෙස මම දකිමි
කැලේ වැදිලා දුනු ඊතල , උගුල් වැනි පාරම්පරික ක්‍රම වලට සතුන් දඩයම් කරන් කන එක අධිවසින්ගේ ඓතියක් උරුමයක් , රේගුවේ , පොලිසියේ , සුරාබධු ,අධ්යම් බදු දෙපාර්තමේන්තු වල මෙන් වනජීවී නිලධාරින්ගෙනුත් බහුතරයක් දුෂිත නිලධාරීන් ඔවුන් වනය තුල ගංජා හේන් වැවීම , දඩමස් ජාවාරම්,දැව ජාවාරම් එහෙම කරනවා , ඒකනිසා ඔවුන් කැමති නැහැ වෙන මිනිස්සු වනයේ සැරිසරනවට , පාරම්පරික වැඩි ජනයට වනයට අතුල්විමටත් දුනු ඊතල වැනි පාරම්පරික ක්‍රම භාවිත කරමින් දඩයම් කිරීමටත් බලපත්‍ර නිකුත් කල යුතුය , වැදි ජනතාවගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට අපි ඉදිරිපත් වෙන්න ඕනේ ,
වැද්දන්ට කියන්නේ කැලේ සත්තු මරාගෙන කන්නේ නැතුව , නගර වලට ඇවිත් කුලියට මිනිමරන්නද ? කුඩු විකුනනන්ද ? අවරුදු 4 කට කලින් මරපු මොනරෙක් ගැන කියල නඩු දමන්න මුන්ට පිස්සුද ? රටේ හැමතැනම මොනරු , වදුරෝ බෝවෙලා ගහක ගෙඩියක් තියාගන්න බැහැ , මිනිස්සු වගාකරන එක නවත්තල දමල , අපේ ගමේ බල්ලෙක් ඉන්නවා , ඉඳල හිටලා මොනරෙක් එහෙම දඩයම් කරගෙන කනවා , පුලුවන්නම් උවත් අල්ලාගෙන ගිහිල්ල නඩු දමපල්ලා ,
වීඩියෝ එකෙ කිවෙ වැද්දන්ට මොනර මස් කන්න තහනම් නෑ කියලා ......වනසත්ව මහත්තයාට වල්ගෙ පෑගිලා වත් ද?
සෑම ප්‍රදේශයකම වනජීවී මහත්වරු නැහැ ඒ නිසා සමහරක් එවුන් ඔය ක්‍රියා අත්හදා බලන්න සූදානම් වේවි එනිසා මම අදහස් කරන්නෙ තවත් ඔය සත්තු දෙතුන්දෙනෙක් වත් නැතිවෙන්න පුළුවන්
මෙනර මාලු උඩ හල්ලේ තිබෙම්මා අපට බතට අල කොල දෙයි කුඩම්මා
සුද්දෝ වැද්දෝ වෙලාද? වැද්දෝ සුද්දෝ වෙලාද?
ලංකා වේ පොලිසියට ඇත්තටම වෙන වැඩ ඇත්තෙම නැත්ද ? 2019 වැද්දෙක් මරපු මොනරෙක් පස්සේ පන්නනේ. ඔච්චරම දඩ මස් අල්ලන්න ඕනේ ඔය කැලෑවල් කෙළවර තියෙන පොඩි පොඩි හෝටල් වලට පොඩ්ඩක් පැනලා බලන්න . අනික මොණරා ආරක්‍ෂිත පක්ෂියෙක් යම් විශ්වාස මත මිසක් , වද වන පක්ෂියෙක් හින්දා නෙවේ . අද මොණරා ගොවියන්ට වදයක්.