IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වහලය උඩ නැඟි රැඳවියන්ට ඇමතිනිය තදින් හිටී

(විනීතා එම් ගමගේ)

‘‘වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් බන්ධනාගාගරය තුළ සිදුවෙන නීති විරෝධී වැඩ මම නතර කරනවා’’ යැයි බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 


බන්ධනාගාර වහලය උඩ නැග සිටින කාන්තා රැදවියන් පිළිබඳ ගත යුතු පියවර පිළිබඳ උපදෙස් බන්ධනාගාර අධිකාරිවරයාට දුන් බවත් ඇය පැවැසුවාය. 

අද බන්ධනාගාර වහළය මත නැගී උද්ඝෝෂණය කරන අයට වෙඩි නොතබන බැවින් බිය විය යුතු නැතැයි ද අතුකෝරල මහත්මිය කීවාය. 

ඇමතිනිය මේ අදහස් පළ කළේ නිවිතිගල උඩ තුත්තිරි පිටිය පාලම සඳහා මුල් ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ  ද කීවාය.

‘‘මම සිද්ධිය දැක්කේ නැහැ. අද ඉන්නේ රත්නපුරේ. අද ඉතින්  ඕන කෙනෙකුට තමන්ට කැමති විදිහට උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඒකට අයිතිය තිබෙනවා. 2012 නොවැම්බර් 12 දා ඝාතනය වුණා වගේ රැඳවියන් ඝාතනය වෙන්නේ නැහැ. කල්පනාකාරිව ඉවසිල්ලෙන් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා.
 



අදහස් (17)

වහලය උඩ නැඟි රැඳවියන්ට ඇමතිනිය තදින් හිටී

dayarathna Monday, 13 August 2018 01:25 PM

මේ කාන්තාවනුත් බන්ධනාගාරේ අවි ගබඩාව කඩාගෙන වෙඩි තිබ්බොත් ඔබතුමිය මොකද කරන්නේ? එදා වුනේ උද්ගෝෂණයක් නෙවෙයි. රැඳවියන් අතට අවි ලැබුණොත් සිල් රැකලා හරිද? ....සියලු නින්දා අපහාස යුද්ධය නිමකිරීමට එඩිතර නායකත්වයක් දුන් ගෝඨාභය මැතිතුමාට.

:       5471       5164

erdiMonday, 13 August 2018 02:22 PM

දයාරත්න අපිට ඔබට තණකොළ තියෙන තැන් පෙන්වන්න පුළුවන්. හැබැයි කවන්න බැහැ. බන්ධනාගාර ඝාතන ගෝඨාභයගේ ම්ලේච්ඡත්වය මෙහෙමයි කියලා බහුතරයක් දැනගත්තත් සමහරු වඳිනවා.

:       1706       1618

samanMonday, 13 August 2018 03:23 PM

දයාරත්න ඔබේ කොමෙන්ටුව දැකලා "සභාවේ හිනා"

:       507       505

DayarathnaTuesday, 14 August 2018 04:04 AM

ඔබ ඔය කියන ගෝඨාභයගේ නායකත්වයෙන් යුද්ධය පරාජය කරනකොට හොදයි. ඔබත් අද පවුල සමග නිදහසේ පාරේ බැහැල යනවා නේද? නිකම් පාට කන්නාඩි දාගෙන ගුණමකු වෙන්න එපා එර්දි.

:       104       218

athuraTuesday, 14 August 2018 04:28 AM

ඔබ නොදන්නවා හෝ දැනගෙන නොදන්නවා සේ හිටියට එදා වුණ දේ දන්නෝ සහසුද්දෙන් දන්නවා.දැන් එතකොට මහින්ද මහත්මය නෙමෙයිද යුද්දෙට නායකත්වය දුන්නේ.

:       3       2

Asanka Monday, 13 August 2018 01:25 PM

ඔබතුමිය ඔහොම කීවට ජනාධිපතිතුමා වහාම මේ අයට අවශ්‍ය ලෙස වැඩකටයුතු සලස්වල දෙයි. අර දුම්රිය වර්ජනයේදී අපි දැක්කනේ එතුමා ගත්තේ කාගේ පැත්තද කියලා..

:       154       201

dasaMonday, 13 August 2018 01:48 PM

ඔබ හරි අසංක. අපේ ජනාධිපතිතුමා කුමක් කරයිද කව්ද දන්නේ...? ඔය ටෝක් දීපු අැමැතිවරුන්ගේ කලිසම් ගැලෙව්වා වගේ...

:       0       27

dewaMonday, 13 August 2018 02:07 PM

එ් කියන්නේ එයත් කියයි ඔයගොල්ලන් වහලයෙන් බැහැලා එන්න මම ඔයාලට ගෙදර යන්න දෙන්නම්... ගිහිල්ලා සුපුරුදු දේම කරගෙන යන්න...

:       5       110

ravi Monday, 13 August 2018 01:40 PM

මේ හැම දෙයක්ම මේ තරම් දුර දිග යනකම් ඔහේ බකන් නිලාගෙන හිටිය බන්දනාගාර නිලධාරින් ගැනත් සැලකිලිමත් විය යුුතුයි නේද?

:       1       124

සතයපාල Monday, 13 August 2018 01:51 PM

මෙයාලගේ වහලය මත රැඳීසිටීමේ අයිතිවාසිකම රකින්න කවුරුවත් වහලයෙන් බිමට බස්වන්න උත්සාහ කරන්න එපා. වතුර, කෑම නැතිව දවසක් හිටියම මෙයාලට අයිතිවාසිකම් එපා වෙයි.

:       226       271

jayatissa Monday, 13 August 2018 02:46 PM

බන්ධනාගාරවල සිදුවන දූෂණ නවත්තන්න එඩිතරව ඉන්නවා නම් ඔබතුමියට තව තවත් ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

:       9       138

Nandalal DE SILVA - France Monday, 13 August 2018 07:12 PM

අපේ ඉඩමේ පලතුරු ගස් ගොඩක් තියෙන නිසා නිතරම පලතුරු කෑම සඳහා වඳුරෝ, රිලවු එනවා. කාල බඩවල් පුරෝගෙන යනවා මදිවට උන් රංචු පිටින් අපේ වහලට නැගල පාර්ටි දමනවා. අපි නම් උන් එලවන්නවත්, මස් පිණිසවත් වෙඩි තියන්නේ නැහැ. රත්තිඥ පත්තු කරලා තමා උන් එලවා ගන්නේ.

:       0       0

ruwan Tuesday, 14 August 2018 01:59 AM

ඔබ තුමියට ධෛර්යය ලැබේවා...

:       18       4

pala Tuesday, 14 August 2018 03:58 AM

රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් සමග කරන අක්‍රමිකතා සොයා බැලිය යුතු අතරම ඔවුන්ගේ සනීපාරක්ෂාව ගැනත් බලධාරීන් සොයා බැලිය යුතුය. වැලිකඩ බන්ධනාගාරය තුල ඉතා අඩු පහසුකම් යටතේ ඉතා විශාල රැදවියන් පිරිසක් තබා ඇත.

:       0       1

sumith Tuesday, 14 August 2018 04:08 AM

මට මතක් වෙන්නේ කවුන්සිලේ කියපු කතාව

:       0       1

Uditha Tuesday, 14 August 2018 04:11 AM

මුළු රටටම දැඩි නීති මාලාවක් අවශ්‍ය කාලයක්... මිනිස්සු පිරිහිලා... වර්ජනය කරන එක කලාවක් කරගෙන... අහිංසක අසරණ මිනිස්සු බිල්ලට දීල හිතුන ගමන් වර්ජනය කරන්න දෙන මිනිස්සු හුරු වෙලා... සෞදි වගේ රටවල් වල තියන දෙදි නීති රටට ගෙන එන්න ඕන.. අපේ ලංකාවේ මිනිස්සුන්ට බත් පැකට් එකක් දීල රුපියල් 1000 අතට දුන්න ගමන් ඔක්කොම හරි ...දුෂණය වංචාව හෙම තැනම... ඉතාමත් කලකිරීමක් ඇති වෙනවා මේ දේවල් මෙහෙම වෙද්දී...

:       0       103

palitha Tuesday, 14 August 2018 05:52 AM

ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා...මොවුන් සිරගත වෙලා තියෙන්නේ උදේ හවස පිරිත් අහල නෙවෙයි නේ. කිසිම තීරණයක් ආපස්සට ගන්න එපා, මරණ දඬුවම ඇතුළු අනිත් සියලු දඬුවම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site