
(පද්මසිරි ගාර්දියවසම්)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදිකාවේ කතහා බහ වේ.
මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා තරග වදින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායකත්වයෙන් හිටපු විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක මහතා නාමයෝජනා බාර දුන්නේය .
1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඩී.එම්.රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය ආරම්භ කර අතර ඉන්පසු ඩී.ඒ.රාජපක්ෂ ,ලක්ෂ්මන් රාජපක්ෂ ,ජෝර්ජ් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ,නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයන් ලෙස වරින්වර ඉදිරිපත් වූහ .
හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවද ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු නොවේ.
හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නම් කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර පවුල් දේශපාලනය මෙතැනින්ම අවසන් කර දමමු
රට දිනුම් :)
රාජපක්ෂ පරපුර මේ රටටම නැවත එපා. අද මේ රට තියන අගාධයට වගකිවයුතු පිරිස ඔවුන්... ජාතික ධනය අම්මාගේ අප්පගේ බූදලය වගේ විනාස කලේ. ඔවුන් හොරකම් කළා මදිවට ගෝලයින්ට හොරකම් කරන්න ඉඩදුන්නා. පරපුරේ හැත්ත බුරුත්තම හොරකම් කළා...
විශ්ලේෂණාත්මකව විමර්ශනය කළයුතු වන්නේ රාජපක්ෂලාට හම්බන්තොට එපා වෙලාද? නැතහොත් හම්බන්තොටට රාජක්ෂලා එපා වෙලාද කියා...?
හම්බන්තොටින් නොවෙයි, රටින්ම අතුගාලා දාන්න ඕනෑ... දුෂ්ට, දූෂිත පවුලක් ඕක...
අපේ රටේ දේශපාලනය අධික ලෙසම පාදඩ කරනය කලේ මහින්ද, බැසිල් , ගෝටා සහ නාමල්. දැන් මොවුන් මොනතරම් පීචන් තත්වෙකට පත්වෙලාද? මේවා බලයෙන් මත්වෙන කොයි කාටත් පාඩම්...
ලොකු දෙයක්... දැන්වත් රට හොරුන්ගෙන් නිදහස් වේවි...
හම්බන්තොට මතු නොව මුලුමහත් රටටම සුවිසල් සේවයක් කළ රාජපක්ෂ නාමයට මඩ ගසා තාවකාලික තෘප්තියක් විඳීමට ජාජබ කොමෙන්ටු කරුවන්ට අවස්ථාවක් දෙමු.
රාජපක්ෂවරු ළමයි වඩා ගත්තා. අපේ නායක සහෝදරයත් ළමයි වඩා ගන්නවා. රාජපක්ෂවරු පංසල් කෝවිල් ගියා. අපේ නායකවරුත් දැන් ඒවා කරනවා. රාජපක්ෂවරු A9 පාර විවෘත කළා. අපේ ජනපති සහෝදරයා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ පාර ඇරියා. රාජපක්ෂවරු කොරෝනාවෙන් රට බේරාගෙන යහපාලනයෙන් සිඳුවා ගිය භාණ්ඩාගාරව නිසා ගෙදර ගියා. අපේ නායක සහෝදරයා ප්‍රමුඛ ආණ්ඩුවට එසේ නොවේවා...!
මේ දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීලා තියෙන්නේ. රජකම් කළත් කලකම් පලදෙනවා. අප්පල, පුතාලා, මහප්පා, බාප්පලා, නැන්දා, මාමා මුලු හැතිකරේම එකතුවෙලා රට කෑවේ. නීතිය බලය ඔක්කෝම ඔවුන්ගේ වුණා. එක පුතෙක් නේවි එකට දැම්මා. නේවි එකේ අනිත් නිලධාරීන් සුදුසුකම් ඇතිව ගිහින් වැඩකරලා අඩියෙන් අඩිය ඉහළට යද්දි සුදුසුකම් නැතිව නේවි එකට ගිහින් ගෙදර ඉඳලා ප්‍රමෝශන් ගත්තේ වැඩ නොකර, වැඩ නොදැන. නේවි කමාන්ඩර්ට නැති සැලකිලි එයාට තිබ්බේ. රටේ සල්ලි හොරකම් කරලා සුඛවිහරණ විඳින මොවුන්ගේ පරපුරටම හෙන හතම ගහන්න ඕනෑ කරපු විනාසෙට...
මොවුන් හමුදා මූලස්ථාන විකුණලා... ඒවා හදන්න අපි තාමත් බජට් එකෙන් මුදල් වෙන් කරන්න ඕනේ. මොවුන්ගේ හොර පවුල නම් සාපයක්...
නාමල් හොර ඡන්දෙ ඉල්ලුවොත් නියතව පරදින බව දන්න නිසා. ලැබෙන ඡන්ද ලක්ෂයෙන් හරි පාර්ලිමේන්තුවට රිංගන්න ජාතික ලැයිස්තුවෙන් ඇව්ල්ලා... ලැජ්ජයි.
වපුරපු විදියටයි අස්වැන්න ලැබෙන්නේ...!
අනුර කුමාරට කතිරයක් ගහලා කරපු විනාශයක්? ප්‍රතිඵල එසැනින් සහ තැපෑලෙන්, ඔහොම යමු තව තව ප්‍රතිඵල ඉස්සරහාට, වසර තිහක් හතලිහක් හංගාගෙන හිටපුවා එළියට එනකොට සමහරුන්ට උන්හිටිතැන් අමතක වෙයි.
මීලඟට එකිනෙකා බොරුල්ලට, හැබැයි මේ වෙනස ඇස්පනාපිට සිහිකල්පනාව ඇතිව දැක බලාගෙන ඇස් පියාගන්න තරම් මහින්ද මහත්මයා (අ)වාසනාවන්ත වුණා. අනුන්ගේ පක්ෂ කැඩුවා, සඟුන් බේද කලා, ජාතින් ආගම් කෙටෙව්වා. නමක් තියාගෙන හිටපු කලාකාරයෝ තුට්ටු දෙකට වැට්ටුවා... ඒවායේ ප්‍රතිඵල මේ...!
ස්වභාවධර්මයා කඩුවත් තරාදියත් අතට ගෙන ඇත.
කුණුලේ පාට සාටකයක් රටකට කළ විපතක්…
සාටක වලින් වසාගත් මොංගල් මුහුණු ටිකක්….
මේ රට අපේ රටේ පෙර සිටි දැහැමි ප්‍රතාපවත් රජවරු තුණුරුවනට පූජාකරපු රටක්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩහිඳිමින් ශ්‍රී ලංකාද්වීපය නම් මේ කුඩා දිවයිනේ තමන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාවන රටබවත් එය ආරක්ෂාකරන ලෙසටත් සක්දෙවිඳුන්ට උපදෙස්දී තිබෙනවා. එසේවූ උතුම් පූජනීය රටක් විනාශ කරන්න කෙනෙකුට පහසු නැහැ, ප්‍රභාකරන් නම් පුද්ගලයෙක් කොටි සංවිධානය නමින් ඇසූ පමණින් ලොව සලිතවන සංවිධානයක් ගොඩනඟා අනේකවිධ අපරාධ කළා, තවත් එවන් අය සිටියා. පෙර කළ මහා කුශල ශක්තිය නිසා එය උපයෝගි කරගෙන රට විනාශ කළා. නමුත් සීමාව ඉක්මවා යනවිට අනෙක් අතට කැරකී තමන්වම විනාශවූවා. පව් කරන්නෝ මෙලොවත් පරලොවත් තැවෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. උතුම් දුර්ලභ මිනිසත් බවක් ලබලා ඇස් කන් නාසා ආදි පසිඳුරන් ප්‍රකෘර්තිව ලබන්න වාසනාවන්ත වෙලා, රටේ පාලකයෝ වෙන්න වාසනාවන්ත වෙලා වසර 60,65ක් වූ ජීවිතකාලය ගෙවිලා යන්න ආසන්නවෙලා රට, ජාතිය, ආගම වනසලා දැන් ගෙනා කුසලයත් ගෙවීගෙන ගිහිල්ලා පිටත්වෙලා යන්න ආසන්න වෙලා. තාවකාලික නවාතැනින් පිටවෙන්න වෙලාව ඇවිත් ආයේ තැනකට යන්න ඕනෑ. මොනවාද අරගෙන යන්නේ? විදේශවල තැන්පත් ධනය එහෙට වලංගු නැහැනේ. කාට කාටත් හොඳ පාඩම්...
1977 මහ මැතිවරණයේදීත් රාජපක්ෂලා සියලු දෙනාට පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා..
අරගලය මොකක්ද කළේ, අරගලය රට විනාශ කළා යැයි දොඩවමින් සිටි දූෂිත දේශපාලකයෝ අද ඡන්දය ඉල්ලීමටවත් ඉදිරිපත් නොවන තත්වයක් උදාකර දී ඇත. අරගලය පාලකයා පන්නා දැමීමටත් වඩා පැවැති ක්‍රමය සාධනීයව වෙනසක් කිරීමට දායක වී ඇත. රටේ බහුතරයක් පුරවැසියන් බුද්ධිමත්ව තීරණ ගන්නා සමාජ ක්‍රියාකාරීන් බවට පරිවර්තනය කර ඇත. ඔවුන් තමන් බැඳී සිටි චරිත, දේශපාලන කඳවුරු ප්‍රතික්ෂේප කර තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජන සමාජයක් නිර්මාණය කර ඇත.
මේකෙන් හොඳ පාඩම් ඉගෙන ගන්න. රාජපක්ෂලා ඉවරයි. බණ්ඩාරනායකලා ඉවරයි. මහ වැලියෙන් කාපු ගාමිණී දිසානායකලා ඉවරයි. වැරැදි කළොත් කාටත් වෙන්නේ මේ ටිකම තමයි. සිංහලේ රාජ්‍ය භාෂාව කරලා බණ්ඩාරනායක මොකද කලේ තමන්ගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබා දුන්නා.
පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම...!!! මහ එකා කෑවා.
ලංකාවට මෙතෙක් බිහිවු ජාරාම හොරු ටික මෙදා සැරේ මේ රොත්තම අතුගාලා දාමු
අන්තිමට මහජනයාට තේරිලා තියෙනවා කවුද මේ රට වනසපු කෙනා පල්හොරු කල්ලිය කියලා..!
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ගුණමකුවෝ. රැවටිලි කාරයෝ, ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු. සදහටම හිරගෙදර ඉන්න ඕන අය. හොර පෙරකදෝරුවා ජාතික ලැයිස්තුවෙන් වත් ඕනේම නැහැ. දූෂිත පවුල් පාලනේ අය රටටම සාපයක්...
අරගලය සෑහෙන දේශපාලුවෝ කොටසකගේ ඉරණම් තවමත් විසඳනවා.
ජාජබ... වේගයේ තවත් වික්‍රමයක්.!..
මෙන්න මගේ මාතෘකාව....., “මොල හතක් නැති ඔලු හතක්”....!
රටක් නිවැරැදි දිසානතියට ගෙනයන්නේ. රටේ ඉදිරි ගමන තීරණය කරන්නේ පක්ෂයක් බදාගෙන ඉන්න පුද්ගලයා නොව පාවෙන ඡන්ද දායකයායි...!
දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ? ආසියාවේ ආශ්චර්යය පෙන්වපු කට්ටිය.. මහා පරිමාණ හොරකම් වන්චා, දූෂණ, නාස්තිය, සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු කැළෑ නීතිය රජකරවපු, රට අරාජික කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, හොඳට තිබුණු අපේ රට විනාශ කරලා කාබාසිනියා කරපු දූෂිත පවුල් පාලනේ අයට සාපවේවා...! ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා..!
ඔවුන් යුද්දේ ඉවර කලා තමයි. ඒත් ඊට පස්සේ බලකාමෙන් උමතුවුණා. යුද්දේ කරපු හමුදාපතිට බරපතල හිරිහැර කළා. පවුලම දේශපාලනයට රිංගුවා. මේ පුතාලාත් නිකම්ම නිකම් පුතාලාම තමයි. තාත්තලගේ ගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉදිරියට යනවා වෙනුවට හතර වරම් හොර කපටි වැඩකළා.. යෝෂිත උ/ පෙ වාණිජ විෂයන් කරලා කවදාවත් යන්න බැරි නේවී කැඩෙට් ඔෆිසර් තනතුරට ගියේ තාත්තාගේ බාප්පාගේ බලයෙන්... උතුරු නැගෙනහිර යුද්දේ තියෙන පැත්ත පළාතේ වත් මිනිහා ගියේ නැහැ. මාස කීපයකින් එංගලන්තෙට ගියා. එහෙදි කොර්ස් එක කීප වතාවක් ඇනගත්තා. මොකද මිනිහා physics මෙලෝ දෙයක් දන්නේ නැති හින්දා. රටටත් ලැජ්ජාව. දක්ෂ ළමයෙකුට තිබුණු අවස්ථාව පැහැර ගත්තා. ලොකු පුතා එහෙන් මෙහෙන් රිංගලා ලෝයර් වුණා. හැම මගුලම කලා. බාලය සැටලයිට් යවන්න කියලා ඩොලර් මිලියන 320ක් ගත්ත ගත්තාමයි, අදටත් කවුරුත් දන්නේ නැහැ. මිනිහා ඒ සල්ලි වලින් මොනවා කළාද කියලා. ඕවා හොයන්න ඕනෑ නැත්නම් රටේ මිනිස්සුන්ට තමා ණය ගෙවන්න වෙන්නේ. දැන් මේ අන්තිමට කරන්න හදන්නේ රටේම ඡන්ද ටික එකතු කරලා නාමල්ව ජාතික ලැයිස්තුවෙන් ආපහු පාර්ලිමේන්තුවට රිංගවන්න..
රාජපක්ෂලා කියන අය දේශපාලනයෙන් සහමුලින්ම අතුගා දැමිය යුතුයි...
ජුලී චන්ග් සහ බෝන් අගේන් ආගමික කණ්ඩායමට මේක ජයක්...
ස්වභාව ධර්මයෙන් මුන්ට දුන්න මුන් හිතාාගන හිටියේ රටේ ජනතාව මී හරක් කියලා අන්තිමට මී හරක් වුනේ මුන් ටිකමයි
කිසිම දවසක යුද්දේ ඉවරකරපු එජ ගැන සතුටක් නොතිබුන උන්ට මාර සතුටු ඈති….
ඉතිහාසය අරන් බැලුවාම මොවුන්ගේ හිටපු අයත් පට්ට හොරු, මේ අයත් හොරු... අනිවාර්යයෙන්ම මෙයාගෙන් එන්න බලාපොරොත්තු වෙන අයත් පට්ටම හොරු... මොවුන් එනකන් යම රජ්ජුරුවෝ බලාගෙන ඉන්නේ. හොර නඩේ...
මහින්ද රාජපක්ෂගේ දේශපාලන ඉතිහාසය බැලුවම එක්තර අඳුරු යුගයකින් එලියට එන්න ඔහු කල මෙහෙවර ඉතා විශාලයි. එදා චන්ද්‍රිකා මැතිණියව බලයට ගෙනත් දූෂණ භීෂණ යුගය හමාර කරලා, ඊටත් පසුව සුනාමි ව්‍යසනයෙන් දුක් විඳි ජනතාවට සේවයක් කරලා, ඔහුගේ පාලන කාලෙදී මේ රටට වැඩිම විනාශය ගෙනදුන්, ලොකුම ආර්ථික හානිය සිදුකල, ලොකුම ජන සංහාරය සිදුවූ තිස් අවුරුදු යුද්දය හමාර කරලා ඔහු කල සේවය කිසි දිනෙක ඉතිහාසෙන් මකන්න බැහැ. ඔහුගේ දෙවෙනි පාලන කාලයේ සිය පවුලේ සහෝදරයන් සහ පුතුන් නිසා ඇතිවූ දූෂිත තත්වය නිසා ජනතාව තුල ඔවුන් කෙරෙහි පිළිකුලක් සහ වෛරයක් ඇති වෙලා කල සියළුම හොඳ අමතක කලත් ඔහුගේ අති විශිෂ්ඨ සේවය සදානුස්මරණීයයි.
නායකයෙකුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුට සහාය දෙන ජනතාව මතය. අපේ අලුත් නායකයාට හොඳ ගුණාංග සහිත කැබිනට් මණ්ඩලයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනා කරනවා
මොන පරම්පරාව වුනත් සධාකාලික නැහැ යම් වෙලාවක අවසාන වෙනවා දැන් ආරම්භ වෙලා තියෙන්නෙ ඒ අවස්ථාව තමයි මොවුන්ට වුනත් 2019 ඇතිවූ දේ නැවත නොවෙන්න තමන්ලා බේරාගත් වීරයා කෙසෙල් ලෙල්ල වගේ විසි නොකලානම් ටිකක් හෝ ශක්තියක් ඉතිරි වෙන්න තිබුනා සජිත්ගේ උද්ධඡ්ච කම නිසා වෙන්නෙත් ඕකම තමයි
මොවුන්ට දඩුවම් දිය යුතුයි
පරදිනවා කියලා කළින් දන්නවා ඒකයි...
පින්තූරෙ වම් පැත්තේ ඉන්න රාජපක්ෂගේ මූණේ අබ ටිකක් දැම්මොත් පුපුරනවා නියතයි. පව් අනේ, ගෑණි මැරිච්ච මනුස්සයෙක්වත් ඔච්චර දුක් වෙන්නේ නෑ..!
මුන් උල තියන්න ඕනේ