(තිලිනි මධුෂානි)
මේ දිනවල අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝග ව්‍යාප්තිය වැඩි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
දරුවන්ට දිනකට දෙවරක් නෑමට ඉඩ ලබා දිය යුතු බවත් චර්ම රෝග ඇති දරුවන් උදෑසන සහ රාත්‍රියට විනාඩි 20 පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්වය පාලනය කර ගත හැකි බව හෙතෙම පැවසීය.
දරුවන් ක්‍රීඩා කටයුතු වල නිරත වන්නේනම් ගෘහස්ථ ස්ථාන යොදා ගැනීමටත්, නිරන්තරයෙන් ජලය සහ දියර වර්ග පානය කිරීමටත් කටයුතු කරන ලෙසත්, එම තත්වයන් අනුගමනය නොකිරීමෙන් තාප කම්පන තත්වයන් නිසා මරණයට පවා පත්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ටද නෑමට අවස්ථාව ලබා දෙන ලෙස ද සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd