(අංජුල මහික වීරරත්න)
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව ද ජනාධිපතිවරයා කීය. උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඉරාන ජනාධිපතිවරයා මෙසේද කීය
මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.
මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.
පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක විකුණන්න කෙනෙක් හොයන්න...
එතකොට අපේ විශ්ව විද්‍යාල වලින් පිටවෙලා විවිධාකාර තනතුරු දරමින් අපේ ප්‍රමිතිය තමා හොඳම කියන ඉංජිනේරුවන්ගේ සහ අර සැහැල්ලු දුම්රියේ කන්ටේනර් පටවන්න බැහැ එක නිසා එක වැඩක් නැහැ කියල එක නවත්වල දමපු ලලිතසිරි මහාචාර්ය වැනි උගතුන්ගේ ප්‍රමිතිය අවුල්ද ? අපේ ඉංජිනේරුවන්ගේ දැනුම ඉරනෙට වැඩිය පහලද තිබෙන්නේ ? විශ්ව විද්‍යාල පද්දතියට අපහාසයක් වුන කියල අන්තරේ එලියට බැහැල උද්ගෝෂණය කරන්න අදහසක් නැද්ද ?
ඉරානේ කියන්නේ මුස්ලිම් අන්තවාදය අදහන රටක් නොවේද ?ඉස්සර වඳ කොත්තු , වඳ යට ඇදුම් , මුස්ලිම් අන්තවදියෝ ගැන කියමින් ජනතාව උසි ගන්වමින් අහිංසක ශ්‍රී ලංකික මුස්ලිම් ප්‍රජාව අවුල් කල ගම්මන්පිල , විමල් වැනි ගොටගේ ගෝලයෝ ,පොහොට්ටු කාරයෝ නිදිද ?
අපිත් ආසයි ඉදිරියට යන්න නමුත් අපේ මුන් ටික ඉන්න කල් මලාට ඉස්සරහට යන්න බෑ
නන්දසේන හිටියානම් ඒකත් මග නැවතිලා