(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
මිය යන විට 61වන වියේ පසුව ඒ මහතා දෙදරුපියෙකි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුළු විවිධ අමාත්‍යංශ වල ප්‍රධාන තනතුරු කීපයක්ම දරා ඇති ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇතැයි පැවසේ.
ඒ මහතාගේ වැඩි මහල් දියණියගේ විවාහ උත්සවය වෙනුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී අවසන් වරට මෙරට පැමිණ ඇත.
ඕස්ට්‍රේලියන් පොලිසිය මෙම හදිසි මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද වාර්තාවේ.දේහය පිළිබඳ දවසක් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන සේවයේ ඉතා දක්ෂ නිළදාරියෙක්. ප්‍රශ්නගත ප්‍රාදේශීය සභා චන්දයට අදාල නාමයෝජනා බාරගන්න එපා කියලා දිසාපතිවරුන්ට ලියුම් යැවීම ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් සමාව ගත්තේ මෙතුමා. ඒත් ඔහු ඒ දේ කලේ කැබිනට් තීරණයක් අනුවයි. පසුව ඒ තනතුරෙන් ඉවත්වී ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකීම් දැරුවා. ඔබට නිවන් සුව අත් වේවා.
තවත් එක් දූෂිත සුදු කරපටි හොරෙක්.නිල බලය අනිසි ලෙස යොදාගෙන වත්කම් උපයපු දූෂිතයෙක්.
රාජපක්ෂ මඩ ගොහොරුවේ ලැග්ග තවත් සුදු කර පටි අපරාධකාරයෙක්...!!!