IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මෙරට උගත්තු ෂෙඩ්වල, අවන්හල් සේවයේ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

තම තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට ඇත.

සෙසු වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශ ගතව සිටින බව පැවසෙන්නේ රටේ ආර්ථික තත්වය හේතුවෙන් ඇතිවූ පීඩා සමනය කරගැනීම සඳහාය.

මේ අතර මෙරටේ විවිධ වෘත්තිකයන් පන් දහසකට වැඩි පිරිසක් මේ වනවිට විදේශ ගතව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

වෘත්තිකයන් විදේශගතවීම කොරොනාවලින් පසු වැඩිවූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව යන රටවලටය.

 



අදහස් (38)

මෙරට උගත්තු ෂෙඩ්වල, අවන්හල් සේවයේ

Ajith Saturday, 16 September 2023 04:59 PM

ඒක තාවකාලික පසුබෑමක් විත‍රයි... මෙහෙන් ඒ හැටි ඉගෙනුමක් නැතුව මීට වසර ගානකට පෙර පැනගත්තු අය... දැන් නිවාඩු එන්නේ රත්තරන් පෙරවාගෙන...

:       40       93

සමත්Saturday, 16 September 2023 06:30 PM

අනෙක් රටවල් ගැන කියන්න දන්නේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ උපන්දා ඉඳන් ඉන්න අයටත් රැකියා අමාරුයි. තිබෙන ගොඩක් අවස්ථා ඉන්දියන් අය සහ චීන අය අතේ. ඉගෙන ගන්න එන තරුණ අයට මොනවා හරි ලැබෙයි. හැබැයි ලංකාවේ ගොඩක් කල් ලොකු ජොබ් කරලා රට එපා කියලා එන ලොක්කන්ට වුණත් අර පොඩි සොක්කන් එක්ක තමයි තව කාලයක් ගත කරන්න වෙන්නේ... අපි අවුරුදු තිස් ගාණක් තිස්සේ මෙහේ ඉන්න නිසා අපේ හොඳ රස්සා තාම තියෙනවා. බය නැතුව ලංකාවට සල්ලිත් එවනවා. දිගටම යන එනවා. ඒත් අලුතෙන් රට දාලා ආව අයට තාම සෙට්ල් වෙන්න අමාරුයි. අනික කියන්න ඕන අපි ලංකාවේ ඉස්කෝලේ ගිහින් මේවායේ විශ්ව විද්‍යාල ගිය අය. ලංකාවට කණු තිබ්බේ නෑ. ඒ නිසා වෙන්න ඇති තාම දෙයියෝ බලන්නේ...! 

:       133       98

Bamunuarachchi Sunday, 17 September 2023 10:50 AM

dimz ගොන් පාට් දමන්න එපා. උඹට කියන්න දෙයක් තිබෙනවා නම් කියපන්. නුඹ දන්නවාද ගහන බදූ අනිකුත් වියදම්? ලංකාවේ කොන්ඩේ කපන්න රුපියල් 600 යි මෙහේ, කැනඩාවේ රුපියල් වලින් 7000 යි. බදූ 35% පැනලා යනවා වැටුපේ හැටියට... මෙහේ ඉන්න මිනිස්සු කෙරුවාව දන්නේ. ලංකාවේ අපිට ඕන දොස්තර කෙනෙක් විශේෂඥ දොස්තර කෙනෙක් ගාවට ඕනේ වෙලාවක යන්න පුළුවන්.. මෙහේ ඒවා බැහැ. ලංකාවෙන් එන්නේ බදුනිසා මෙහෙ නහුතෙට බදු වදිනවා. ඇවිල්ලාම බලපල්ලා...!

:       16       48

dimzSaturday, 16 September 2023 08:07 PM

අනේ පලයන් බන් යන්න...!

:       14       9

chandimaSaturday, 16 September 2023 10:40 PM

මොකද අපිත් ඇවිත් ගොඩයයි කියලා බයද? ඔය අමාරුව එදත් තිබුණා. ආපු හැමෝම ගොඩයන්නේ නැහැ තමයි. ඒත් එන කෙනාම බය කරන්න එපා. පුළුවන් නම් උදව්වක් කරන්න බලන්න. විශ්ව විද්‍යාල කාරයින්ට රස්සා හොයන්න අමාරු වුණාට මේසන් බාස්ලාට, පයිප්ප බාස්ලාට, ඕනෑතරම් රස්සා තියෙනවා. ensepalitis වලට බොහෙත් අරන් ඒවගේ වැඩකට බැස්සා නම් ගෙවල්වල රෙපෙයාර් වැඩ කරලාම ඔය කියන ලොක්කෝ හොයනවා වගේ දහගුණයක් හොයන්න පුළුවනි ගෝලයොත් දාගෙන.. එහෙම කරලා කෝටිපතියන් වූ මිනිස්සුන්ටත් පිටරටවල ඉන්නවා. ඒ මේ මෑතක ඇවිත්. ඒක නිසා ලංකාවෙන් ඔය මැනේජ්මන්ට් වගේ උපාධි වලට ගිහින් අතේ තියන තුට්ටු දෙක නිකන් නිස්කාරනේ වියදම් කරගන්නේ නැතිව ගියගමන් පයිප්ප වෑද්දුම් වැඩ ඇතුළු මොකක් හරි ඉදිකිරීම් වැඩකට පාසල් ගියා නම් ගොඩ තමයි.

:       4       28

DanSunday, 17 September 2023 02:37 AM

මමත් ඉන්නේ මෙල්බර්න්... මටත් එකවුන්ටන්ට් ජොබ් එකක් හොයාගන්න අවුරුද්දක් විතර ගියා. එතකන් වැඩකළේ සුපර්මාකට්වල. ඒත් ජීවත් වෙන්න පුළුවන් ගාණක් හොයාගත්තා.සල්ලි ඉතුරු කරන්නත් පුළුවන් වුණා. කුහක වෙන්න එපා හලෝ. එන මනුස්සයාට එන්න දෙන්න.

:       2       70

RathnaweeraSunday, 17 September 2023 03:28 AM

ඕකට කියන්නේ කුහකකම කියලා. සිංහල අයගේ පමණක් තියෙන අසික්කිත චාරිත්‍රයක්.මමත් ඉන්නේ ලෝකයේ දියුණුම රටක .මේ රටවල හොඳ රස්සා පහත රස්සා කියලා නැහැ. (අපේ රටේ මෝඩ මිනිස්සු හදාගත්ත කතාවක් තමයි ඔය රස්සාවලට හොඳ නරක කියලා කැටගරයිස් කරන එක.) වැඩකරන තරමට සල්ලි හම්බකරන්න පුළුවන්. ඉංජිනේරු උපාධි තියෙන ඕන තරම් තරුණයෝ රෙස්ටුරන්ට්වල ස්ටුවර්ඩ්ස්ලා වගේ සේවය කරනවා. පාර්ට් ටයිමිනුත් කරනවා. ඔය ලොකුයි කියන ලොක්කොත් ඔය රටවලට ගිය අලුත නිකම්ම නිකම් සොක්කෝ තමයි. විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්තාට පාර්ට් ටයිම් කරලා තමයි වියදම හොයාගන්නේ... මම නොදන්නේ ඕස්ට්‍රේලියාවනේ...

:       4       45

kumudu - MelbernSunday, 17 September 2023 03:34 AM

හොඳට ඉගෙන ගත්තු අයට රස්සා නැත්තේ නැහැ ඕස්ට්‍රේලියාවේ... මෙයා මේ පච හලනවා. හැබැයි ඉතින් කකුලෙන් අදින කට්ටියකුත් ඉන්නවා. තව සමහරු රස්සා කරන්නේම නැහැ.., ආණ්ඩුවෙන් දෙන පින් පඩියෙන් ගැන ශේප් කරගන්න බලනවා...

:       4       29

Kieth vendervertSunday, 17 September 2023 05:10 AM

තිස්තුන් කෝටියේ දේව බැල්ම...!

:       5       4

Mohan HemanthaSunday, 17 September 2023 11:44 AM

ලංකාවෙ විශ්ව විද්‍යාල ගියොත් රට යන්න හොඳ නැද්ද? ලංකාවේ ඉස්කොලේ විතරක් ගිහිල්ලා කැම්පස් නොගියාම කණු නොතිබ්බා වෙන්නේ කෝමෙයි? තමන් පොර.. අනිත් අය චොර නේද?

:       3       22

Mo77Sunday, 17 September 2023 12:14 PM

ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල්වල ඉන්න වැඩි දෙනෙක් ලංකාවට සල්ලි එවනවා. කෙසේවෙතත් ඔවුන් තමයි ලංකාවෙන් සල්ලි උණ්ඩියල් උණ්ඩියල් හා බැංකුවලින් ඇදලා ගන්නේ. ඔවුන් ලංකාවේ තියෙන වත්කම් ඔක්කෝම විකුණ විකුණා ඒ සල්ලි උණ්ඩියල් හරි බැංකු ක්‍රමයෙන් තමයි ඕස්ට්‍රේලියාවට යන්නේ. වාසනාවකට ලංකාවේ මහබැංකුවේ මහඑකත් ඕස්ට්‍රේලියානු පුරවැසියක් හින්දා රටවල් අනුව ශුද්ධ විදේශ විනිමය ලැබීම් ප්‍රකාශ කරන්නේ නැහැ...

:       1       7

LuckyMonday, 18 September 2023 03:56 PM

ගොඩක් අය රට යන්නේ ඒ මිනිස්සු මොන දුකක් හරි විඳලා ඒ මිනිස්සුන්ගේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් හොඳ ජීවිතයක් දෙන්න. යන මිනිස්සු දන්නවා මේ රට ජීවිතේට දියුණු වෙන්නේ නෑ කියලා...

:       0       14

pjSunday, 17 September 2023 03:08 AM

ඒ රටේ ඉන්නවෙලා තියෙන්නේ රෙදි නැතුවනේ. ඒකයි ඒ රත්රන් පොරවාගෙන කියලා හිතාගෙන ඉන්නේ...

:       7       1

Sarath Saturday, 16 September 2023 07:11 PM

නැවත, පැමිණ දේශපාලනයට සම්බන්ධ විය හැක. ෂෙඩ් එකක වැඩ කරපු කෙනෙකුත්, මහ ජනතාවට ඇරියනේ...

:       19       102

chandimaSaturday, 16 September 2023 10:50 PM

මිනිහා අපිට ඇරියේ නැහැ අපි ඇරෝගත්තා. මෙතරම් වෙලත් තවත් ඔවුන්ව විශ්වාස කරන ගොබ්බ අපිට මෙහෙම වෙලා මදි. මොවුන් ඔතැනින් නවතින්නේ නැහැ. දිගටම අරිනවා. අපිත් වේයො හුඹහා බඳිනවා වගේ කඩන්න කඩන්න ආයෙත් බඳිනවා. දෙවියෝ බලලා හරි රට පැනපු අය කාණු හැදුවත් අඩු තරමේ ඔවුන්ගේ දරුවෝ වත් ගොඩයනවා. ඒකම මදිද?

:       3       19

ලක්මාල් Saturday, 16 September 2023 08:07 PM

නීතියක්, සාධාරණයක් නැති රටක රජ වෙනවාට වඩා නීතියක්, සාධාරණයක් තියන රටක අතුගාන රස්සාව කරත් හිතට සැපයි.

:       5       43

chandima Saturday, 16 September 2023 08:10 PM

නිදහස් රටක පැහැදිලි අනාගතයක් ඇති රටක, ෂෙඩ්වල, අවන්හල්වල වැඩකරන එක ලංකාවේ ජනාධිපතිකමට වැඩිය හොඳයි. අඩු තරමින් ළමයින්ටවත් හරියයිනේ...?

:       4       46

Nihal Saturday, 16 September 2023 11:04 PM

වර්ණ භේදය ඉහවහාගිය රටවල්," ඇයි මෙහේ එන්නේ කියලයි අහන්නේ... පසුගිය අවුරුද්දේ ලන්ඩන්වල පමණක් වර්ණ භේදය නිසා දරුවන් 28ක් පිහියෙන් ඇනලා ඝාතනය කළා. ඒ අතරේ අපේ අහිංසක දරුවෙකුත්, කණගාටුම දේ අපේ දරුවන්ට මව්භාෂාවක් නැතිකම...

:       4       10

Sajith Sunday, 17 September 2023 01:54 AM

මම හිතන්නේ මනූෂ නානායක්කාරට වැරැදිලා... මොකද මේ රටවල්වල මිනිස්සු එයාලාගේ ප්‍රධාන රැකියාවට අමතරව තව අමතර රැකියාවක් කරනවා. එහෙම කරන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. එතකොට පෙට්‍රල් ශෙඩ්, රෙස්ටුරන්ට් වල රැකියා කරනවා. ඊට අමතර uber eats, door dash, uber ride වගේ තමන්ගේම වාහනයෙන් වැඩ කරනවා. ළිංමැඩියෝ හිතන්නේ උන්ට රැකියා නැති හින්දා එහෙම කරනවා කියලා. අනික මේ වගේ බොරු ප්‍රචාරය කළාට මිනිස්සු ලංකාව දාලා යන එක නවත්‍තන්න බැහැ..

:       5       23

sam Sunday, 17 September 2023 02:16 AM

කාලකණ්ණි, නූගත්, දූෂිත දේශපාලුවෝ රට හොරා කෑමේ ප්‍රතිඵල තමයි ඒ...!

:       3       16

චතුරි Sunday, 17 September 2023 04:37 AM

අපේ පාර්ලීමේන්තුවේ ඉන්නෙ සේරම නූගත්තු. ඉතින් නුගත්තු කරපු, කරන හොරකම්, කුපාඩි වැඩ නිසානේ උගත්තු රට හැරලා යන්නේ.... මුලුරට වැසියාම රටදාලා ගියත් මොවුන් එකෙක් පුටුව දාලා යන්නේ නැහැ... මොකද පිරටවල ගිහින් තෙල් ටිකවත් ගහගන්න දන්නේ නැති හරක් ටිකට පාලනය කරන්නේ... ඇමෙරිකාවේත් ඇවිත් ඉන්නවා. නමුත්. කරන්න දෙයක් නැහැ. නූගත් මිනිස්සුන්ට සර් කියනවාට වැඩිය උගත් මිනිස්සුන්ට නම කියලා කතාකරලා. හොඳ වැටුපක් අරගෙන... රජබොජුන් වලින්... කුස පිරෙන්න කාලා, බීලා සැනසිල්ලේ ඉන්න පුළුවන්. මෝඩ රැලක් එක්ක ඉන්නවාට වැඩිය එක උගතෙක් එක්ක ජීවත්වෙන එක ලේසියි...

:       3       18

Shelton wijesiri Sunday, 17 September 2023 05:38 AM

ඔය උගතුන් බොහෝමයක්ම රට හැරදා යන්නේ මීළඟට ජවීපේ වාමාංශිකයින් බලයට පැමිණෙනු ඇතැයි යන බිය නිසයි. තමන්ගේ නිදහසත්, දැඩි බටහිර විරෝධී ප්‍රතිපත්තියත්... ඒ නිසා රට තුළ ඇතිවන විනාශයත් නිසා...!

:       31       5

Bamunuarachchi Sunday, 17 September 2023 05:59 PM

ජෙප්පෝ? මෙයා විකාර කියනවා...? උගතුන් රට හැර යන්නේ ජෙප්පන්ට බයේ නොවෙයි හිරිකිතේ.... ජෙප්පන් මතක් කරන්න එපා. කාලකණ්ණී..!

:       8       9

සල්ලි Sunday, 17 September 2023 07:07 AM

මෙහේ නම් අට පාස් නැති අය දේශපාලනේට ඇවිත් ලොකුපඩි, සැප ගන්නවා...

:       1       9

ටිවුලින් Sunday, 17 September 2023 07:49 AM

ඔව් මොනවද රට ගිහින් කිසිම විභාගයක් පාස් වෙන්න බැරුව ආපු එකක් මේ පාර ජනාධිපති වෙන්න හදන සිරි ලංකාව අපේ රටේ...

:       1       8

Nimal Sunday, 17 September 2023 09:41 AM

බටහිර රටවල, ශෙඩ්වල හෝ අවන්හල් වල වැඩ කරත් සැපයි. මෙහි වෘත්තීයවේදීන් ලෙස කටයුතු කරමින් දේශපාලුවන්ගේ අණසකට යටත්වෙනවා. කෘෂි රසායන සහ රසායනික පොහොර තහනම් කළවිට, වසර කිහිපයක් ගතවන තුරු එක්කෙනෙකුටවත් කොන්දක් තිබුණද? එයාට එරෙහි වන්නට...?

:       5       15

babi nonaThursday, 05 October 2023 07:46 PM

කැනඩා වල නම් තමාම පෙට්‍රල් ඩීසල් ගහ ගන්න ඕනේ

:       0       0

ලුම්බිණි Sunday, 17 September 2023 10:25 AM

ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල වැඩ කළත් ජීවත් වෙන්න හොඳ ආදායමක් ලැබෙනවා නම් ඒක නේද අවශ්‍ය..? කරන රක්ෂාවෙන් මිනිසුන් මැනීමක් කරන්නේ නැති නිසා අවුලක් නැහැ නේද...?

:       5       32

රමින්ද Sunday, 17 September 2023 10:47 AM

වෘත්තිකයින් යනු පිස්සන් නොවේ... මෙහෙ හොඳ රස්සාවලුත් දාලා ගිහින් එහෙ ෂෙඩ්වල තෙල් ගහන්නේ ඇයි කියලා හොයලා බැලුවානම් තේරෙයි.. මට හේතු 10ක් කියන්න පුළුවන්...

:       6       13

Mo77 Sunday, 17 September 2023 12:19 PM

ඔය බහුතරයක් දෙනා ලංකාවේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ගත්ත අය. ඔවුන් රට ගියාට අපිට කමක් නෑ. ලංකාවෙන් ගත්තු අධ්‍යාපනයටයි සෞඛ්‍ය සේවයේ වියදම ගෙවලා පලයල්ලා. නුබලා ඒ ඒ රටවල්වලට ගිහිල්ලා බදූ ගෙවන්නේ නැතුව ජීවත් වෙනවා වගේ තමයි වැඩ කරන්නේ...!

:       10       14

රවි Sunday, 17 September 2023 04:54 PM

බෝට්ටුවෙන්වත් යාගන්න බැරිවුණාම, එහේ ගිහින් කුමක් හෝ නීත්‍යානුකූල රස්සාවක් කරන අයට සමච්චල් කරනවා. හැබැයි ඔය හිනාවන මිනිස්සු එහෙ ඉන්න නෑදෑයන් වැසිකිළි හෝදලා හරි එවන පාක්කුඩම් එපා කියන්නේ නැහැ.

:       1       17

සුසන්ත සල්ගාදු Sunday, 17 September 2023 06:33 PM

අපිට ආදරේ නැති රටක ජීවත්වෙනවාට වඩා හොඳයි වෙනත් රටක හිඟාකනවා.. මේක අපේ රට නොවේ ඔවුන්ගේ රට. අපි අසික්කිත දේශපාලුවන්ගේ වහල්ලු විතරයි..

:       2       13

Nimal kodagoda Monday, 18 September 2023 12:50 AM

දැන් වත් ඇත්ත වටහා ගැනීමට කවූරු කවුරුත් හිතට එකඟව කටයුතු කිරීමට කල්පනා කළ යුතු යි මෙතෙක් කල් රට පාලනය කළ හා කරවන අය ගැන කල්පනා කර බලන්න . මිනිසුන් හැමදාම රවටා රජ කරන්න බැහැ.අහින්සක මිනිසුන් හැමදාම ජීවිත කාලයම දුක් වේදනා විඳිනවා.එමනිසා රට යන කෙනෙකුට උදව්වක් හෝ දිරිමත් කරන්න උත්සාහ ගන්න.ව්ශ්වාශයෙන් යුතු ව යමක් දැනුවත් කලයුතුය එනම් මුදල් වියදම් කරමින් ෝෝබොට්ටූමගින් විවිධ රටවල් කරා යෑමට උත්සාහ කරන්න එපා.. හිතට එකඟව කටයුතු කිරීමට කල්පනා කරනවා නම් ඔබට, ජීවිතය ජය ගත හැකිය හැම රැකියා වකටම අගයක් තිබෙන බව අමතක කරන්න එපා.අත්තකියන්නත් බිමවාඩිවෙන්නත් කිසිවෙකු ට බයවෙන්ඩ එපා.ස්වීඩනයෙන් මම නිමල්

:       0       3

සමිතා Tuesday, 19 September 2023 08:30 AM

ලංකාවෙ අයට මෙහෙම දේවල් තේරෙන්නෙ නෑ..නොකා නොබී හරි වංශෙ කබල් ගාන්න දක්ශ අය ලංකාවෙ ඉන්නෙ. එහෙම හැම රැකියාවකටම සම තැන දෙනවට ම කවුරුත් කැමති නෑ. ඊට වඩා ගෙදරට වෙලා සමුර්දිය ගන්න එක ලංකාවෙ අයට ලොකු කමක්..

:       0       3

Samitha Tuesday, 19 September 2023 08:28 AM

ඉතින් දැන් මොකක්ද ඔයාල කියන්නෙ? අනේ ඒ රටවල් වල හොද ජොබ් නෑ යන්න එපා කියලද? එන්න ඉන්න කෙනෙක් ඉන්නව නම් එන්න.. ලංකාවෙ ඉදන් දේශපාලකයින්ගේ කටු කකා ලිපි ලියන අයගෙ බයිලා අහන්නෙ නැතුව. . කොහොමත් හැමෝම මුල් කාලෙ කරන්නෙ part time job. ඒක මේ රටවල් වල අරුමයක් නෙවෙයි. මේ රටවල් වල හැමෝම part time ජොබ් කරන්නෙ අවුරුදු 16 න් වගේ. රටවල ලංකාවෙ වගේ උසස් හා පහත් කියල රැකියා නෑ. හැම රැකියාවකටම ඒ ශ්‍රමයට හරියන වැටුපක් ලැබෙනවා . හැමොටම කෑමට බීමට සෞක්‍යට , ගෙයක් හදා ගන්න, වාහනයක් ගන්න ඇති තරම් සල්ලි ලැබෙනව. සමහර විට ලොකුයි කියන ජොබ් එකක වගකීම ගන්නවට වඩා ලංකාවෙ පොඩියි කියන ජොබ් කරන්න මෙහේ මිනිස්සු කැමතියි. කොහොමත් ආව ගමන් කිසි කෙනෙක්ට අදාල ක්ශේත්‍රයේ රැකියා ලැබෙන්නෙ නෑ. ඒකට කාලයක් යනව. ලංකාවෙ ඉතින් කවදත් තිබුනෙ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ වගේ වැඩ නෙ. කන්න නැතත් ලොකු කමේ අඩුවක් වෙන්නෙ නෑ. හැම ජොබ් එකටම හොද තැනක් දෙන්නෙ නැති නිසා , හරි වැටුපක් නැති නිසා හොද නෑයි කියන ජොබ් කරන්න ලංකාවෙ මිනිස්සු නෑ...සාරි ඇඳලා ටයි කෝට් දාල ගිහින් හිඟා කෑවත් නම්බුයි කියලා හිතන රටවලුයි, බටහිර රටවලුයි සන්සන්දනය කිරීමම මෝඩ කමක්..

:       0       10

බද්රානි Wednesday, 20 September 2023 03:18 PM

බොහෝමයක් අදහස් වලින් පිළිබිඹු වන්නේ, ලාංකිකයින්ගේ තියන ගෝත්‍රික ආකල්පයි... දියුණු රටවල ඕනෑම රැකියාවකට විශේෂ සමාජ පිළිගැනීමක් තියනවා.. හැමදෙනාම තමන් කරන වෘත්තීය පිළිබඳ දැනුමක් හා ඔවුන් ඉතාම වගකීමකින් කටයුතු කරනවා. රෝහලේදී, වෛද්‍යවරයා ලොක්කෙක් වුණාට, මහපාරේදී ඔහු සාමාන්‍ය පුද්ගලයෙක්.. පල්ලියේ පියතුමා පල්ලියේ ප්‍රධානියා වුණාට, මහපාරේදී, ඔහු සාමාන්‍ය පුරවැසියෙක්.. ඔවුන්ව මහපාරේ දැකලා හතරගාතෙන් වැඳ වැටෙන්න ඒ රටවල ජනතාවට පිස්සු තදවෙලා නැහැ. දේශපාලකයිනුත් එහෙමම තමයි... ලංකාවේ වගේ වචන දහයකින් පහක් "සර් හෝ මැඩම් " කියන නිවටයෝ ඒ රටවල නැහැ. ඒ රටවල වැටුප් විෂමතාවය අඩුයි... වැඩිපුර මුදල් හොයන අය රජයට වැඩිපුර බදු ගෙවිය යුතුයි.. ලංකාවේ දොස්තරලා වගේ ජනතාවගේ මුදල් සුරගෙන කාල සැප විඳින්න ඒ රටවල ඉඩක් නැහැ... උගතා නූගතාට උපකාර කරනවා.. රටේ සියලු දෙනාම ගෞරාන්විත පුරවැසියන්.. ඒකටත් එක්ක, ලංකාවේ නිවට නිහීන, අධර්මිෂ්ඨ, කුහක, කාලකන්නිනේ ඉන්නේ..නොදකින්! අපේ කරුමෙට ඉපදුණු රට හා ජාතිය...

:       2       26

Sara Tuesday, 03 October 2023 06:40 PM

ගොඩ දෙනෙක් හොඳ රස්සා වලින් අස්වෙලා ගියේ විශේෂයෙන්ම ලන්කාවේ tax ගන්නවා කියලානේ. නමුත් රස්සාවල් ලැබුණු අය ඒ රටවල් වල ඒ වගේ දෙගුණයක් tax ගෙවනවා. අනිත් එක ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ පිටරට කියන්නේ සුරපුරවල් කියලා. මම අවුරුදු ගණනාවක් බටහිර රටක වැඩ කළා. මගේ පඩියෙන 52% tax ගෙව්වා. සෑම වසරකම ලංකාවට ඇවිත් නැති බැරි අයට උදව් කළා. තරුණ අයට පහදලා දුන්නා පිටරට තත්ත්වය ගැන. මම දැන් පෙන්ෂන්. මම දැන් වසරෙන් භාගයක් ජීවත් වෙන්නේ ලංකාවේ. මට ලංකාව කවදාවත් අමතක වුනේ හෝ එපා වුනේ නෑ. අපේ පාලකයින්ගේ වැරැදි තියනවා තමයි. නමුත් ඕවා නැති රටවල් ලෝකයේ කොහේවත් නෑ..

:       1       2

Ajith Saturday, 07 October 2023 12:13 AM

දැන් ඉතින් ලංකාවේත් සුදුසුකම් තියෙන අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ? OL තියා 5 වැනි ශ්‍රේණියටවත් ගිය නැති මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින්, හොරුන්, මංකොල්ලකාරයින්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 45 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 225 0

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 138 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස්ම


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 227 2

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ
2024 මැයි මස 05 971 0

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස


ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ
2024 මැයි මස 05 370 2

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1939 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1705 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site