
(ටී.කේ.ජී.කපිල)
" පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්." යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය .
ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්ති සාකච්ඡාව මෙය වූ අතර , එය " ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය - යොහානි ද සිල්වා " යනුවෙන් නම් කර තිබුණි .
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව " දිනවමු මව්බිම පදනම " විසින් සංවිධානය කර තිබූ අතර , එය මීගමුව , පමුණුගම , ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් රෙස්ටුරන්ට් හී දී පැවැත්වුනි .
මෙහිදී අදහස් දැක්වූ ගායිකා යොහානි ද සිල්වා මෙසේ පැවසුවාය .
මගේ ජනප්‍රියත්වය මාස දෙකක් , තුනක් තුළ හදිසියේම ඇති වූ දෙයක් . ඒ ජනප්‍රියත්වය මොන විදියට ද සිදු වුණේ කියල , මමත් තවම දන්නෙ නෑ .
මේ සියල්ලට මගේ " ලුණු " නැමැති සංගීත කණ්ඩායමෙන් සහයෝගය ලැබුණා .
මම 2019 වසරේ දී ගණකාධිකරණය විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා , ලංකාවට ආවා . එහිදී මට තෝරා ගැනීම් දෙකක් කරන්න සිද්ධ වුණා . එකක් ඕස්ට්‍රේලියාවේම පදිංචි වෙලා ගණකාධිකාරීවරියක් වීම . අනෙක ශ්‍රී ලංකාවට ඇවිත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම .
මෙම ලංකාවට ආව . ඇවිත් සංගීතය මුල ඉදලා ඉගෙන ගත්තා .
මගේ මාපියන් මට ඒ සදහා ලොකු සහයෝගයක් ලබා දුන්නා .
මට දැනට රටවල් ගනනාවකින් ජාත්‍යන්තර සංගීත ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . මේ අවුරුද්දෙ දෙසැම්බර් වීමට පෙර ඩුබායි සහ ඕමානයේ සංගීත ප්‍රසංග සදහා යා යුතු වෙනවා . එසේම ඇමෙරිකාවේ , එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් ගනනාවක ද , ඉදිරි වසර තුළ ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . යැයි ද පැවසුවාය .
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ඇයගේ ජනප්‍රියතම " මැණිකේ මගේ හිතේ " ගීතය සහ තවත් ඉංශ්‍රීසි ගීතය කොටසක් ද ගායනා කළාය .
ඉන්පසුව විවිධ ආයතන සහ සංවිධාන රාශියක් විසින් ඇයට විවිධ ත්‍යාග ලබා දීම ද සිදු කෙරුණි .



COMMENTS
‘‘මැණිකේ‘‘ ලංකාවේ බොහෝ දෙනකු සිත සිටින්නේ සියල්ල ඔවුන් දන්නා බව සහ සියල්ල ඔවුන්ට කළහැකි බව නිසා ලෝකය අප පසුකර ගියත් අප තවමත් එතනම කැරකෙමින් සිටි. කෙසේ වෙතත් ලොවක් දිනූ ඔබගේ සියලු ජයග්‍රහණයන්ට සුබ පතමු.
ඔබ ටයිටැනික් මෙන් මාතෘ භූමියට වත්කමකි
දැන් ඉතින් ඔය මැණිකේ සින්දුව අල්ලන් නැටුවා ඇති .තව හිට් වෙන සින්දුවක් දෙකක් කියන්න නැත්නම් ඕකත් අර 2009 "යුද්දේ දිනුවා" බයිලා එක ගානට වැටෙනවා
යොහානි, රේස් එකට දුවන අශ්වයාගේ ඇස් දෙකේ පිට පැත්තෙන් කවර දෙකක් බැන්දල තියෙන්නෙ, අශ්වයා දුවන කොට ඉදිරිය පමනක් පෙනෙනෙන්න. එවිට බාහිරින් පෙනෙන භාදක පෙනෙන්න නැති වෙන්න. එනමුත් දිනුම පරාජය දෙකම හිමි වෙනවා. ඔයා හරිම නිහතමානී කාන්තාවක් බව අපට පෙනෙනවා. ඔය යන ගමන ඔය විදිහටම යන්න. ලැබුනු වෙලාවක ගම්බද පලාත් වල ජීවත් වන ලමයින්ටත් ඔවුන්ව දිරිගන්වන්න ගීත ටිකක් ගයන්න. ස්තුතියි .
රට ගිහින් ඉගෙනගත්ත. එහෙ ලක්සිරි ලයිෆ් එකක් හදාගන්න තිබ්බ. මෙහෙ ආවා. අපේ රටේ නම ලෝකෙට ගෙනියන අයිකන් එකක් වුනා. තව තවත් ඉදිරියම යන්න. බුදු සරණයි. හොඳ වෙලාවට මේ රටේ කැම්පස් නොගියෙ. එහෙනං ආණ්ඩුවේ ජොබ් කට්ටක් ඉල්ලල තාම ලිප්ටන් එකේ. ප්‍රයිවෙට් ජොබ් කරන්න කම්මැලියිනෙ.
කල්ලිවාදී, නවකයින්ට අත නොදෙන, පැනි සින්දුවලින් අප රවටා ඊට ප්‍රති විරුද්ධ දේ කල අයට යන්න බැරිවුන තැනකට ගිය යොහානිගේ නිහතමානීකමවත් මේ අය ආදර්ශයට ගත යුතුය.
ඔබ, පෙර භවයේදී විශාල පිනක් කල කෙනෙක්. කිසිම කෙනෙකුට තනතුරැ, තානාන්තර, ධනය, බලය, රූපසම්පත්තිය නිකම්ම ලැබෙන්නේ නැහැ. සමහර අයට තනතුරැ ලැබෙනවා පෙර පව් පලිසන්දෙන්න. පේන්නැද්ද පොලීසියෙ ලොකු ලොක්කො කී දෙනෙක් මේ වන විට හිර ගෙවල් වල දුක් විදිනවද කියල. සමහරැන්ට මරණ දණ්ඩනයත් නියම වෙලා. තනතුරැ සමගම අනතුරකුත් තියෙනවා. නමුත් තනතුරෙන් අනිසි වැඩ නොකලහොත් අනතුරු නැහැ. ඒ නිසා දියණිය, ඔබ ඔබේ ජනපියතාවය මත දේශපාලනයට නම් එන්න එපා. ඉතා නිහතමානීව ඔබේ දිවිය සාර්ථක කර ගන්න ගමන්, රටටත් ලෝකයටත් සේවයක් කරන්න. ඔබට දැන් ඒ පසුබිම නිර්මාණය කර දිලයි තියෙන්නෙ. ඕක තමයි ස්වභාව ධර්මයේ හැටි.