(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු භාෂා පරිවර්තන අංශයේ නිලධාරියකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි .
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම නිලධාරියාගේ සමීපතම ආශ්‍රිතයෝ කිහිප දෙනෙක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු සේවකයන් 28 දෙනකු පි.සි.ආර් පරීක්ෂණවලට ඉකුත් සිකුරාදා යොමු කෙරුණු අතර මෙම නිලධාරියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එම පරීක්ෂණවලදීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයකු හමුවීම නිසා එම කාර්යාලය පසුගියදා තාවකාලිකව වසා දමා එහි සෙසු සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබූහ.
මේ අතර කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ සෑම අංශයකටම සේවකයන් කැඳවීමද සීමා කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයට පිටතින් පිරිස් කැඳවීම ද නතර කර ඇත.
2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
902
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිසබේ භාෂා පරිවර්තන නිලධාරියෙක්ට කොරෝනා