IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිසබයේ තවත් අනංගයෙක්

(සුජිත් හේවාජුලිගේ)

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

එම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත්  අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත්  ලිංගික  අල්ලස් ඉල්ලා දිගින් දිගටම  බලපෑම් කරන  බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන්  විමර්ශන ආරඹා ඇත.

ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු  ඉදිරිපත් කර  ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පිරිසකට විරුද්ධවද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මෙයට පෙර  විනය ක්‍රියාමාර්ග ගැනිණ.



අදහස් (5)

මැතිසබයේ තවත් අනංගයෙක්

සඳුන් Saturday, 25 May 2024 12:12 PM

භූමි දෝෂයක් වගෙයි.

:       0       11

ravin Saturday, 25 May 2024 01:06 PM

කොහොමත් ඔය ආයතනය දූෂණය, වංචාව, හොරකම, ස්ත්‍රී දූෂණය ආදී මෙකී නොකී සියලු අකටයුතුකම් වලින් පිරිච්ච තැනක් විත්තිය නොදන්නේ නොඉපදුණු දරුවන් පමණයි.

:       0       15

Rohana Saturday, 25 May 2024 01:31 PM

තමන්ගේ මල්ලියා පාලනය කරගන්න බැරිව රාජකාරියවත් හරි ආකාරව කරන්නේ කොහොමද?

:       0       10

ගමේ එකාලා Saturday, 25 May 2024 01:57 PM

අනන්ගයා නම් මොකෝ... ඔයිට වැඩිය අන්ත ජරා වැඩකරපු අයත් ඔතැන ඉන්නේ?

:       0       15

sk Sunday, 26 May 2024 09:49 AM

ඔතනට යන අය වගේම තමයි නිලධාරිනුත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site