කොළඹ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එච්. පී කුමාරසිරි මහතා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධරයෙක් විය. පසුගිය මාර්තු 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වීමේ ලිපිය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණේ අප්‍රියල් 26 වැනිදාය. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැවැත්වුණු විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 28ක් ඉදිරිපත් කැර තිබිණි. මෙම විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමෙන් කළ ඉල්ලීමට එම කොමිසමෙන් අනුමැතිය ලැබී , ඒ අනුව රජයට අයවීමට ඇති මුදල් විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට යටත්ව රාජ්‍ය හා අධිකරණ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥා පනතේ 02-12 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි වලට අනුකූලව විශ්‍රාම ගන්වා ඇත. රාජකාරි ලිපි ලේඛන බඩු බාහිරාදිය නියෝජ්‍ය විදුහල්පතිට බාර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ ඩී එස් සදීකා මහත්මිය පසුගිය අප්‍රියල් 26 වැනිදා ඔහුට දැනුම් දුන්නාය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි
මෙන්ඩිස් Thursday, 10 May 2012 12:54 PM
අනේ අපේ ඉස්සර විදුහල්පතිතුමා මේ ඉස්කෝලේ ඉහළට ගන්න කරපු දේවල් මට තාම මතකයි.එතකොට මේ විදුහල්පතිතුමා මේ ඉස්කෝලෙම ගුරුවරයෙක්.අපරාදේ.එච්චරට දියුණු කරපු අපේ ඉස්කෝලේ...
ෂරෝවනා Thursday, 10 May 2012 01:28 PM
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයකට පත් කළා නම් හරි ඊළගට
කිරිමාටින් Thursday, 10 May 2012 03:02 PM
මෙච්චරද දඩුවම....
දවල් මිගෙල් Thursday, 10 May 2012 03:24 PM
මෙයා දේශපාලනයටනම් ඉතාම සුදුසුයි...
දර්ශන් Friday, 11 May 2012 11:38 AM
මෙයා ගැන ලිපියක් කරන්නකෝ ඡායාරූපත් එක්ක
මිනෝලි Wednesday, 09 May 2012 06:13 PM
වැරැද්දක් කරලා හැංගෙන්න බෑ. ඒක තමයි දහම
සමීර Wednesday, 09 May 2012 06:23 PM
මෙච්චර කැත වෙඩක් කරපු කෙනෙකුට තව දුරටත් පඩි ගෙවන්නෙ ඇයි? මම හිතන්නෙ පව් කියලා හිතලා වෙන්න ඇති.
ලෙස්ලි හර්බට් වීජේසින්හ Wednesday, 09 May 2012 06:24 PM
ලැජ්ජාව නැති විදුහල්පති කෙනෙක් නිසා මහානාම පාසලට කළු තිතක්
ගාමිණි Wednesday, 09 May 2012 06:40 PM
හරිනම් මෙයා ඉන්න ඕනි අත්අඩංගුවේ. කෝටි ගාණක් ගසා කාලා ඒක පාරිතෝෂිකයට හිලවු කරන්නේ කොහොමද?
දිසානායක Thursday, 10 May 2012 06:43 PM
තව ටික දවසකින් උසස් වීමක් ලැබෙයි.
මාධව Wednesday, 09 May 2012 07:35 PM
ජනතා මුදල් නැති නාස්ති කරන අනෙක් අයටත් මේ වගේ නීති ක්‍රියාත්මක වෙනව නම් කොච්චර හොදද?
රන්ගන Thursday, 10 May 2012 07:47 PM
මේවගේ ප්‍රින්සිපල්ලා මුලු අධ්‍යාපන ක්ෂේත්‍රයටම නිගාවක්. මෙයා ළමයි දාගන්න එන අම්මලාගෙන් ලිංගික අල්ලස් අරගෙනත් තියනවා. ඒකට උදව් කරපු උප ගුරුවරයෙකුත් ඉන්නවා. මෙවැනිම අපචාර වැඩ කරන තව කෙනෙකුත් ඉන්නවා.අපි දන්නවා එයාව
හීගොඩ Thursday, 10 May 2012 01:19 AM
මේවගේ අය ගෙදර අයට මුහුණ දෙන්නේ කොහොමද?
අනුර Thursday, 10 May 2012 08:22 PM
ඇති යන්තම් තීරණයක් ගත්තා
නිහාරා Thursday, 10 May 2012 04:36 AM
මේක මීට හුග කාලෙකට කලින් ගන්න තිබුණ තීරණයක්
රොෂාන් කොඩිකාර Thursday, 10 May 2012 08:25 AM
කලින් ලිපියක් ගියෙත් මෙයා ගැනද?
සමන්- melbourne Thursday, 10 May 2012 11:25 AM
ජනමාධ්‍යයට පින් සිද්ධ වෙන්න සුළු දඩුවමක් හරි ලැබුණා