IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහානාම ගුරුවරියට යළි වැඩ

ඉකුත් ජනවාරි 27 වැනිදා සිට රාජකාරි තහනම් කළ කොළඹ මහානාම විද්‍යාලයේ උපගුරු සමන්ති මනෝහාරි පැලකැටිය මෙනවිය  වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පැනැවීය. මාධ්‍යයට දුක්ගැනවිලි ඉදිරිපත් කළැයි  කියමින් අධ්‍යාපන ලේකම් ඇගේ වැඩ තහනම් කෙළේය. වැඩතහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් එම උපගුරුවරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  ශිරානි තිලකවර්ධන, කේ ශ්‍රී පවන් සහ පී ඒ රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් ඉදිරියේ අද කැඳැවිණි. අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිසම, විදුහල්පති හා නීතිපති වගඋත්තර කරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබිණි. වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 10 දිනට කල් තැබිණි.



අදහස් (0)

මහානාම ගුරුවරියට යළි වැඩ

චන්ද්‍රසෝම Thursday, 26 April 2012 09:36 AM

මේවගේ යට ගහපු වැඩ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා.

:       0       0

දර්ශන් Thursday, 26 April 2012 10:40 AM

ජය අපිටයි

:       0       0

ප්‍රියන්ත Thursday, 26 April 2012 12:49 PM

මට හිතෙන්නේ ළගදිම මහානාමෙටත් හොද කාලයක් උදා වෙයි

:       0       0

නිලන්ත Wednesday, 25 April 2012 04:03 PM

අධ්‍යාපන අමාත්‍යංශය කරන්නේ කොලේ වහල ගහන එක

:       0       0

එච්.ඊ. දයාරත්න Thursday, 26 April 2012 01:18 PM

අධ්‍යාපනය ඔහොම තමා. කළුතර අධ්‍යාපන කාර්යාලයයෙන් නයක් ඉල්ලපු ගුරුවරයෙක් විසි වතාවක් කාර්යාලයයට ගොස් තියෙනා. තවම ණය ලැබිල නැහැ. රුපියල් ලක්ෂ දෙකක් ගන්න රුපියල් දසදහසක සන්තෝෂමක් ඉල්ලනවාලු. හරිම රැස් පෝට්, බනිනවා.

:       0       0

සදුන් Wednesday, 25 April 2012 04:19 PM

විශිෂ්ඨ තීන්දුවක්. සත්‍ය ජය අරගෙන.

:       0       0

හරු Wednesday, 25 April 2012 04:30 PM

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නේ නොසැලකිල්ලෙන් වැඩ කරන අය. විදේශ රටවලින් මුදල් අරගෙන සංවර්ධනය කරනවා කියලා අවුල් කරනවා.

:       0       0

අමිල කටුනායක Wednesday, 25 April 2012 04:32 PM

ලේකම් හා අදාළ අංශ ක්‍රියාත්මක වුණානම් එතුමියට මාධ්‍යයට කියන්න වෙන්නේ නැහැනේ.

:       0       16

ලාල් Wednesday, 25 April 2012 04:36 PM

හොඳ ආරංචියක්

:       0       0

කුමාරිකා Thursday, 26 April 2012 02:33 PM

පාසල් වලට රජයෙන් අවශ්‍ය පහසුකම් දෙන්නේ නැතුවවත්ද? මොකද අපේ පැත්තේ සමහර පාසල් වල විදුහල්පතිනිලා දෙමවුපියන්ට දෙන්නේ ලක්ෂ ගනන් වල බිල්...

:       0       0

දයා - සෞදි Wednesday, 25 April 2012 05:33 PM

කොල දෙකම වහල ගහල තියෙන්නේ. බය නැතිව හයිය තිබුණු නිසා මාධ්‍යයට ඇත්ත කිව්වා. මේවගේ යට ගහපු වැඩ තව කොච්චර ඇත්ද? හැප්පෙන්න ලැජ්ජා බය ගැහැණු අය තව කොච්චර ඇත්ද සද්ද නැතිව?

:       0       0

විමලරත්න Wednesday, 25 April 2012 05:36 PM

අපේ අධ්‍යාපනයට තෙරුවන් සරණයි

:       0       0

දුෂාරි ද සිල්වා Wednesday, 25 April 2012 09:03 PM

වචනයේ පරිසමාප්තියෙන්ම ආදර්ශමත් ගුරුවරියක්. ගුරුවරියක් වන මගේ ආචාර...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site