ඉකුත් ජනවාරි 27 වැනිදා සිට රාජකාරි තහනම් කළ කොළඹ මහානාම විද්‍යාලයේ උපගුරු සමන්ති මනෝහාරි පැලකැටිය මෙනවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පැනැවීය. මාධ්‍යයට දුක්ගැනවිලි ඉදිරිපත් කළැයි කියමින් අධ්‍යාපන ලේකම් ඇගේ වැඩ තහනම් කෙළේය. වැඩතහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් එම උපගුරුවරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශිරානි තිලකවර්ධන, කේ ශ්‍රී පවන් සහ පී ඒ රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් ඉදිරියේ අද කැඳැවිණි. අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිසම, විදුහල්පති හා නීතිපති වගඋත්තර කරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබිණි. වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 10 දිනට කල් තැබිණි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ යට ගහපු වැඩ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා.
ජය අපිටයි
මට හිතෙන්නේ ළගදිම මහානාමෙටත් හොද කාලයක් උදා වෙයි
අධ්‍යාපන අමාත්‍යංශය කරන්නේ කොලේ වහල ගහන එක
අධ්‍යාපනය ඔහොම තමා. කළුතර අධ්‍යාපන කාර්යාලයයෙන් නයක් ඉල්ලපු ගුරුවරයෙක් විසි වතාවක් කාර්යාලයයට ගොස් තියෙනා. තවම ණය ලැබිල නැහැ. රුපියල් ලක්ෂ දෙකක් ගන්න රුපියල් දසදහසක සන්තෝෂමක් ඉල්ලනවාලු. හරිම රැස් පෝට්, බනිනවා.
විශිෂ්ඨ තීන්දුවක්. සත්‍ය ජය අරගෙන.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නේ නොසැලකිල්ලෙන් වැඩ කරන අය. විදේශ රටවලින් මුදල් අරගෙන සංවර්ධනය කරනවා කියලා අවුල් කරනවා.
ලේකම් හා අදාළ අංශ ක්‍රියාත්මක වුණානම් එතුමියට මාධ්‍යයට කියන්න වෙන්නේ නැහැනේ.
හොඳ ආරංචියක්
පාසල් වලට රජයෙන් අවශ්‍ය පහසුකම් දෙන්නේ නැතුවවත්ද? මොකද අපේ පැත්තේ සමහර පාසල් වල විදුහල්පතිනිලා දෙමවුපියන්ට දෙන්නේ ලක්ෂ ගනන් වල බිල්...
කොල දෙකම වහල ගහල තියෙන්නේ. බය නැතිව හයිය තිබුණු නිසා මාධ්‍යයට ඇත්ත කිව්වා. මේවගේ යට ගහපු වැඩ තව කොච්චර ඇත්ද? හැප්පෙන්න ලැජ්ජා බය ගැහැණු අය තව කොච්චර ඇත්ද සද්ද නැතිව?
අපේ අධ්‍යාපනයට තෙරුවන් සරණයි
වචනයේ පරිසමාප්තියෙන්ම ආදර්ශමත් ගුරුවරියක්. ගුරුවරියක් වන මගේ ආචාර...!