ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01) මාතර රාහුල විද්‍යාලයයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් එම විදුහලේදී පැවති ලෝක ළමා දින උත්සවය විවිධ නර්තනාංග වලින් හැඩවිය.
එහිදි පළමු ශ්‍රේණියේ සිසුහු 500 ක් පමණ දැරියන් ලෙස නර්තනයක් ඉදිරිපත් කළහ.
ලෝක ළමා දිනය අම්පාරේ
ඡායාරූප වසන්ත චන්ද්‍රපාල
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි පැටව් අපේ මල් වගේ ... නැටුමට ගැයුමට සුරයෝ .. (ස)
ගඟෙන් එහා පැත්තෙ දෙමව්පියෝ කොහොමත් කැපී පේන්න ටිකක් ට්‍රයි කරනවා. ළමයින්ට නම් සුබ අනාගතයක්.... (ස)
හරිම ලස්සනයි. ඒත් දුප්පත් දෙමව්පියන් මේ වගේ දේවල් වලින් බොහෝ දුරට තැලෙනවා. මේ ඇදුම් පාසල් වලින් දෙන්නේ නැහැනේ. සල්ලිකාර දෙමව්පියන් මේවට වියදම් කරන කොට අසරණ දෙමව්පියෝ දරුවා පාසලේ කොන් නොවෙන්න තියෙන උපරිමයටත් වැඩ කරන්න සිද්ධ වෙනවා. (ස)
මේ සමනල්ලු ටික හරිම අහිංසකයි, සුන්දරයි ඒ වගේම තමයි ලස්සනත් . ලෝක ළමා දිනය උත්කර්ශවත් විදියට සමරන්න ඕනැ. කිසිම විවාදයක් නැ. මීට වඩා වැදගත් නේද වඩා හොඳ දේශීය සංකල්පයක් මේකට ඇතුලත් කරලා ඉදිරිපත් කලා නම් මේ දරුවන්ටත් ලොකු අභිමානයක් හිතට දැනෙනවානේ. මාතර කියන්නේ කොළොඹ නෙමෙයිනේ . මාතර කිරිබත් එහෙම දැන් ඉදෙන්නේ නැද්ද. අනුකරණය හොඳයි. ඒත් අන්ධානුකරණය තමයි ප්‍රශ්නය. (ස)
ලස්සනයි!හරිම අලංකාරයි! පුංචි දුවා දරුවන්ට,වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! තවත් මෙවැනි මල්කැකුලියන්, දැයේ දරුවන්, අනාත මඩම් වලත්,සමහර ළමුන් එහි පාලකයන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් හිරිහැර විද, යාචකයන්ගේ අත කොලුවක් වුන,ළමා සමාජයක් අපට පෙනේතෙක් මානයෙම තිබෙන සමාජයකයි අපි ඉන්නේ,පාසල් රථ රියදුරන්ගේ,කැන්ටිමේ අංකල්ලාගේ, ටියුෂන් ගුරුවරයාගේ, පටන් සීයලාගේ බාප්පලාගේ හා පියානන්ලගේද අඩත්තේට්ටම් වලට දිනපතා ගොදුරු වන දුදරුවන්ට නිසි රැකවරණයක් හෝ එවන් සිදුවීම් වලින් වැරදිකරුවන් වූ චුදිතයන්ට ඇප ලබා නොදී, හැකි උපරිම දඩුවම් නියම කර මේ ව්‍යසන අවම,හෝ නැතිකර ගැනීමට නීති පද්ධතියක් සකස් කිරීම, අද කාලීන ඉක්මන් වුමනාවක් වී ඇත. (ස)
හේමන්ත, මේක තමයි ලංකාවට වෙලා තියෙන්නේ, අපි මේ උත්සවය කරන්නේ ඇයි කියන එක අමතක වෙලා අන්තිමට අපි ඇදුම් දිහා (පුලුවන්නම් ටිකක් ලොකු කෙනෙකුත් ගෙන්නලා ) බලලා සතුටු වෙනවා. (ස)
ලෝක ළමා දිනය වෙනුවෙන් මෙහි අදහස් දාන සියලුම වයසක ළමයින්ට සුභ පතනවා.. (ස)
පැතුම්, අදහස් නමට ගැලපෙන්නේ නැහැ. ගඟෙන් එහා ගැහැණුන් නොහිටින්නට අපේ උන්ගේ පක්ෂත් බාගයේ පැත්තකුත් නැහැ. බෝම්බ වලට ඔවුන් වීරෝදාර මව් වරුන් නිගරු නොකරනු (ස)
සියලුම දරුවන්ට බුදු සරණ දෙවි පිහිට ප්‍රර්ථනා කරනවා. සුබ අනාගතයක්. වෙනත් අරමුණු අපට අවශ්‍ය නැහැ. අගය කරමු. (ස)
ඇත්තටම ඔය ඇඳුම් වලට දෙමව්පියන්ට කොහොම හරි සල්ලි හොයාගන්න වෙනවා. අනික පිරිමි ලමයි ගෑනු ලමයි කරන්නේ පෟරුෂ වර්ධනය කරන්න ද? ලමා දිනයට ඕනිනම් යමක් කමක් තියෙන අයට පුලුවන් නැතිබැරි ලමයි වෙනුවෙන් උදවුකරන වැඩපිලිවෙලක් හදන්න. ඒත් ඒ වැඩ සංවිධානය කරන්න අමාරුයි කියල හිතෙන නිසා ඔය පොසත් රටවල් වල මිනිස්සු කරන ජාතියේ සංදර්ශණ පවත්වල ඔය දවසත් ගතකරල දාන එක ලේසියි දුප්පත් එකාට කොච්චර කලත් එකයි ඌ හැමදාම එහෙමමයි කියල හිතලා. (නදී)
පෙළක් ළමුන් සුවඳ ගොඩයි....... පෙළක් ළමුන් හරිම හැඩයි........ (ස)
මේ පුංචි දරුවන්ට මගෙත් ආසිරි''මල් මිටක් පුදමි .., දරාගන්න බැරි සමහර අය හැමදේකම වැරැද්දක් දකින එක තමයි.(නදී)
වාසනාවන්, නෙතට සුබ දසුන් අපේ රටේ දරුවන් අපේ අභිමානය..... (ස)
අලංකාරයි. නෙතට සුබ දසුන්........... (ස)
පුංචි ළමයින්ට අවි අතට දෙන යුගයක් තිබුන රටක එම යුගය අවසන් කළ නායකයෙක් ඉන්න රටක පුංචි පැංචියෝ සමරන දිනයක මෙවැනි දෙයක් ලිවීමට ලැබීම සතුටකි. අප සැවොම එක්ව කළ යුත්තේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට වග බලා ගැනීමයි (නි)
හරි සුන්දර දසුනක්, ආදරේ හිතෙනවා දැක්කහම. (ස)
ගොඩක් හොඳ වැඩක්, ඒ උනාට මේ ඇදුම් වලට යන්නේ දෙමාපියන්ගේ සල්ලි නේද, අපේ රටේ කරන වැඩවලට මේ බොරු සෝබන වියදම් නැතිව බැරිද? මේ රටෙත් ඔය උත්සව තියෙනවා. කවදාවත් වෙන ඇඳුමක් ගේන්න කියන්නේ නැ. (ස)
පුංචි ළමයි මල් වගේ (නි)
කුමාර, අම්මා තාත්තා මේ වගේ දෙයකට වියදම් කරලා දරුවෝ සතුටු වෙනවා දැකලා සතුටු වෙන්නේ මොන තරම් සංවේදිවද කියලා දන්නවද? මේ වගේ වටිනාම කටයුත්තක් අද වගේ දවසක අපි අගය කරමු. (ස)