IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර විරෝධතාවයේ පසුබිම් කතාව

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති.

මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන මෙම කාන්තා රැඳවියන් පිරිස ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.

බදුල්ලට මාරු කරන ලද හිටපු ප්‍රධාන ජේලර්වරිය නැවත ලබා දීම,සිර කුටි මාරු කිරීම නතර කිරීම , සීමාවකින් තොරව ආහාර ගෙන ඒමට ඉඩ ලබා දීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම මෙම විරෝධතාවයේ ඉල්ලීම් වේ.

වැලිකඩ  බන්ධනාගාරයේ සිටි කාන්තාවන් 300ක් පමණ පසුගියදිනවල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ අතර එම හිස් වූ වාට්ටුවලට රිමාන්ඩ් කාන්තාවන් මාරු කිරීම ඉකුත් 11 වැනිදා ආරම්භ වූ අවස්ථාවේදී බන්ධනාගාර කාන්තා නිලධාරීන් හා රැඳවියන් අතර ගැටුමක් හට ගෙන තිබුණි.

මෙම ගැටුම සංසිඳවීමට පැමිණි බන්ධනාගාර  නිලධාරීන්ට කාන්තා රැඳවියන් හූ කියා දැඩි විරෝධතාවයක් ද පළ කර තිබේ.

මේ වන විටත් කාන්තා රැඳවියන් 20ක් පමණ මාරුවෙන් මාරුවට වහලය මතට නගින අතර ඔවුන් බැස්සවීමට නොහැකිව ඇත.තත්ත්වය පාලනය කිරීම සඳහා බොරැල්ල පොලිසියෙන් කණ්ඩායමක් යොදවා තිබේ.

 



අදහස් (7)

බන්ධනාගාර විරෝධතාවයේ පසුබිම් කතාව

rohana Tuesday, 14 August 2018 01:37 AM

යකෝ මේක මාර වැඩක්නේ. හිට්ලර් ආවානම් හරි මේ වෙලාවට.

:       0       35

ruwan Tuesday, 14 August 2018 01:56 AM

නලවන්නේ නැතුව දඩුවම් කරන්න… නිකම්ම පහලට එයි.

:       0       43

රවින් Tuesday, 14 August 2018 02:14 AM

අපරාදෙනේ කුඩු ගැන් එකේ ජේලර් මාරු කරන්න තිබුණේ හිර ගෙදරටම තමා. නිල ඇඳුම ගලවා ජම්පරය ( පින්තුර වල තියන පරිදි සාමාන්‍ය ඇඳුම් නොවේ - නියම බන්ධනාගාර ඇඳුම් ) ඇඳුවානම් නියමෙට විරෝදතා මෙහෙයවයි. මත් ද්‍රව්‍ය නාශක අංශය සහ අල්ලස් කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධරුවනි වහාම විශේෂ පරීක්ෂණ අරඹා උඩ සිට පහලට සුද්ධ කරන්න.

:       0       49

[email protected] Tuesday, 14 August 2018 03:45 AM

දොස්තරලා ස්ට්‍රයික් කලොත් ලෙඩ්ඩු අම්මරුවේ. දුම්රිය සේවකයො ස්ට්‍රයික් කලොත් මගීන් අමාරුවේ. ගුරුවරු ස්ට්‍රයික් කලොත් සිසුන් අම්මරුවේ ... ඒත් මේගොල්ල ස්ට්‍රයික් කලොත් .... කාටවත් පාඩුවක් නෑ ... ඇතිවෙනකම් වහලෙ උඩට වෙලා ඉන්න කියන්න, ඉස්සරහට වැහිකාලෙත් එනවනෙ ..

:       0       93

Mahee Tuesday, 14 August 2018 05:03 AM

ඔය ඉල්ලීම හතරෙන් පළමු තුන කෙලින්ම ප්‍රතික්ෂේප කල යුතුයි. හැබැයි, නඩු ප්‍රමාද නොකළ යුතුය කියන ඉල්ලීම ඉතාම සාධාරණයි. අවුරුදු 20-30 ගිහින් දඬුවන් දෙන අවස්ථා අපි පුවත්පත් වලින් දකිනවා.

:       0       46

sil Tuesday, 14 August 2018 05:06 AM

මේ විස්ස විසිපාෙලකට යවන්න

:       0       55

සතයපාල Tuesday, 14 August 2018 07:29 AM

මරු ඉල්ලීම්නේ තියෙන්නේ " සිමාවකින් තොරව ආහාර බන්ධනාගාරය ඇතුලට ගෙන එන්න ඉඩ ලබා දීම "ඇතුලේ කට්ටිය එකතුවෙලා දන්සැලක් පටන් අරන් වගේ.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site