IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට

(චන්දන හෙන්දුරුගොඩ )

සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි.

වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසකදී අද 18 වැනිදා සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බව දැනට වාර්ථාවේ.

වෙන්නප්පුව - වයික්කාල,පාසල අසල පදිංචිව සිටි විමල්කා තුෂාරි (අවු:19) නම්වූ තරුණියක් මෙම සිද්ධියෙන් මිය ගොස් තිබේ.

මාරවිල - වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමග මිය ගොස් ඇති තරුණිය වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර , මෙම සම්බන්ධතාවය නවත්වා දමමු යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇත.එම යෝජනාව සම්බන්ධයෙන් දෙදෙනා අතර පෙම්වතියගේ නිවසේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදුවී ඇති බව පොලීසිය කියයි.

 

 



අදහස් (6)

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට

sanath Wednesday, 19 March 2025 12:23 AM

හිරෙන් නිදහස්වෙලා ආවත් මේ තිරිසනාට කිසිදාක කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හෝ කසාද බදින්න ඉඩ නොතැබීමට සමාජය වග බලාගතයුතුයි . මේවගේ සිදුවීම් ගොඩක් අපේ රටේ සිදුඋනා නමුත් අන්තිමට කොල්ල ආයේ කසාද බඳිනවා .

:       4       9

Bunny Preena Wednesday, 19 March 2025 09:12 AM

දැන් කාලේ තරුණ අයගේ ආදර කතා හරියට ලැබ සෙල්ලම් බඩු වගෙයි .නො ගැරන්ටි නො වොරන්ටි

:       0       10

රම්බොඩ Wednesday, 19 March 2025 09:31 AM

හදලා වඩලද , කන්න බොන්න දීලද ? මේ මොකුත් නැතිව අයිති කරගෙන කාමයට යට වෙලා ඒ මානසික රෝගයෙන් මරලා දානවා. තම හැඟීම් තර්කානුකූලව , හේතුවාදීව , විචක්ෂණ ව පරිපාලනය කරගන්න බෑ. ප්‍රජාණනය දුර්වල පරපුරක් හැදිලා. එක්කෝ බුදු දහමට අනුගත වෙන්න ඕන නැත්නම් නූතන මනෝවිද්‍යාව දැනගන්න ඕන. මේ දෙකම නැති කෙනා මේ විදිහට අනුන්වත් නසා තමනුත් නැසෙනවා.

:       0       17

m. saman perera Wednesday, 19 March 2025 12:00 PM

අපරාදේ වටිනා ජීවිතයක්. ඔබට නිවන් සුව දුවේ...!

:       0       3

SM Wednesday, 19 March 2025 01:18 PM

සමහර ගෑනු ඉන්නවා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා ඒ මනුස්සයාගේ සල්ලි කාලය ඔක්කොම කාලා වෙන මනුස්සයෙක් එක්ක යනවා එහෙම දෙයක් නම් ඉතින් කරන්න දෙයක් නැ

:       2       2

prasanna Friday, 21 March 2025 11:51 AM

තවමත් අරගලය මානසිකත්වයෙන් ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site