IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු

(බී.ජි. චතුරංග)

පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කළ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල පදිංචි 26 හැවිරිදි එම ගුරුවරිය , කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගේ සැමියා වන, අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සූපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවත්, එම සැකකරු සහ සැකකාරිය අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිටි බව පොලිසිය සඳහන් කළේය.

සැකකාර මෙම යුවළ මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර මේ වන විට වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් , එහි වර්ෂ පූර්ණය සැමරීම සඳහා විශේෂ දීමනාවක් ලෙස මේ දිනවල මත්කුඩු පැකට්ටුවක් සඳහා රුපියල් 500 සිට 1000 දක්වා වට්ටමක් ලබා දී ඇති බව පොලිසිය කියයි.

ලැබුන තොරතුරකට අනුව මෙම යුවළ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සහ ඇගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් මතුකුඩු ග්‍රෑම් 80ක ප්‍රමාණයක ද සොයාගෙන ඇත.

කුරුණෑගල ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ලබා ගන්නා මත්කුඩු සැකකාර යුවළ විසින් තොග හා සිල්ලර ගැනුම්කරුවන් හට අනුරාධපුර නගරය හා පූජා නගරයේ මාර්ග අසල විවිධ ස්ථානවල සඟවා තබන බව පොලිසිය කියයි.

 



අදහස් (3)

පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු

මැක්ස් Monday, 24 June 2024 10:41 PM

මේ ගුරු කත ජෝසප් ස්ටාලින්ගේ සංගමේ ද නැත්තන් මහින්ද ජයසිංහගේ සංගමේ ද? දැන් මෙයත් බදාදා ලෙඩ නිවාඩු දානවද?

:       0       0

Chaminda Tuesday, 25 June 2024 06:03 AM

බිරිඳ වාරියපොලත් සැමියා කෑගල්ලෙත් පදිංචිලු කොහොම වුණත් බිරිඳ මහින්ද නැත්නම් ජෝශප්ගේ සංගමේ කෙනෙක් වෙන්න පුළුවන් කොතරම් කොහොම අත්අඩංගුවට ගත්තා වුණත් නීති පොතේ හැටියට මෙතෙක් කලකට දඩුවමක් නියම කලා කියලා අහල නම් නැහැ

:       2       1

Aruna Manipura Tuesday, 25 June 2024 06:42 AM

ගුරු හොරු...... ගුරු සේවයට ගිය කලක්.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site