
(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටී.කේ.ජී. කපිල)
ඉන්දියාවේ සැගව සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවකු සහ ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15, ජම්පටාවීදිය ප්‍ර දේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු සහ 25 හැවිරිදි සැකකරුගේ බිරිය බව පොලිසිය පවසයි.
මෙරට පොලිසිය විසින් ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව සැකකරු මෙරටට පිටුවහල් කර ඇත.
සැකකරු 2022 අප්‍රේල් මාසයේ දිනෙක වෙරළබඩ පොලිස් වසමේදී පුද්ගලයකුට වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම සැකකරු 2017 වසරේදී කොටහේන ප්‍ර දේශයේදී අවස්ථා කීපයකදී ගංජා සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම, 2018 වර්ෂයේදී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මීට අමතරව මෙම සැකකරු මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කිරීමට ඇබ්බැහිවූ පුද්ගලයකු බවද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරු-බිරිය අත්අඩංගුවට
රම්බොඩ Sunday, 16 February 2025 12:04 PM
උසාවි දාලා නිදහස් කරමු අනේ...!
KuleSunday, 16 February 2025 04:55 PM
හාල් මැස්සෙක්... ලොකු ප්‍රචාරක...