IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට

(විමුක්ති එස් රුද්‍රිගු)

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ  බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ යටතේ රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය, ඊ.එම්.බී.ඩී ලෙස හැඳිවෙන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සහතික කළ උපත්, මරණ සහ විවාහ සහතික තානාපති කාර්යාල ඔස්සේ නිකත් කිරීමේ සේවය සහ ජනාධිපති අරමුදලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දෙන මාර්ගගත සේවය අද(07) සිට ආරම්භ වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවැසුවේය.

රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය අද(07) දියත් කරන බවත් පළමු අදියර යටතේ සේවා 16 කට වැඩි ප්‍රමාණයකට මාර්ගගත අන්තර්ජාල බැංකුකරණ සේවා සහ මූල්‍ය යෙදුම් භාවිත කරමින් GOVPAY.LK වෙබ් අඩවිය ඔස්සේ මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අප්‍රේල් මාසය වනවිට තවත් සේවා 30 කට වැඩි ප්‍රමාණයක් GOVPAY.LK වෙබ් අඩවියට ඇතුළත් වනු ඇති බවත් ක්‍රමයෙන් සියලුම රාජ්‍ය සේවාවලට මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

 



අදහස් (3)

නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට

රනේ Friday, 07 February 2025 09:07 AM

ජය වේවා!

:       1       19

karolisFriday, 07 February 2025 04:55 PM

මෙම ගෙවීමේ පහසුකම හඳුන්වා දෙමින් නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ, පසුගිය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසිනි. මාස 4න් කරපු දෙයක් නොවේ මේකත්...!

:       1       2

ගුණරත්න Friday, 07 February 2025 06:51 PM

එකත් සීයා අවුරුද්දකට කලින් පටන් ගත් ව්‍යාපෘතියක්. මේ ආණ්ඩුවේ මෝඩ හැතිකරයට අලුත් අදහසක් ඇත්තේම නැති තරම්...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site