කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකට පාසලේ දී බලහත්කාරකමක් කළැයි චෝදනා එල්ලවී සිටි තුසිත තිලිණ මාලෙගොඩ නම් ගුරුවරයකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් හා අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ලබා දුන් තීන්දුව අද (18) ප්‍රතිශෝධනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා එම ගුරුවරයා වැරදිකරු කළේය.
ගුරුවරයාට එරෙහිව දඬුවම් පැමිණවීමට එම තීන්දුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
පසුගිය ආණ්ඩු කාලයේ මෙම ගුරුවරියගේ සිදුවීම දැඩි කතාබහට ලක් විය. තමාට සිදුවූ කරදර ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් සාධාරණයක් නොවුන තැන එය මාධ්‍යයට ලබා දීමෙන් පසු අගතියට පත් ගුරුවරියගේ වැඩ තහනම් කැරිණි.
ඊට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙතත්සමක් ගොනු කළාය. එහි අතුරු නියෝගයක් අනුව ගුරුවරියට යළි රැකියාව ලැබුණ ද අමාත්‍යංශය ඇගේ වැටුව් වර්ධක කිහිපයක් අත්හිටුවීය.
නීතීඥ සාලිය පීරිස් මහතා සහ උපුල් කුමාරප්පෙරුම මහතා ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු රජය උදව් කළේ ස්ත්‍රී දුෂකයන්ට කුඩු කාරයනට නිසා සැකයක් නෙහැ , ගුරුවරියට අසාධාරනයක් සිදුවූ වග , අපි බලා සිටිනවා ඉදිරියට සිදුවන දෙය (බ)
අනේ මන්දා! පොලිසි වල ඉන්න අය දන්නේ අහුවෙන්නේ නැතිවෙන්න පගා ගහන්න විතරයි. වැඩි හරියක් ඉන්නේ හරි අධ්‍යාපනයක් නැති, අද කාලෙට ගැළපෙන්නේ නැති පරණ නීතියක් කියලා පගාවක් හොයාගන්න අය. මට පෙනෙන්නේ එයාලා එක්ක ඉඳලා උසාවියටත් ඒ ලෙඩේ බෝවෙලාද කොහෙද? (නි)
නීතිය ගැන අපේ ගෞරවය වැඩිවෙන්නේ නීතිය ඉටුවන බව අපට පෙනෙන විටයි. මහාධිකරණ විනිසුරුතුමාට මගේ ප්‍රණාමය! (ර)
මොහුගේ තීන්දු වලින් ඉස්සර අසරණ මිනිසුන් කීයක් අමාරුවේ වැටෙන්න ඇද්ද? (නි)
තිලිණ ගමගේ ගෙදර යවන්න ..... (බ)
ඔහුට දැඩි දඬුවම් ලැබේවා! ගුරුවරියට යුක්තිය ඉටුවේවා. (ර)
අධිකරණ තීන්දුවේ වෙනස ඇතිවුනේ කෙසේද (බ)
ඔය කියන පුද්ගලයා නිදහස් කරලා තීන්දුව දීලා, ඒකට හිලව්වට එයාගේ බිරිඳගෙන් ලබාගත්තු හොර අලි බලපත්‍රය මගින් අලි පැටියෙකු නීති විරෝධීව තියාගත්තා එක්කෙනාත් හෙට අනිද්දාම රිමාන්ඩ් යයි .(බ)
කලින් වගේ නෙමෙයි. මේකයි සැබෑ වෙනස. (නි)
මේවට තමයි කට්ටියට මහින්දව ආයෙත් බලයට ගේන්න ඕනෑ. මේවට හොඳයි කියන කට්ටිය තමයි මහින්ද වටේ ගොනුවෙන්නේ. (නි)