
(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජප)පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 40 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් එම නඩුව නිශ්ප්‍රභා කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (19) නියෝග කළේය .
නගරාධිපතිවරයාට එරෙහිව වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් නාගරික මන්ත්‍රී අමිල නිරෝෂන් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සංශෝධිත මහ නගර සභා ආඥා පනතේ ( 252 අධිකාරිය ) 277(1) වගන්තිය යටතේ පරීක්ෂණයක් පවත්වන ලෙසට පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කිරීමත් සමඟ නගරාධිපති පදවිය තාවකාලිකව අත්හිටුවීම වළක්වන ලෙසට ඉල්ලීමක් කරමින් නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා නඩුව පවරා තිබිණි .
පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් .යු.ගමගේ මහතාගේ නියෝගයත් සමග තවදුරටත් මෙම නඩුවෙන් සහනයක් ලබා ගැනීමට නොහැකි බව හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය .
පළාත් ආණ්ඩුකාර ලලිත් යු.ගමගේ මහතා සහ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් මිලින්ද පතිරණ මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩල්ජිත් අලුවිහාරේ නඩුව ඉල්ලා අස්කර ගනී