
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව වෙත ජපානයෙන් පත්ල පහත් මෙට්‍රෝ බස් රථ හතක් අද (2) පරිත්‍යාග කළේය.
ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ හතක් පරිත්‍යාග කෙරුණු බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙරටට ප්රදානය කරන ලද නව බස් රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා අතින් සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බස් ගැමුණු ජපානෙට විරුද්ධව CID යනවා බලාගන්න පුළුවන්.
ජපාන රජය මෙම බස් රථ පරිත්‍යාගය මැදමූලන ගොබ්බ ගොට්ටා ජනාධිපතිවරයාවී සිටි කාලයේ යොජනා නොකරපු එක රටෙත් ජනතාවගේත් වාසනාවක් බව පැහැදිලිවම පෙනෙනවා... උන්ගේ කාලයේ රටට ලැබෙන්න තිබුන විදුලි දුම්රිය ව්‍යාපෘතිය, කොමිස් කාක්කන්ගෙ බලපෑම් මත කූණු බක්කියට නොදැම්මේ නම් අපේ රට තව කොපමණ දියුණුද ? ගමනා ගමන පද්ධතිය තව කොපමණ ඉහළ තලයක පවතිනවාද????