
(සුජිත් හේවාජුලිගේ)
මාලිමාව බලයට පත්වීමට පෙර නැගූ අභූත චෝදනා නිසා මැතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාව, විශේෂයෙන් කොළඹ මැද පන්තියේ ජනතාවද ආණ්ඩුවේ ගමන්මග කෙරෙහි පැහැදීමෙන් ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතය තවත් ප්රබල වී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
වත්මන් මාලිමාණ්ඩුව ජයග්රහණය කළ සමුපකාර සමිතිවල බලය ගිලිහුණද එය ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතයෙහි පසුබෑමක් ලෙස තමන් නොදකින බවද ඔහු ප්රකාශ කළේය.
සමූපකාර ඡන්ද පවතින්නේ එහි සාමාජිකයන් අතර බවත් ජනතාව ආණ්ඩුවට බැනීමෙන් තහවුරු වන්නේ ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බවත් ඇමතිවරයා ප්රකාශ කරයි.
මාලිමාව බලයට පත්වීමට පෙර දියත් කළ අභූත චෝදනා නිසා මැතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාව, විශේෂයෙන් කොළඹ මැද පන්තියේ ජනතාවද මේ වන විට ආණ්ඩුවේ ගමන්මග කෙරෙහි පැහැදී ඇති නිසා ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතය තවත් ප්රබල වී ඇති බවද ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපියේ සඳහන් සියල්ල නිවැරදිව මෙතුමා පැවසූ දේ නම් ආයිත් දෙකක් නෑ තාත්තා විතරක් නෙමෙයි පුතත් ජීවත්වන්නේ සිතින් මවා ගත් චිත්රපටි ලෝකයක වගේ...
ආදර බත් කෝදරබත් වේගෙන එනවා...
ඔව් කිසිම ප්රශ්නයක් නැහැ, පළාත් සභා ඡන්දෙ තියමු ආණ්ඩුව උඩින්ම දිනනවා. අපි යසපාලිත නානායක්කාර මහතාගේ චිත්රපටියක් වැනි ලස්සන රටක පොහොසත් ජීවිතයක් ගත කරන මිනිස්සු...
ජනතාව ඔබතුමාගේ දෙමාපියන්ටත් මාර විදිහට ආදරෙයි එහෙනම්.
ඇති යන්තං බනිනව කියන එක හරි තේරෙනව. පිස්සුව චුට්ටක් අඩුයි වගෙ. තියන්නකො චන්දෙ අපි ආදරෙන් සලකන්නම්.