IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න ‘සෑහෙන දුරකට පාලනය කර ඇතැයි’ නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (4) පස්වරුවේ පැවැසීය.

ගින්න නිවීම සඳහා යුද නැව් ද ඇතුළුව නාවික යාත්‍රා 11ක් යොදවා ඇතැයි ද අද (4) රාත්‍රී 9 පමණ වනවිට ගින්න සෑහෙන දුරකට පාලනය කර ඇතැයි ද කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කීය.

ගින්න සැලකිය යුතු ලෙස පාලනය කරගැනීමට සමත්ව ඇති හෙයින් නෞකාව ගැඹුරු මුහුද දෙසට ගෙන යාමට උත්සාහ කරමින් සිටින බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම පරිදි රුසියානු යුද නැව් දෙකක් ද ගින්න නිවීමේ කටයුත්ත සඳහා සහාය දුන් බවත් එම යාත්‍රා දෙක පිටව ගිය බවත් ඔහු කීවේය.

ඊයේ රාත්‍රීය වනවිට ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රා 3ක්, ටග් බෝට්ටු 4ක් යොදවා ඇතැයි ද හෙතෙම කීය.

ටග් බෝට්ටු හතරෙන් දෙකක් හම්බන්තොට වරායේ තිබූ රාවණා සහ වසභ යන ටග් බෝට්ටු බවත් අනෙක් දෙක බොරතෙල් නෞකාව අයත් සමාගම මුදල් ගෙවා ගෙන්වා ගත් විශේෂිත ටග් බෝට්ටු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා තවදුරටත් කීය.

‘නිව් ඩයමන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි.

කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

මෙම නෞකාව බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1,700ක් රැගෙන ගමන් කරමින් තිබී ඇත.

නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් පිලිපීන ජාතිකයකු මරණයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. මෙම ගින්න ඇතිවූයේ බ්‍රහස්පතින්දා, එනම් පෙරේදා ය.

කාර්ය මණ්ඩලයේ ඉතිරි 22 දෙදෙනා (ග්‍රීක ජාතිකයන් පස්දෙනකු-පිලිපීන ජාතිකයන් 17 දෙනකු) මුදා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර සඳහන් කළේය.

සබැඳී - ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි



අදහස් (0)

ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site