
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහයක් ජාවාරමෙන් උපයා ගත් බවට කියන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
39 හැවිරිදි සැකකරු දෙහිවල පදිංචි කරුවෙකි
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියා මුදල් දෙස බලනවා .මේ මුදල් දැන් ගන්නේ කවුද