(අංජුල මහික වීරරත්න)

ලෝක බැංකු ආධාර යටතේ කුඩා වැව් 296 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළු වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් කර ඇතැයි අමාත්‍යංශය කියයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 97 ක්, රත්නපුරයේ වැව් 29 ක්, මන්නාරමේ වැව් 24 ක්, කුරුණෑගලයේ වැව් 19 ක්, මහනුවර හා වවුනියාව දිස්ත්‍රික්ක වල වැව් 15 බැගින් ඇතුළුව දිස්ත්‍රික්ක 18 පුරා මෙම වාරි ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක වේ.