(යොහාන් භාසුර)
කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (22) පැවසීය.
කුකුළු මල් නිෂ්පාදකයන් එම සහනය ජනතාවට නොදුන හොත් කුකුළු මල් ආනයනය කර හෝ පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවත් කුකුළු මල් කිලෝවක් රුපියල් 850 ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා කීය.
සුපිරි වෙළෙඳසැල් කුකුළු මස් අළෙවියෙන් විශාල ලාභයක් ලබන බවත් එම වෙළෙඳසැල්වල ද කුකුළු මස් මිල අඩු කරන ලෙස දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කළ බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.
වෙළෙඳ අමාත්‍යංශයට අනුව කුකුළු මස් කිලෝවක වර්තමාන මිල රුපියල් 1,150 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල් මස් නම් වැඩි වුණාට කමක් නෑ. 2000ට ගියත් කමක් නෑ. මොකද නිරෝගීව ඉන්න මළකුණු ඕනෑ නෑ. අනික කුකුල් මස් කියන්නේ වස. එළවළු කාපල්ලා. පෙරේතකම අඩුකරපල්ලා.
රුපියල් 800කට වැඩිය ගෙවලා කුකුල් මස් මිලදී ගන්න පාරිභෝගිකයින්ගෙන් 70% කට බැහැ. එමනිසා ඔවුන් මිලදී ගන්නේ නැහැ.
ලංකාවේ කුකුළ් මස් සහ සොසේජස් කන්න එපා. පුළුවප් තරම් මාළු කන්න. මිල අඩු කුඩාමාළු සහ වැව් මාළු විශේෂයි...!
මස් මිලදී ගැනීම තවකාලිකව අඩු කරමු. ඉල්ලුම අඩුවෙනකොට මිල පහත වැටෙනවා.
කුකුල් මස් ගණන් ගියාට පස්සේ කමක් නැහැ. නමුත් හරක් මස් මිල අඩුකරන්න ඕනේ...!