
(ඩයනා උදයංගනී සහ ගම්පහ තිලකරත්න දිසානායක)
මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර අද (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මෙම කලපු සංවර්ධනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
මෙම කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බවත් සම්බන්ධීකරණ කමිටුවේදී අණරවණය විය.
එබැවින් මෙම ව්‍යාපෘතියට නිර්දේශ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඉල්ලා සිටි අවස්ථාවේ දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවය.
කලපු ව්‍යාපෘතිය වන අපරාධකුරවකු වී සිටින බැවින් තමන් මෙම නිර්දේශ ලබා නොදෙන බව ද ඇය කීවාය.
මෙහිදී දේවානි ජයතිලක මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුර ඇතිවූ කතාබහ මෙසේය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
මීගමුව කලපුව ශුද්ධ පවිත්‍ර කර ධීවරයන්ට හා රටට අවශ්‍ය ආකාරයෙන් හදන්න ප්‍රමාද වී තිබෙන්නේ වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ප්‍රමාදවීම නිසා බව ධීවර අමාත්‍යාංශය කියනවා.
දේවානි ජයතිලක මහත්මිය
මේ කලපු ව්‍යාපෘතිය වන අපරාධකරුවෙක්. අපට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බැහැ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
රොන් මඩ ඉවත් කරද්දී පසුගිය කාලයේ පොලිතීන් කිලෝ ගණන් ඉවත් කළා. දැන් ඒ ඉවත් කිරීම සම්පූර්ණයෙන් නැවතිලා. ඔබතුමිය අවසර දෙනවාද නැද්ද කියන්න. එහෙනම් ව්‍යාපෘතිය නතර කරන්න කියන්න පුළුවන්. මේ නිසා මිලියන 600ක මුදලක් භාවිතයට නොගෙන තිබෙනවා.
දේවානි ජයතිලක මහත්මිය
කඩොලාන පද්ධතියට හානි වන සේ දමා ඇති පස් ඉවත් කළොත් මම ඒ සැණින් නිර්දේශය ලබාදෙනවා. ගැටලුව තිබෙන්නේ වන අපරාධකරුවෙකුට මට අවසර දෙන්න බැහැ.
මහජන නියෝජිතයෙක්
මීඩියාවලට වචන කියන්න එපා.
දේවානි ජයතිලක මහත්මිය
අපරාධකරුවෙක් ඉන්නවා නම් අපිට නිර්දේශයක් දෙන්න බැහැ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
කඩොලාන පද්ධතියට පස් දැමීම වෙනත් කරුණක්. මීගමුව කලපුවේ පවතින අපද්‍රව්‍ය ඉවත් කොට සංවර්ධනය කිරීම තවත් සංවර්ධන කටයුත්තක්. ඒ නිසා ඔබතුමිය මෙතන වලිගෙ පාගාගෙන කතා කරන්න එපා
දේවානි ජයතිලක මහත්මිය
කාර්යයන් පැවරී තිබෙන්නේ මට නෙවෙයි. ධීවර අමාත්‍යාංශයට හෝ ඒ අදාළ පාර්ශවයටයි. වැරැද්ද කර තිබෙන්නේ ඒ අයයි. ඒ නිසා හැමෝම මට පීඩනයක් එල්ල කිරීම වැරදියි. මෙතනදි වැරදි කළ පාර්ශවයට පීඩනය එල්ල කරන්න. ඒ අයට පස් ඉවත් කරන්න කියන්න. එයාලා අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් මේ වෙද්දිත් ව්‍යාපෘතිය කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ටි්‍රලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා
අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා. මෙහෙම යද්දී තවත් පරිසර හානි සිදුවේවි.
රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
කලපුව පවිත්‍ර කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීමක් අනුව මේ සංවර්ධනය කරන නිසා ප්‍රශ්න පටලවා ගන්න එපා.
ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා
රජයේ ව්‍යාපෘතියක් වනඅපරාධකරුවෙක් ලෙස හඳන්වන්ගේ කොහොමද
රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා
වනයට පරිසරයට, මමත් ආදරෙයි. එය සුරැකීමට කටයුතු කරනවා.
ගම්පහ දිස්ත්‍රික් කමිටු සම සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කලපුව පවිත්‍ර කිරීමට සහ කඩොලාන පස් ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සකච්ඡාවක් කැඳවීමට කටයුතු කරනවා.
COMMENTS
මෙදා පොටෙත් හෙලිකොප්ටරෙන් ඇවිත් එයිද දන්නේ නැහැ.
''මමත් වනයට ආදරෙයි'' ''මමත් ඔක්සිජන් ගැන දන්නවා'' - ඔක්සිජන් කන්නද? කියලා අහපු අයත් ඉන්නවනේ...
දේවානී වගේ අය හින්දා තමයි මේ පරිසරය මෙහෙම හරි තියෙන්නේ. පරිසරය සුරකින ඔබ වගේ අයට බොහොම පින්... අපේ රටේ පාලක හැත්ත ඔක්කෝම කරන්නේ ඡන්දෙ බලාගෙන. එකෙක් මේ පරිසරය ගැන කතා කරනවද නෑ. ඇමති කියන විදිහට ඇනුමැතිය දුන්නා නම් මෙලහකට වැඩේ කරලා ඇමැතියා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන... අයින් කරන්න කියපු පස් ඔතනම තමයි .
රජයේ නිලධාරිනිය සතු නිවහල් හරි දැක්ම ගැන අපේ උපහාරය...
දේවානිට ළඟදීම ගම්පහින් පිටට ස්ථාන මාරුවක්. එහෙම නොව්නොත් මේක සුපිරි රටක්.
කඩොලාන පද්ධතියට පස් පිරවූයේ අද ඊයේ නොවෙයි නේ. ඇයි ඔබ එදා ඔය වන අපරාධකරුවන්ට එදා විරුද්ධ නොවූයේ. එදත් ඔබ විරුද්ධ වූවා නම් ඉතා අගය කළ යුතුයි . එතන විනිවිද භාවය පිළිබඳ ගැටලුව ක් තිබෙන බව නම් පෙනේ.
පරිසරය සුරැකීම උදෙසා නැගෙන, ඔබතුමියගේ අභීත හඬ වෙනුවෙන් අපගේ උපහාරය!
"මාධ්‍ය වලට කතා කරන්න එපා" හිරිකිතයි ඇමැතිතුමා. මේ කතා කරන්නේ දේශපාලකයන්ගෙන් පරිසරය රැකගන්න අභීතව හඬ නගන කාන්තාවක්. මාධ්‍ය මාකටින් කරල මිනිස්සු රවට්ටලා පාර්ලිමේන්තුවට ගිහිල්ල රට කන දේශපාලකයෙක් නෙමෙයි.
සර්ලටම හරියන ගෝලයො ටික..රට බේරගන්න කියල බලයට ආපු අය දැන් හැප්පෙන්නෙ පරිසරය ගැන කතා කරන භාග්‍යා, දේවානි, වගේ අය එක්ක..
හැම ඵකටම දේශපාලකයෝ අත දාල රට විනාශ කරනවා
මෙතුමියගේ උත්සාහය ඉතිහාසගතයි. පිරිමින්ගෙන් කරදරයක් නැතිව බස් එකක වත් යන්ට බැරි රටක සම්පුර්ණ ආරක්ෂාව සමග පැමිණි ඇමතිවරුන්ට බය නැතිව තමන්ගේ මතය ප්‍රකාශ කිරීම ආදර්ශමත්. මෙතුමියගේ සහයට තව නිලදාරී නැත්ද. යල් පැනපු ලංකාවේ පරිසර නීතිය පැහැදිලි කරන්ට කවුරුත් නැත්ද
අප ඇයට කොපමණ සහයෝගය දැක්වුවත් ඇයට මේ සටන වැඩිකාලයක් කරගෙන යන්න ලැබෙන්නෙ නෑ ... මේ ඇමැතිලා එක්ක ... මුන් හොද මූන පෙන්නගෙන ආවට මුන් කරන්නෙම ඔය වගේ කැලෑ පාලු වැඩ ... ලන්කාවෙ ඉන්න බහුතරයකට ඔය කැලෑ ගැන දැනීමක් නෑ... ඉතින් ඉස්සරහට අපිට ලංකාවේ ඉන්න පුලුවන් වෙන එකක් නෑ වතුර ... ඔක්සිජන් වගේ ප්‍රශ්න ගොඩක් ඒවි ... දැන් ඉතින් කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ වෙන රටක පදිංචියට යන එක විතරයි...
මාළුවන් නැතිකළ ධීවරයන් නැතිබව ඔවුන්ට කියාදෙන්න. ඔබතුමිය පරිස්සම් වෙන්න. දූෂිත වාතය තුළ ජීවයක් නැතිබව සමස්ත සමාජයම දැනුවත් වෙන්න. හැකි සැමවිටම පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න. දූෂිත නිලධාරින් වරප්‍රසාද වෙනුවෙන්ද, අමන දේශපාලුවන් ඡන්දය කොමිස් වෙනුවෙන්ද පෙනී සිටියි..
මෙතුමියගෙත් ඇඩ්‍රස් නැතිවෙයි වගේ.. කුඩ්ඩා එක්ක තමයි හැප්පිලා තියෙන්නේ...
ඔය වීඩියෝ එක බැලුවා. නිලධාරීන්ගේ ඉරණම මෙයයි. අන්තිමට කියන්න තියෙන්නේ හොඳට තිබුණු රටක්... රටට වෙච්චි දෙයක්... කට්ටියටම සැපද?
ඔබට සුබපැතුම් දේවානි, ඔබ රටට ආඩම්බරයක්...
පස් ටික අපි ඉවත් කරන්නන් කියලා වැඩේ කරන්න බැරි මැති ඇමතිලා ටිකක්නේ ලංකාවේ් ඉන්නේ. අනික එක එක අමාත්‍යාංශ එ්කට සම්බන්ධීකරණය කරගන්න මේ අයට බැරුව හිතනවා නම් රට සංවර්ධනය කරයි කියලා එහෙම හිතන අය අංගොඩ යවන්න ඕනේ්...
එතුමියගේ වාසනාවට මිරිස්කුඩු තිබ්බේ නැත්තේ...