
ආසියාවේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කඳුකර සංචාරක ගමනාන්ත අතර දෙවන ස්ථානය නුවරඑළියට හිමිවන බව සංචාරක පහසුකම් සපයන ‘අගෝඩා’ නමැති වෙබ් අඩවියක් පවසයි.
‘අගෝඩා’ වෙබ් අඩවිය සිංගප්පූරුව කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවූ ‘අගෝඩා’ නමැති සමාගම විසින් නිර්මාණය කරනු ලැබූවකි. මෙය සංචාරකයන් අතරේ ජනප්‍රිය වෙබ් අඩවියයකි.
මෙම වෙබ් අඩවියට අනුව, කඳුකර සංචාරක ගමනාන්ත අතර ප්‍රථම ස්ථානය ඉන්දියාවේ ෂිම්ලා නගරයට හිමිවී ඇතැයි ද පැවැසෙයි.
බොහෝ විට, ‘පුංචි එංගලන්තය’, ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ මෙම කඳුකර නගරය, එහි සාරවත් තේ වතු, ප්‍රසන්න දේශගුණය සහ යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන් මෙලෙස ඇගයීමට ලක්ව ඇත.
‘අගෝඩා’ වෙබ් අඩවිය, භාෂා 39 කින් ක්‍රියාත්මක වෙයි. පැය 24 පුරා එම වෙබ් අඩවිය සහ සම්බන්ධ වී, ඔන්ලයින් ක්‍රමයට අදාළ සංචාරක ගමනාන්තය අයත් රටේ හෝටල පහසුකම් වෙන් කර ගැනීම කළ හැක.
නුවර එළිය සුවිශේෂී ගමනාන්තයක් බව පෙන්වා දෙන ‘අගෝඩා’ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ සෙසු සංචාරක ගමනාන්ත ලෙස කොළඹ, මීගමුව, මහනුවර, මිරිස්ස, ගාල්ල, ඇල්ල සහ සීගිරිය ද හඳුන්වා දී ඇත.
(ඩේලිමිරර් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd