(ඩයනා උදයංගනී)
ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාව ලැබී කියයි
තමා මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැමිණියේ අගමැතිතුමාගේ නියෝජිතයා විදියට බව ද ඇමතිවරයා සඳහන් කරයි
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
සාගර කාරියවසම් මහතා මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා එහි සදාදර නායක මහින්ද රාජපක්‍ෂ මහතාට යැයි ද ගම්මන්පිල මහතා කීවේය.
ඉතිහාසය පුරා තෙල් මිල වැඩිකළේ මුදල් අමාත්‍යාංශය බව කී ගම්මන්පිල මහතා එය ප්‍රකාශයට පත්කිරීමේ අවදානම් කාර්යය තමා ස්වේච්ඡාවෙන් භාරගත්තේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය නිසා යැයි ද හෙතෙම පැවසීය.
බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ තමා බව ඔප්පු කළ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි තමා සාගර කාරියවසම් මහතාට ආරාධනා කරන බව කී ඇමතිවරයා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පහර ගැසීමට තරම් බලයක් ඔහුට දුන්නේ කවුරුන්ද යන්න සොයාබැලිය යුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා මේ කරන්නේ ප්‍රාඩෝ ගෙන්නලා නැගුණු විරෝධය වහන්න බොරු රඟපෑමක්...
ඇයි මණ්ඩලේ කචල්ද? සර් එක්ක බෑ ඕවා...
පිස්සන් කෑ ගැහුවට දොස්තර බයවෙන්න එපා.. ඕක මුල අමතක වීමේ රෝගයක්... ඉක්මණට එයාට උත්තර ලැබෙයි...
හූවක් ඕනේ ..!!!
නියමයි, මේ නඩය ඇතුලේ කාගෙනම වැනසිලා යන්න ඕනෑ...
ඉතින් මෙවැනි තීන්දු තීරණ සියල්ල ගන්නේ ජනාධිපති නම්, මහජන මුදල් යොදා මෙවැනි ඇමතිවරුන් නඩත්තු කරන්නේ මොන හේතුවකටද..?
ඉන්ධන මිල වැඩිකරන අනුකමිටුවට වීරවංශත් හිටියාලු.. මට මතක් වෙනවා එවකට ආණ්ඩුව සිටියදී එතුමා කියපු කථාවක් " ලෝක වෙළඳ පලේ තෙල් මිල ඉහළ යනකොට ලංකාවෙත් මිල ඉහළ යනවා නම් ලංකාවට ආණ්ඩුවක් මොකටද? අපි ලෝක බැංකුවේ ප්ලග් එක ගලවනවා.". එදා හිටපු වීරවංශ මැතිතුමාමද මේ මිල වැඩිකරන අනුකමිටුවේ ඉඳලා තියෙන්නේ?
මෙහෙම වාර්තාවකුත් පලවෙලා තියෙනවා දැක්ක. " ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ මහ ලේකම් කාරියවසම් මීට පෙර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ද එවැනිම චෝදනා ඉදිරිපත් කර තිබුණි. පොහොට්ටුවේ නායකත්වය ජනාධිපති රාජපක්ෂට දිය යුතු බවට සිංහල භාෂා සති පතා පුවත්පතකට පෙබරවාරි 7 වන දින වීරවංශ කළ අදහස් දැක්වීමක් ඉල්ලා අස් කර ගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග පෙබරවාරි මස මුල සිට වීරවංශ සහ පොහොට්ටුවේ කල්ලි අතර ආතතියක් පැවතුණි. ඔහුගේ එම ප්‍රකාශය, තම සගයාගෙන් සමාව අයැදීමක් සහ ඉල්ලා අස් කර ගැනීමක් ඉල්ලා සිටියි. කාරියවසම්ගේ උදහසට එය හේතු විය. මීට පෙර, පෙබරවාරි 2 වන දින, පොහොට්ටුවේ ලේකම් විසින් වීරවංශ විවේචනය කළේ, දැන් අවලංගු කර ඇති නැගෙනහිර බහාලුම් පර්යන්ත ගනුදෙනුවට තම පක්ෂයේ විරුද්ධත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසායි. ඔහුගේ ක්‍රියා කලාපය පාලක සංධානය තුළ ඇති එකමුතුකමට බාධාවක් බව කාරියවසම් පැවසීය."
මිල වැඩිකලා මදිවට නිකං ආතල් සංදර්ශනත් පෙන්නන සාගර සමග ගම්මන්පිල.
කොරෝනාවෙන් ජනතාව දහදුක් විඳිද්දී, රටම ආර්ථිකව බංකොලොත් වෙද්දී ජනතාවගේ ඇස්වසා කැබිනට් පේපර් එකකින් සන්තර්පනය කිරීමට සුඛෝපභෝගී ජීප් රථ ආනයනය කිරීමට වූ ජනතා විරෝධය වෙනතක යැවීමට ගත් වීදි නාට්‍යයක් මේක... දිනෙන් දින රටේ ආර්ථිකය විනාශ කළ දේශපාලුවන්ට සාප වේවා...!
2021 හොඳම රඟපෑම සඳහා නිර්දේශිත නම්: උදය ගම්මන්පිල මහතා, සාගර කාරියවසම් මහතා. තෙල් මිල චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මාන ලබන්නේ..!!!
හැමදාම ප්‍රායෝගික නොවන දේවල් කිය කියා හිටියා කවට හිනාපාමින්.. දැන් සැබෑ යථාර්ථයට මුහුණ දෙන්නට වෙලා. දැන්වත් තමුන්ගේ අසාර්ථක බව තේරුම් ගෙන ඉල්ලා අස්වෙන්න. තාන්න මාන්න, වරප්‍රසාද, නවීන යානවාහන ආදී පහසුකම් දමා යන්නේ කොහොමද නේද?
තෙල් මිල සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වා ඒකට කැමැති කට්ටියට අත උස්සන්න කිව්වා නම් පෙනේවි කවුද පක්ෂ, කවුද විපක්ෂ කියලා...!!!
ලෝකයේ දියුණු රටවල් ඒ තත්වයට පත් වුනේ ඒ රටවල් වල නායකයන් සහ සෙසු දේශපාලකයන් විසින් කැපවීමෙන් සහ අරපිරිමැස්මෙන් කටයුතු කරලා යම් මට්ටමකට ඒ රටවල් මෙහෙයවපු නිසා. අනේ ඉතින් අපේ රටේ මොන කරුමයකටද මන්දා මොන පක්ෂයෙන් ආවත් මේ රටේ උන් හිතන්නේ සැප වාහන, නිල නිවාස, දීමනා, නිකම් ඉඳන් ගන්න විශ්‍රාම වැටුප්, වරප්‍රසාද, මදිවට හත්මුතු පරම්පරාවකට වස්තුව ධනය ගැන තමයි. දැන් බලන්න මේ ඇමති කිව්වා නේද ඛනිජතෙල් සංස්ථාවේ කෝටි ගාණක් පාඩු නිසා මෙහෙම තෙල් මිල වැඩි කරනවා කියලා. ඉතින් අපිද ඕක පාඩු කළා නම් වැරැදි කාරයින්? නුඹලාම නේද වැරැදිකාරයින්? මේ අපිව හූරන් මරන් කන්නයි හදන්නේ...
කෝ මේ ආණ්ඩුවට කඩේ ගිය අපේ බමුණා? දැන්නම් බමුණාට සැප ඇතිනේ..
තෙල්මිල වැඩි වුණාම ඒකේ බර පැටවෙන්නේ මහජනතාවට මිස දේශපාලුවන්ට නොවෙයි. ඔවුන්ගේ තියෙන වාහන නඩත්තු කරන්නෙත් ජනතාවගේ පිහිටෙන්... හෙනම ගහන්න ඕනේ... පේනවනේ සෞභාග්‍යයේ දැක්ම අපූරුවට පෙන්නලා තියෙන්නේ...
225ටම හෙණ හතම ගහනවා මේවට..!!!
එහෙනම් අර කාරියවසම් කියලා මෝඩයෙක් ගම්මන්පිලට අස්වෙන්න කියලා චූන් වුනේ අපිව රවට්ටන්න වෙන්න ඇති...
කොල්ලෝ ඔයාගේ සැප වාහනේ කලු කොඩිය දාන්නේ නැතෙයි...
තෙල් මිල ඉහළ නැංවූයේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දැනුමෙනි. මේ මුළු කතාවම මාධ්‍ය සංදර්ශනයකි. මෙම මාධ්‍ය සංදර්ශනයේදී ප්‍රධාන නළුවන් වූයේ සාගර කාරියවසම්, මහින්ද රාජපක්ෂ සහ උදය ගම්මන්පිලයි.
මේ ඔල මොට්ටල ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද ජනතාව පත්වෙලා ඉන්න තත්වේ..? ඉන්ධන මිල වැඩිවුණා කියන්නේ අත්‍යාවශ්‍ය ආහාරමිලත් වැඩිවෙනවා කියලා.. කබලෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ තමයි මේ ඉන්ධන මිල වැඩිකළා කියන්නේ.. තවමත් ආහාර මිල උඩ යනවා.
විපක්ෂයේ හිටපු කාලේ තෙල් මිල ඉහළ යාම ගැන ඔය රාජපක්ෂලා කියපු කරපු දේවල්, පටිගත කළ වීඩියෝ පටි කිහිපයක් අපි ළඟ තියෙනවා.
තෙල් මිල ඉහළ යනවා කියන්නේ අනිත් හැම බඩු භාණ්ඩවලත්, ගමනාගමන සහ ප්‍රවාහන මිල ඉහළ යනබවයි.
කොරෝනා වුණත් හරි දුර්වලයි. රටේ අහිංසක මිනිස්සු සැහෙන ගාණක් මරු කටට අරන් ගියා. හැබැයි පාර්ලිමේන්තුවේ 225න් හරි හමන් එකෙක් අරගන්න එයාට බැරි වුණා. ස්වභාවධර්මය වුණත් පොඩි මිනිහට තමයි "ගෙම්බර්" පෙන්වන්නේ. නීතියෙන් වත් සාධාරණයක් නැති මේ රටේ අපේ පිහිටට ඉන්නවා ඇති කියලා හිතුවේ ස්වභාවධර්මය විතරයි.
අයින් වෙන්න කිව්වා නම් අයින් වෙලා යනවා මිසක් මාධ්‍ය සාකච්ඡා තියලා එකඑක බේරා ගන්න තවත් ලැජ්ජා නැතිව කඩේ යනවානේ..!!!
මේ ලියුම ලියන්න කිව්වේ මහින්දද? බැසිල්ද? ගෝඨාද? සාගරට නම් තනියෙන් ඕවගේ දෙයක් කරන්න බැහැ. අන්තිමට වෙන්නේ සාගරට සමාව ගන්න විතරයි..
තමා ස්වේච්ඡාවෙන් බාරගත්තේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා ආරක්‍ෂා කරගැනීමට. මේකට තමයි කියන්නේ ලොන්ඩරි වැඩේ කියලා. ඔතන්ට ගියා නම් ඕක තමයි වැඩ... කෙහෙලියත් කරන්නෙත් ඕකමයි. මෙයා ඇතුළු විමල්, වාසුදේව, කෙහෙළිය, කබ්රාල් සේරම ඔතනට අරන් තියෙන්නේ රාජපක්ෂලාගේ කුණු සෝදන්න.
ඡන්දයක් ළඟ නැද්ද මේවාට උත්තර හොයන්න.
මොන විහිළු ද මේ?
කවුද කළේ කියන එක අපිට නම් අදාළ නැහැ. කරපු වැඩේ ගැනයි අපිට අමාරු... මොකද ඕක පොම්පකරුවා වැඩි කළා කිව්වත් අපිට අවුලක් නෑ.. ඒත් අඩුම තරමේ කිලෝමීටරයට මීටර 800ක් හරි ගැලුම් ක්‍රමයට හරි කිව්වා නම් හිත හදාගන්න තිබුණා. නැතිනම් පරණ ගානට දෙන්නත් තිබුණා. එතකොට හැමෝම බේරුණා...
මේ පවුල රටටම ශාපයක්...!!!
ඔයාලා මෙච්චර රඟපාන්න මහන්සි වෙන්න එපා. අපිට රැවටිලා ඉන්න ඕනෑ දවස් ගණන කියන්න. සතියක දෙකක්ද කියලා. අපි රැවටෙන්නම්. රැවටෙන්න අපි හරි කැමතියි. බඩට බත් ඇටයක් නැතත් බඩගිනි නෑ. රැවටෙන එක නිසා තමයි අපි ජීවතුන් අතර ඉන්නේ...
එන්නත්කරණය පිළිවෙළකට කරගෙන ගිහින් කොරෝනාව ලංකාවෙන් තුරන් කර හෝ පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ කොරෝනා අස්සේ රට වහලා මිනිස්සු ගෙවල්වලට ගාල්කර මාර්ග ඉදිකිරීම වැනි දේවල් කළාම... කොමිස් ගහන්න පුළුවන්... ඒ අතරේ තෙල් මිලත් වැඩි කරනවා... කොරෝනා නීති නිසා ජනතාවට විරෝධය දක්වන්න බැහැ...
ඔබලා කර ඇත්හේ කලයුතු දෙයකි. අපේ ගොයියන්නට හැමදේම නිකන් දෙනවානම් ඉහලින් බාර ගනීවි.
සියලුමදේ සිද්ධවන්නේ හොඳට යයි සිතමු. මේමගින් රටටයි රට වැසියන්ටයි සෙතක් විය හැකිය.
ලෝක තෙල් මිල ගණන් අඩු වූ පසුගිය කාලයේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ගියා නම් මෙසේ තෙල් මිල ගණන් වැඩි කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති. එම ඉදිරිපත් කිරීම ඛනිජ තෙල් සංස්ථාවට ගිය වසරේ ඉදිරිපත් කරන අවස්ථාවේදී තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 36 ක් වැනි අඩු මට්ටමක පැවැති බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා හමුවීමට පණිවුඩ යැවුවද ඒ සඳහා කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔවුහු කියා සිටිති. රජයට හෝ ඛණිජ තෙල් සංස්ථාවට මෙසේ ලෝක තෙල් මිල ගණන් ඓතිහාසික අඩුම මිල ගණන් දක්වා පහත වැටුණු අවස්ථාවලදී එම වාසිය රටට ලබා ගැනීමට කටයුතු කළ හැකිව තිබූ බවද එසේ නොකිරීමේ විපාකවලට අද රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.
ඔය තෙල් මිලේ ප්‍රශ්නයට අපේ වැඩ බැරි විරුවා අල්ලා ගන්න එපා... ඔහුට තෙල් මිල වැඩි කරන්න තබා රූපවාහිනියේ ජාතිය අමතා කතාවක්වක් කරගන්න බැහැ. ඒකත් කරන්නේ ෆ්‍රෙඩී සිල්වා...