IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමැතිනිය බන්ධනාගාර ලොක්කන්ගේ තටු කපයි

බන්ධනාගාරය තුළ පවතින  තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මත වාර්තාවන අතර එම සිද්ධින් සම්බන්ධයෙන්  මාධ්‍ය විමසන කරුණු සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාට හෝ කොමසාරිස්වරයාට ප්‍රකාශ නිකුත් නොකර ලෙස තමා උපදෙස් දී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

 

අද (13) උදෑසන සිට  සිය අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාර වහළය මත නැග විරෝධතාවෙහි නියැලෙන රැදවියන් සම්බන්ධයෙන්  අදහස් ඉදිරිපත් කරමින්  මාධ්‍යට කරුණු දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරමින් අමාත්‍යවරිය මෙලෙස සඳහන් කළාය.

එමෙන්ම මේ මොහොතේ බන්ධනාගාර වහළය උඩ  නැග උද්ඝෝෂණය කරන පිරිස් වහලය උඩ නොව කොහේ නැග උද්ඝෝෂණ කළත් පවතින නීතිමය තත්ත්වය යටතේ සියලු කටයුතු සිදු කෙරන බව සඳහන් කළ අමාත්‍යවරිය  පෙර අවස්ථාවලදි  මෙන් අයිතිවාසිකම් ඉල්ලා කෑගසන පිරිස් නැවැත්වීමට වෙඩි තැබීම් සිදු  නොකරන බවත් අයිතිය ඉල්ලීමට ඔවුන්ට හැකි බවත් සඳහන් කළේය.

බන්ධනාගාර තොරතුරු මාධ්‍යට ලබා දීම සම්බන්ධයෙන්  මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නය සහ ඇමැතිවරියගේ පිළිතුර පහත දැක්වේ

ප්‍රශ්නය -බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමායි කොමසාරිස්තුමායි මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ. ඒ පිළිබදව ඔබතුමිය මොනවා හරි උපදෙස් දීලා තියෙනවා ?

පිළිතුර- දීලා තියෙනවා. මාධ්‍යට කරුණු දක්වනවා නම් මගෙන් හරි අමාත්‍යාංශයේ  ලේකම්තුමියගෙන් හරි ලිඛිත අවසර ගන්න ඕන .මොකද මාධ්‍යට කථා කර කර හදන්න පුළුවන් තැනක් නෙමෙයි නේ බන්ධනාගාරය .අපි බන්ධනාගාරය තුළ යම්කිසි තත්වයක් ඇති වෙලා තියෙන නිසා දැන් වෙන කොට නැවත මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නත් යෝජනා වෙලා තියෙනවා . ඉතිං අපි ක්‍රියාත්මක කරන අතරවාරයේම ඒවා නැවත ඇති නොවන්නත් වග බලා ගන්න එක අපේ වගකීමක්.



අදහස් (2)

ඇමැතිනිය බන්ධනාගාර ලොක්කන්ගේ තටු කපයි

ravi Monday, 13 August 2018 01:42 PM

ඔබතුමියට ජයවේවා !!!.

:       178       393

sarath perth Tuesday, 14 August 2018 02:12 AM

මත් ද්‍රව්‍ය ප්‍රවහනයත් අඩුවෙලාද? බන්ධනාගාර කෙරුමෝ හිරවෙලා වගෙයි.

:       0       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site