IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අලුත් කඩේ උසාවියේ වැඩ යළි අරඹයි

(රෝෂන් තුෂාර)

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේ ආරක්ෂාව තර කරමින් තාවකාලිකව අත්හිටුවා තිබූ නඩු විභාග කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු සලසමින් පවතී.

නඩු කටයුතුවලට පෙනී සිටින පුද්ගලයින් පමණක් අධිකරණ භූමියේ රඳවා තබාගෙන පිටස්තර සියලු  පුද්ගලයින් අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට  ආරක්ෂක නිලධාරීන් කටයුතු සලසමින් පවතී.

පොලිස්පති වරයා අධිකරණ භූමියට පැමිණ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අතර නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළේය.

උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති  අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය ,උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 

ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස්‌ කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියේය.

පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන කටයුතු ඇතුළු සියලු විමර්ශන කටයුතුද සිදු කරමින් පවතී. 



අදහස් (1)

අලුත් කඩේ උසාවියේ වැඩ යළි අරඹයි

රටවැසියෙක් Wednesday, 19 February 2025 12:10 PM

පාතාලෙන් වැටුප් ගන්න අය නැතිවෙනතුරු මේවා අවසන් කරන්න අමාරුයි...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 833 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2477 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site