රෝවන් පෙරේරා
2020 දී දේශපාලනයෙන් සමුගන්නා බව වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණය රජ්‍ය අමාත්‍ය ආණමඩුව ආසන සංවිධායක පාලිත රංගේ බංඩාර මහතා පැවසීය.
ජනතාවට කොපමණ සේවය කළත් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට කතිරය ගැසූ බවත් ජනතාව ඔලුව වෙනස් කරගෙන වෙනසක් නොවන්නේ නම් ජනතාවට සේවය කිරීමෙන් පලක් නොමැති බවත් තමා දේශපාලනයෙන් සමුගන්නා බවත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සැමට සෙවන ගම් උදාව යටතේ 97 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කුරුළුවැව ප්‍රදේශයේ ඉදිවූ රන්සිළුගම ගම්මානය (27) ජන සතු කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.
‘‘මේ දෙවසර ඇතුළත මේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ සැබෑ පරිවර්තනයක් සිදු වෙනවා. ඒක අයහපත් පැත්තට නෙමෙයි ඔබට ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් ඇති කරන විදියේ යහපත් පරිවර්තනයක්.
මේ ආනමඩුවේ සංවිධායකවරයා විදිහට ආණමඩුවේ ජනතාව භුක්ති විඳින්නට සලස්වන රංග බණ්ඩාර කැප වෙනවා ඉන්නවා කියන එක විශ්වාසය තියාගෙන ඉදිරියට වැඩ කටයුතු කරන්න හැබැයි මේ විදුලි ඔක්කොම දුන්නත්. පාලම් ගණනාවක් ගැහුවත්. ගම්මාන මෙච්චර හැදුවත්. මැතිවරණ එනකොට ආනමඩුව මිනිස්සු ස්තූතියි කියලා ගහන්නේ අපට විරුද්ධව කතිරය.
වැඩියෙන්ම වැඩ කරනවා මේකේ හැබැයි අඩුවෙන්ම ඡන්ද හම්බෙන ආසනේ හැත්තෑ හතේ මුළු ආසන අටට බහිනකොට මේක ගියේ අතට එදා කතිර ගැයුවේ වැඩ කරල නෙමෙයි පාන් පිටි ටිකට ගිහින් කෙළිය අප්පලා අනිත් පැත්තට.
මේ කාල පරිදි පරිච්ඡේදය තුළ පූර්ණ වෙනසක් කරන්න මෙහෙම වැඩ කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ හැබැයි ප්‍රාදේශීය සභා මැතිවරණය එනකොට ගිහිල්ලා ගැහැව්වා පොහොට්ටුවට.
අපි දුන්න දුන්න ගේ ඉඳගෙන අප දුන්න සිමෙන්ති කොට්ටෙන් බදාම දාගෙන කපරාදුව දාගෙන ගිහිල්ලා ගහනවා පොහොට්ටුවට. අපි දෙන පානීය යෝජනා ජල යෝජනා ක්‍රමයෙන් උදේට වතුර එක බීලා වීදුරුව තියල ගිහිල්ල කතිරේ ගහන්නේ පොහොට්ටුව.
මේක පුදුම ආසනයක් මං දන්නෑ මේක කොහොම වෙනස් කරන්න ද කියලා කොච්චර කළත් වැඩේ අරගෙන ඉවර වෙලා ස්තුතියි කියලා අනිත් පැත්තට හැරිලා ගිහිල්ලා කතිරේ ගහන්නේ අපට විරුද්ධ පැත්තට. අනේ අප්පේ මේකත් වෙනස් කර ගන්න.
පාරවල් ටික හදනවා නම් ලයිට් ටික දීලා තියෙනවා නම්. බොන වතුර ටික දීලා තියෙනවා නම්. වැවට වතුර ටික ගේනවා නම්. ඉඩම් ටික සංවර්ධනය කරනවා නම්. ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ කරනවා නම්. විශ්වවිද්‍යාල ගේනවනම් . කාර්මික විද්‍යාල ගේනවනම්. පොළවල් හදනවනම්. ගම්මාන මෙච්චර හදනවනම්. මේ සියල්ල හදන කොට ඇයි යකෝ ඔලුව වෙනස් කරගන් නැත්තේ.
ඒක වෙනස් කර ගන්නැතුව ගිහිල්ලා පොහොට්ටුවට හරි මොකේට ගහනවා. වැඩ කරන්නේ මෙතන පච කෙලින්නේ අතන වැඩකරන තැනට කතිරේ ගහන්නේ නෑ පච කෙලින තැනට කතිරය ගහනවා.
මම හිතා ගත්තා 2020 වෙන කොටවත් මේකේ පරිවර්තනයක් වෙන්නේ නැත්නම් එතනින් එහාට තව වැඩ කරන්න මහන්සි වෙලා වැඩක් නැහැ.විශ්‍රාමයක් අරගෙන ගෙදරට වෙලා ඉන්නවා කියලා.
කෙළෙහි ගුණයක් නැත්නම් වැඩ කරලා මොනවා කරන්නද කෙරෙන්නේ යූ ඇන් පියෙන් කතිරය ගහන්නේ මගේ අප්පලා ගිහිල්ලා අනික් පැත්තට.
ඉතින් මොකද කරන්නෙ දැන් මේක එපා නම් අපිත් මේක අත අරින්නම් 2020 වෙනකම් උපරිම වැඩ කරලා බලන්නම් එතනින් එහාටත් මගේ අප්පලා කතිරේ ගහන්නෙ අනිත් පැත්තට නම් උඹලා කෙලෝ ගනිල්ලා මම නිකං ඉන්නවා‘‘
COMMENTS
බූරුවා වුණත් පුත්තලමට ප්‍රසිද්ධයි.. වොඩ්කා වුනත් වතුරවලට ප්‍රසිද්ධයි.... කිව්වලු..
පුදුමයි ඒත් ඇත්තයි... මේවා කතාවට විතරයි, ක්‍රියාවෙන් නම් අන්තිමයි.
අදම දේශපාලනයෙන් සමුගන්න බැරිද අපිට පව් දෙන්නේ නැතුව...
එතකම් රට කනවද?
කොච්චර මෝඩ කතාවක්ද? මෙයා කියන විදියට මේවා හදන්නේ එයාගේ සල්ලිවලින්. මෙතුමා දන්නේ නෑ මේවා ඔක්කොම කරන්නේ ජනතාවගේ බදු මුදල් වලින් කියලා. මෙතුමයි, මෙතුමාගේ පවුලයි නඩත්තු වෙන්නේත් ජනතාවගේ බදුමුදල් වලින්... ජනතාව මෙයාට ඡන්දෙ දීලා පත් කරගෙන තියෙන්නේ නිකන් කාලබීලා ඉන්න නෙවෙයි. රටට වැඩ කරන්න. ජනතාව වහල්ලු වෙනකන් මේ අය මේවගේ කතා කියනවා. දියුණු රටක ඇමති කෙනෙක් මේවගේ දෙයක් කිව්ව නම් එවෙලේම ගෙදර යන්න වෙනවා.
පිං සිදුවෙයි ගරු ඇමතිතුමනි. දේශපාලනය කියන්නේ ගෙයක් හැදීමවත්, පාරක් හැදීමවත් නොවන බව තේරුම් ගත යුතුය. ඔබලාට වැරදුණු තැනත් එතැනයි.
සියලුම පක්ෂවල ඉන්න පරණ උන්දැලා මේ විදිහට හිතලා 2020දී අයින් වෙනවා නම් රටට හොඳ කලක් යාවි.
පුතාව එවන්නද යන්නේ?
ඇයි ඔබතුමාගේ පුතා ඉන්නේ නම ඉදිරියට ගෙනියන්න එක්ක...!!!
2020 වෙනකල් වැඩි නැද්ද?
දැන් ජනතාව දන්නවා එයාලා ගෙවන ටැක්ස් එකෙන් තමයි නැවත ජනතාවට ප්‍රතිලාභ නැවත රජයෙන් දෙන්නේ කියලා. එනිසා මේවගේ ප්‍රකාශ කිරීම නිසා තවත් ඔබලාගෙන් ඡන්ද දායකයෝ ඈත්වෙනවා.
රට ආපස්සට අරන් යන්න නොහැකියාවෙන් පෙළෙන කණ්ඩායමෙන් ඉවත්වෙන එක පිනක්... රටට ලොකු සේවයක්... ඉවත්කළ යුතු තව සිය ගණනක් ඔය පිරිසේ සිටිති.
යන්න කලින් කොච්චර වැඩ තියෙනවද? ආණ්ඩුවෙන් පොලී රහිතව ණයක් අරන් ඊළඟ ඩියුටි ෆ්‍රී වාහනෙත් අරන් ඒක හොඳ ගානකට විකුණලා අර ණයත් ගෙවලා පරම්පරා ගාණකට හොඳ සල්ලි මල්ලකුත් අතේ තියාගෙන දේශපාලනෙන් බැරිනම් ඕනෙ කෙහෙල්මලකින් වුණත් සමුගන්න බැරිද කෝටිපතියෙක් වෙලා? මේක තමයි ශ්‍රී ලංකික පාර්ලිමේන්තු සම්ප්‍රදාය...
එසේම වේවා..! සමුගත්තත් අපෙන් දොසක් නෑ ආයුබෝවන්...!!! ඒක රටට කරන සෙතක්
සමුගන්න වෙන්නේ නැහැ. ගමේ කට්ටිය බලාගෙන ඉන්නවා ඡන්දෙ එන්නේ කවද්ද කියලා සමුදෙන්න.
මේ කතාවේ තියෙන භාෂාවෙන්ද? ඇත්තටම ඡන්ද දායකයන්ට කතාකළේ... හරි ශෝක්. ඔන්න පේනවා ඇයි අනික් පැත්තට කතිරේ ගහන්නේ කියලා.
මලපෙරේතකම 2020 ඉවරද? සෙනසුරු තමයි ඔබලාට පිහිටන්නේ... රටවැසියන්ට ඉතින් හොද කලක් ලැබෙයි. සිකුරු ලබනවා 2020...දී
බලං යද්දි මෙහේ නෙමේ ඉන්න ඕනෙ දිව්‍යලෝකෙ නේ... අනේ කෑවනං බිව්වනං පැත්තකට වෙලා ඉන්න. කොහොමත් 2020 ගෙදර තමයි..
2020 වෙනකල් රට කන්නද බලාගෙන ඉන්නේ...
වොඩ්ක බෝතලේ වුණත් තිබුනේ වතුරම නේ. බූරුවා වුනත් ප්‍රසිද්ධ වුනේ පුත්තලමේ. රැඟුවත් උපාසක ලෙස වස්ත්‍රයේ බේරෙන්නේ..
මෙතුමා විතරක් නෙමෙයි. මෙලෝ රහක් නැති මහබැංකුවේ සල්ලි ටික හොරාකපු රටට වගේම අහිංසක ජනතාවට මෙලෝ වැඩක් නැති මෙතුමාගේ නායක තුමාවත් අපි 2020 ගෙදරම අරිනවා.
මම දේශපාලනයෙන් සමුගන්න තමයි හිටියේ මිනිස්සු ටිකක් දම්මලා උද්ඝෝෂණ ටිකක් කරලා කියයි මන් දේශපාලනයෙන් සමුගන්නවට මිනිස්සු කැමැති නැහැ කියලා... ඇට නැති දිවනේ..
ඊට පස්සේ පුතාට කන්න දෙන්න පුළුවන්...
රටට කරන ලොකු සේවයක්... අපි බලාගෙන ඉන්නේ ඉතුරු මදාවියෝ සහ කරුමක්කාරයෝ ටික කවද්ද රට කන එකෙන් අයින් වෙන්නේ කියලා...
එදා වගේ මිනිස්සු දැන් මෝඩ වෙන්නේ නැහැනේ. එ් නිසා යන එක ලොකු දෙයක්...
මම ලස්සන ගොක්කොළ සැරසිල්ලක් දමන්නම් ...
නැවත දකින්න නොලැබෙනවා නම් කොපමණ හොඳද?
2020 වෙනකොට අප්පලා පුතාලා ආණමඩුවක් රටට ඉතිරිකලා තියයිද?
මේ වගේ අයට මෙහෙම කතා කියකිය ඉන්න පුළුවන් ලංකාවේ නිසා විතරයි. නැත්නම් මේ අය හිරේ...
ඇයි 2020 වෙන කල් ඉන්නේ අප්පා...? කාලෝ අයන්තේ !
බොහොම ස්තුතියි ඕක 2020 ට කලින් කරන්න බැරිද? යන්න කලින් වොඩ්කා බෝතලේට වතුර දාල බොන්න හොඳේ මතක ඇතුව!!
අනේ ප්ලීස් දැන්ම යන්න. අස්වෙනවා කියලා අගමැතිතුමාට ලියුමකුත් දීලා ආපහු ඇමති පට්ටම ගත්තා. ඒ නිසා ඔයාගේ කාලය ඉවරයි. ඔය 2020 කතා අහන්න කොන්ඩෙ බැඳපු චීන්නුවත් දැන් නැහැ.
රටට, ජාතියට අතිවිශල පාඩුවක්,...
2020දී... 'ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා අායේත් දේශපාලන කරනවා..'
යන්න කලින් අර මනුස්සයාගේ නිවස හදල දෙන්න. පුතා අතින් වූ අනිත් අනතුරෙන් මැරුණු අහිංසක බයිසිකල් කරුගේ යැපෙන්නන්ට සහනයක් කරන්න.
පක්ශයේ අනන්‍යතාවයේ ලකුණක් නැතිවෙයි. රටට විශාල පාඩුවක්. වොඩ්කා වතුර කරන රසායනික විද්වතා.
සමුගත්තට කමක් නෑ. මම නම් කියන්නේ නිකන් ජොලියට වගේ ආයි ඉල්ලලා බලන්න. ජනතාව ඔබට කොපමණ සලකළාද කියලා. ඔයා ඒක දන්න නිසා සද්දේ නැතිවම මාරු වෙන්නද කල්පනාව...?
අනේ යන්න එපා. ඉඳහිට හරි විහිළුවක් වත් කරන්න ඉන්න අය. වොඩ්කා බෝතලේ කතාවට අපට තාමත් හිනා.
තව මොනවාද කන්න ඉතුරුවෙලා තියෙන්නේ? 2020 වෙනකම්ම ඉන්නයි හදන්නේ. ආනමඩුව කාලා රටත් කන්න වෙන්න ඇති හිතන් ඉන්නේ...
හරි විදිහට නම්, වැදගත් කෙනෙක් නම් පුතා දාපු කේස් එක වෙලාවෙම වැරැද්ද පිළිඅරන් අස්වෙන්න ඕනේ... කොහොම වුණත් රටට කිසිම වැඩක් නැති ඇමැතිවරු...
අයින් වෙන්න ඕනේ නෑ.. ඔයා කොහොමත් විසි වෙනවා....
මිනි පෙට්ටිය මගේ ගානෙන්.
ඔබතුමාගේ සල්ලි වලින්ද ඔවා හැදුවේ.......